The Messengers (2007) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ චිත්‍රපටය 2007 නිකුත්වුවක් වුනත්, ඊයේ පෙරේද තමයි BluRay පිටපතක් නිකුත්වුනේ. මම හිතන්නේ නෑ මේ චිත්‍රපටය හුඟ දෙනෙක් බලල ඇති කියල. විශේෂයෙන්ම Twilight චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වන Kristen Stewart ට ප්‍රිය කරන අයට මෙය හොඳ චිත්‍රපටයක් වෙයි. මොකද ඇය තමයි මෙම චිත්‍රපටයෙත් ප්‍රධාන නිළියගේ චරිතය නිරුපනය කරන්නේ. පවුලේ සැමට බලන්න පුළුවන් පවුලේ කතාවක් නිසයි මෙයට උපසිරසි යොදන්න හිතුවේ.
කතාව වෙන්නේ ඇමරිකාවේ චිකාගෝ හි පදිංචිව සිටි පවුලක් ග්‍රාමීය පළාතකට පැමිණෙනවා ගොවිපලක් කිරීම සඳහා. නමුත් ඔවුන් පැමිණෙන ගොවිපලේ මීට පෙර ජීවත්වුණු පවුලට යම් යම් දේවල් සිදුවෙලා තියෙනවා. ඒ හේතුව මත තමයි ඔවුන් මේ ගොවිපල ඇතුළු නිවාස හැර දමා ගොස් සිටින්නේ. නමුත් ඒ නිවසට පැමිණෙන මෙම අලුත් පවුලටත් යම් යම් අත්භූත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ටිකක් හොල්මන් කතාවක් වුනාට මේක බලන්න පැකිලෙන්න එපා. කතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 3 ක පමණ පුංචි පිරිමි දරුවෙකු වටායි. ඒ නිසා පවුලේ සැමට නරබන්න හැකි චිත්‍රපටයක්.
එහෙනම් නැවත අපේ සෑම දිනකම සිංහල උපසිරසියක් දීමේ වැඩ කටයුත්තත් සමඟ අලුත් චිත්‍රපටයක් සමඟ ඉක්මනින් හමුවෙමු. විශේෂයෙන් මේ මාසය ඇතුලත ඉතා හොඳ සහ ජනප්‍රිය චිත්‍රපටි රැසකට සිංහල උපසිරසි දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා හැමදාම මේ පැත්තේ ඇවිල්ල යන්න අමතක කරන්න එපා.

"පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි"

3 comments:

  1. නියමයි සහෝ ස්තූතියි

    පුළුවන් නම් (500)Days of Summer(2009)
    [http://www.imdb.com/title/tt1022603/]

    මේ ෆිල්ම් එකේ සිංහල සබ් දෙන්න පුළුවන් ද........?

    ReplyDelete
  2. @ ලිලංක රවිනාත් සහෝ එ ෆිල්ම් එක පට්ට ද ??

    ReplyDelete
  3. ෆිල්ම් ඒක ලස්සන ආදර කතාවක් නේද ? බලමු අපි උත්සහ කරලා බලන්නම් උපසිරසි දෙන්න. ස්තූතියි අදහස් වලට. කමෙන්ට් කරනවිට හැකිතාත් Anonymous භාවිතා නොකර තම අනුවර්ත නාමය හරි නම හරි භාවිතා කරන්න කියල ඉල්ලනවා

    ReplyDelete

Powered by Blogger.