A Thousand Words (2012) සිංහල උපශීර්ෂ සමඟ


ජීවිතවල නිතරම පාහේ තියෙන කාර්යබහුල බව, මුදල් හෙවීමේ වුවමනාව නිසා අපිට ජීවිතේ කොයිතරම් දේවල් නම් අහිමි වෙනවද වෙලාවකට.යාළුවො, ආදරේ කරන අය,මේ වගේ තව ගොඩක් දේවල්. ඔයාටත් එහෙම දේකට මූණදෙන්න වෙලා තියෙනවද? කතාවක් තියෙනවනෙ දෙයක් ලබාගන්න නම් දෙයක් අහිමි කරගන්න වෙනවා කියල. අන්න එතනින් තමයි මං මේ කතාව ගැන කියන්න පටන්ගන්නෙ.

 මේ කතාවෙ එන ප්‍රධාන චරිතය ජැක් (ඇත්ත නම එඩී මර්ෆි) කියන්නෙත් මං අර කලින් කිව්වා වගේ ගොඩාක් කාර්යබහුල, සල්ලි පස්සෙම යන කෙනෙක්.කොටින්ම සල්ලි හොයන්න ගියාම මෙයාට තමන්ගෙ පවුලෙ අයත් අමතක වෙනව.ඔය අතරෙ මෙයා වැඩකරන සමාගමට අපූරු වැඩකට අතගහන්න වෙනවා.ඒ තමයි භාවනානුයෝගී 'ගුරු' කෙනෙක් ලියපු පොතක් මෙයා වැඩකරන සමාගම අනුග්‍රහයෙන් ප්‍රකාශයට පත්කරන්න ලැබීම.මේ 'ගුරු' කියන පුද්ගලයා ලෝකෙ හුඟක් ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාමයි මෙයාලා මේ වැඩේට අතගහන්නෙ.වැඩි වාසි ලබාගන්න අදහසින්. ජැක් සාමාන්‍යයෙන් වැඩ කරද්දි හුඟක් නරක විදියට වචන පාවිච්චි කරන කෙනෙක්.නමුත් තමන්ට මේ 'ගුරු'ගේ පොත සම්බන්ධව වැඩ කරන්න යද්දි ඔහුට ජීවිතේ කෙනෙක්ට වෙලා නැති අමුතුම සිද්ධි කීපයකට මූණපාන්න වෙනවා.'ගුරු'ව මුණගැහෙන්න ගිය දවසෙ ජැක් වැරදිලා හැප්පෙනවා එක ගහක.මේ ගහ, ගුරුගේ පොත(ඒකත් පුදුම පොතක්,බලන්නකො) ජැක්ගෙ ජීවිතේට පුදුමාකාර විදියෙ බලපෑමක් කරන්නෙ.සිනහව, දුක, ආදරය,ජීවිතේ ගැන මනා අවබෝධයක් මේ කතාවෙන් ලබා දෙනවා.ඇත්තටම මේක බැලුවම ඊලඟට ඔයා තමන් දිහාවටම හැරිල බලයි, අනේ මමත් මෙහෙමද කියල.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ sihina_lahiru විසිනි



3 comments:

  1. ගොඩක් ස්තූතියි මචෝ.
    මේ වගේ ෆිල්ම් එකක් සිංහල උපසිරැසි එක්ක ලබාදුන්නට ගොඩක් ස්තූතියි.
    ඉක්මනින්ම තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න.
    ජයවේවා!

    ReplyDelete
  2. niyamai.mekata sub dei kiyalanam hithuwema na. niyamai.

    ReplyDelete
  3. සුපිරි පුලුවන් නම් Grimm tv series එකේ ටිකත් හදන්න

    ReplyDelete

Powered by Blogger.