උපසිරැසි බාගත කිරීම් 2000 ක්


අප විසින් එක් උපසිරැසියක් නිකුත් කර මාසයක් ගත වන අවස්ථාවේ එම උපසිරැසිය 2000ක් ඉක්මවා ඩවුන්ලොඩ් කරගැනිම් සිදුකර ඇත.මෙම චිත්‍රපටය වන්නේ Sherlock Holmes 2: A Game of Shadows [2011]චිත්‍රපටයයි.ලංකාවේ උපසිරැසි කලාවේ සැබෑ වෙනසක් කල අප නිරන්තරයෙන්ම ඔබගේ ආදරය ගෞරවය දිනා ගැනිමේ රහස වන්නේ නිරන්තරයෙන් අප ඔබට සමිප වන බැවිනි.ලංකාවේ ප්‍රථම වතාවට අපට අවශ්‍ය චිත්‍රපට නොව ඔබට අවශ්‍ය චිත්‍රපට අප උපසිරැසි සමඟින් ගෙන ආවෙමු.සෑම ඩවුන්ලොඩ් කිරිමක් හා කමෙන්ට් එකක් ගැන වගකිමක් අපට දැරිය හැක.මන්ද ඒවා සැබැවින්ම බාගත කල ඒවා විනා වංචනික ලෙස මවාපෑමක් කල ඒවා නොවන බැවිනි. හැම උපසිරැසියක් සඳහාම මේ සා විශාල පිරිසක් මෙය ලබාගත්තා යැයි අප බොරු පුරාජේරු නොකියන බැවිනි.අප වෙබ් අඩවියේ බාගත කිරීම් සියල්ලම සැම සමාජිකයෙකුටම පෙන ලෙස අප දක්වා ඇත.විටෙක රෙජිස්ටර් වීමේදී යම්කිසි පොඩි අපහසුතාවයන් වුවද එම ක්‍රියාවලිය නිසා කමෙන්ට් දැමු හා උපසිරැසි ගනු ලැබු සියලුම අයගේ පිරිසිදු දත්ත පිටපත් අප සතුව පවතී. සෑම උපසිරැසියක් සම්බන්ධවම පැහැදිලි දත්ත අප සතුව පවතින අතර,කිසි විටෙකත් වංචනික දත්ත ලබා දීමක් අප වෙබ් අඩවියෙන් නම් සිදු නොවේ.ඒ පිළිබද අප සතුව පැහැදිලි සාක්ෂි පවතී.

තවත් කාරණාවක් මේ වෙලාවේ මතක් කිරිමට කැමතියි.හැමදාම පලවෙනියා වි සිටිමට නොහැකිය.අලුත් දෙවල් කිරිමට වෙනසක් කිරිමට උත්සහා කල යුතුය.නැතිනම් පලමු ස්ථානය අහිමි වි යාමට හැකිය.අප වෙබ් අඩවිය කිසිදු වෙබ් අඩවියකට කිසිදු ආකාරයේ විවේචනයක් කිසිවිටෙකත් එල්ල නොකලෙමු.නමුත් අපේ නිහඬතාවය අයුතු අයුරින් ප්‍රයෝජනයට ගැනිම නිසා, මෙසේ කනගාටුවෙන් වුවද සටහන් තැබීමට සිදුවිය. සාමන්‍යයෙන් අප උපසිරැසියක් නිකුත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ coming-up next තීරුවේ ඔබ දැනුවත් කරන්නෙමු.ඒ අප වෙනත් වෙබ් අඩවියකින් ඒ උපසිරැසිය නිකුත් කරයිදෝ බියක් නැති නිසාවෙනි.කුමන වෙබ් අඩවියකින් ලබා දුන්නද ප්‍රේකෂකයින් නිරන්තරයෙන් ලබාගැනීමට පෙළඹෙන්නේ කුණුහරුප, බොරු කමෙන්ට් නැති හොඳ දේ පමණි.එනිසා මින් ඉදිරියටත් අප ඉදිරියේදී දෙනු ලබන උපසිරැසි ගැන එහි නොබියව සඳහන් කරන්නෙමු. එනමුත්,වර්තමානයේ ඇතැම් තැන්හි සිදුවන
නින්දිත ක්‍රියාවලියක් වන්නේ, අප කලින් සඳහන් තීරුවේ දක්වන උපසිරැසි, තම ඊළඟ ලැයිස්තුවේ නොතිබුණද, අප එයට එක්කල විගසින් ඔවුන් එම චිත්‍රපටවල උපසිරැසි තම අඩවියට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව (ඊලඟ ලැයිස්තුවේ නම් ඇතුළත් කිරීමකින් තොරව පවා) එක්කිරීමයි. එවන් වූ නිවට ක්‍රියාවන් දහසක් මැද,අප මේ ක්‍රියාව කරගෙන යන්නේ හුදෙක් ඔබගේ රසාස්වාදය වෙනුවෙන් බව මෙහි සඳහන් කිරීමට කැමතිය.

අප කිසිවිටෙකත් නිවට ලෙස උපසිරැසි ගන්වන්නන් තම පාර්ශවයට බලෙන් අද්දා ගත්තේ නැත.දැනට අප සමඟ එක්ව සිටින අපේ කණ්ඩායම අප හා එක් වූයේ ඔවුන්ගේම ස්වකීය කැමැත්තෙන් විනා,නිවට ලෙස බලෙන් ගැති කර ගැනීමකින් නොවේ.දැනට අන්තර්ජාලයේ හොඳම සිංහල උපසිරැසි ගැන්වීමේ කණ්ඩායම අප සතුව සිටීම සමහර උපසිරැසි කණ්ඩායම් තැති ගැන්වීමට හේතුවක් වී ඇති බව සුලභව දක්නට ලැබෙන කරුණකි.(තනි පුද්ගලයින්ගෙන් අප අඩවියට සහයෝගයක් මිස කිසිවිටෙකත්
නිවට ක්‍රියා කිසිවක් සිදු නොවූ බව මෙහිලා සඳහන් කල යුතුමය.)නමුත් යම් කණ්ඩායමක් අපගේ උපසිරැසි කණ්ඩායමේ ශක්තිය දැක තැතිගැනීම සැබැවින්ම අප කණ්ඩායමට සතුටට කාරණයක් මෙන්ම අපගේ කණ්ඩායමේ ශක්තිය වැඩිදියුණු වීමට කාරණයක්ම වන්නේය.
තවත් කාරණාවක් වන්නේ උපසිරැසි ගන්වන කාණ්ඩායමේ කාන්තා නියෝජනය සහිත එකම උපසිරැසි කණ්ඩායම සිටින්නේද අප වෙබ් අඩවිය තුල විම විශේෂත්වයකි.

ඔවුන් කාර්යබහුල ජීවිතය අතර මේ කාර්යය කරගෙන යන බැවින්,විටෙක යම් ප්‍රමාදවීම් ද සිදුනොවූවා නොවේ.ඒ පිළිබද අප කණගාටු වෙමු.නමුත් අප ඔබගේ බලාපොරොත්තු කිසි විටෙකත් කඩකිරීමක් සිදු නොකලෙමු.අප ගැන විශ්වාසය තබන විශාල පිරිස වෙනුවෙන්, අපි දෙනවා යැයි සඳහන් කලොත් අනිවාර්යයෙන් එය ඔබ වෙත ගෙන එන්නෙමු.

තවත් එක් කරුණක් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු.

ලංකාවේ පලමු වතාවට සිංහල යුනිකේත idx උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් කලේ අපියි.ලංකාවේ පලමු වතාවට උපසිරැසි කණ්ඩායම් හැගිම් දැනෙන ලෙස උපසිරැසි නිකුත් කලේ අපිය. තනිව වැඩ කරනවාට වඩා කණ්ඩායමක් එක්ව වැඩ කලොත් සියල්ල ජයගත හැකි බව ජාතක කතාවල පවා දැක්වේ.නමුත් අප ගෙන ආ මේ කණ්ඩායම් සංකල්පය පවා වෙනත් වෙබ් අඩවි කොපිකර වර්තමානයේදී අනුගමනය කරන ආකාරය අපට දැනගන්නට ලැබුණි.හොඳ දේවල් මේ ලෙස අපෙන් උපුටා ගැනීම අපට සැබැවින්ම සතුටුදායක කරුණකි.

අප අඩවියේ උපසිරැසි ලබාගන්නා ප්‍රේක්ෂකයාට පමණක් නොව, උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයින්ගේ තත්වය ගැනද අප නිරන්තරයෙන් සොයා බලන්නෙමු.අප විසින් නිකුත් කරන සෑම උපසිරැසියක්ම නිකුත් කරන්නේ ඊට අදාල චිත්‍රපටය හා සසඳා බැලීමකින් අනතුරුවය.දැනට වෙබ් අඩවියේ නිකුත් කර ඇති චිත්‍රපට සියල්ල අදටත් මා සතුව පවතී.සැබැවින්ම උපසිරැසිය ලැබුණු සැනින් එහි යම් තැනෙක නම සඳහන් කර, අන්තර්ජාලයේ ඇති බැනර් එකක් සමඟ දැමීමට අපට හැකිවූවත්, අප එසේ නොකලේ මේ සා කැපකිරීමකින් මේ ක්‍රියාව කල තැනැත්තා අගය කළයුතු බැවිනි.ඔවුන් වෙනුවෙන්ම බැනර් නිර්මාණය කොට අප ඔබට උපසිරැසිය නිකුත් කරන බැවින් විටෙක උපසිරැසිය ලැබුණද යම් සුළු ප්‍රමාදවීම් සිදුවිය.ඒ පිලිබඳ අප කණගාටු වෙමු.

තවත් නව සංකල්පයක් ගෙන ඒමට අප දැන් සූදානමින් සිටී.එය හෙට සිට ඔබට බලාගැනිමට පුලුවනි.කැමතිනම් එම සංකල්පයද උපුටා ගැනීමට අපගේ අනුගාමිකයින්ට ඉඩ ප්‍රස්ථාව තිබේ.ඒ ගැන අපගේ අහිතක් නැත.

ලංකාවේ එදත් අදත් හෙටත් හොදම සිංහල උපසිරැසි කණ්ඩායම සිටින හා සිංහල උපසිරැසි වෙබ් අඩවිය.


Administrator zoom.lk - HEDZ
Powered by Blogger.