Ekk Deewana Tha (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ආදරේ කියන්නේ ඉබේම ඇති වෙන එකක් කිව්වොත් කවුරුත් පිළිගනිවි.ක්ලාස් එකකදි ඔෆිස් එකේදි නැත්නම් ගෙවල් ලග හරි පාරේදි යනකොට හරි අනිත් ගැණු ළමයි කොච්චර දැක්කත් එක විශේෂ කෙනෙක් දකින්න පුලුවන්.එයාව දැක්කම එක පාරක් නෙමෙයි දහස්පාරක් එයාගේ දිහා බලාගෙන ඉන්න හිතෙනවා.අනේ මන්දා අනිත් හැමෝටම වඩා එයා ගැන මගේ හිතේ මොකක් හරි..ඔව් මට එයා ගැන ආදරයක් ඇති වෙලා.එත් කොහොමද මම ඒක එයාට කියාගන්නේ..එයාට කෙනෙක් ඉන්නවද දන්නේ නෑ...නැ වෙන්න බෑ.එයාගේ විස්තර ටිකක් කොහොම හරි හොයාගන්නවා. ප්‍රශ්නයක්! එයා මට වඩා වැඩිමල් කෙනෙක්.කමක් නෑ ආදරය කරද්දි ආගම් බේද වයස් බේද නෑ නේ.කොහොම හරි හයිය කරන් ගිහින් ගැහැණු ළමයගෙන් මම ඇහුවා.''ඔයාට මම ආදරේ කරනවා''.........එයා ගෙන් උත්තරේ කැමති නෑ කියලා.කමක් නෑ කෙල්ලෝ කොහොමත් මුලින්ම කැමැත්ත කියන්නේ නෑ නේ.ඒක මම දන්නවා.ඒක නිසා එහෙම වෙන්න ඇති.මට කොහොමත් බෑ එයාව අමතක කරන්න.එයාට ආදරේ කරන එක නවත්තන්න.කමක් නෑ ටිකක් එයාට හිතන්න කල් දෙමු..ආපහු දවසක මම අහනවා.එයා මට කැමති වේවි.මම එයා යන හැම තැනකටම පස්සෙන් නොදැනෙන්න ගියා.ගිහින් එයා දිහා බලන් ඉන්නවා.වෙලාවකට මට හිතෙනවා එයා මම එයාගේ පස්සෙන් එන බව දන්න නිසා ආඩම්බර වෙලාවත්ද කියලා.කමක් නෑ මම එයාට අවංකව ආදරේ කරනවනේ....කාලය ගෙවිලා යනවා.අද දවසේ මම එයාව ලස්සන මානාලියක් විදියට දකිනවා.වෙනදටත් වඩා එයා අද ලස්සනයි..ලොකේ හැම ගැණූ ළමයටම වඩා එයා ලස්සනයි.එයාව මම මනාලියක් විදියට දැක්කට එයා අද කසාද බදින්නේ මාව නෙවෙයි.එයාට මගේ ආදරේ වටිනා කමක් නැතිවෙලා.පිස්සුවෙ වගේ පස්සෙන් ඇවිත් මුළු ලොකේටම වඩා ආදරේ කරපු මගේ ආදරේ එයාට වටින්නේ නැති වෙලා.කමක් නෑ මම තරහක් නෑ.මොකද මුළු හිතින්ම ආදරේ කරපු කෙනෙක්ට වෛරකරන්න මට බෑ.ඔයා ඔයාගේ ජිවිතේ තිරනේ ගත්තනේ.හැබැයි ඔයාට කවදා හරි මතක්වේවි ඔයා වෙනුවෙන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කොල්ලෙක් (Ek Deewana tha/එක් දිවානා තා) හිටියා කියලා...

ඔන්න ඔය උඩ තියෙන්නේ මගේ ජිවිත කතාව නෙමෙයි.මේ චිතපටියට පාදක වෙන කතාව.බයවෙන්න එපා මුළු කතාවම මම කියලා නෑ ඔය මුල ටික විතරයි.ඔයාලා හැමෝම දන්නවා හින්දි සහා දමිල සිනමාවේ නිර්මාණය වන ආදර කතා තරම් විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ කරන්න වෙන කාටවත් බෑ කියලා.දමිළ සිනමාවේ බිහි උන චිත්‍රපටියක හින්දි චිත්‍රපටියයි මේ එක් දිවානා තා චිත්‍රපටිය.මේක බලද්දි මට මගේ ජිවිතේ සමහර දේවල් එහෙමත් මතක් උනා.ඔයා මේක අරන් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් අරන් බලන්න.තව දෙයක් මේකට ස්තුති කරන්න ඕන කිහිප දෙනෙක් ඉන්නවා.මේ දවස් වල මට වැඩ රාජකාරි වැහිවැහැලා නිසා මේක කරන්න ටිකක් කාලයක් ගියා.ඒ වෙලාවේ අපේ CJA (චමීර අබේසිංහ) යාලුවා දුන්න උදව්වට බොහෝම ස්තුතියි.එයත් මම වගේම හින්දි එවට ඇලුම් කරන නිසා මම නැති උනා කියලා හින්දි චිත්‍රපට දෙන එකේ නම් අඩුවක් වෙන එකක් නෑ.ස්තුති කරන්න ඕන අනිත් කෙනා තමයි මහේෂි.හින්දි චිත්‍රපටිවල හදවත වගේ තමයි සිංදු කියන්නේ.එවත් උපසිරැසි ගන්වලා චිත්‍රපටියක් දෙන්න පුලුවන් නම් තමයි හොදම දේ.හැබැයි අවසනාවට මේ චිත්‍රපටියේ හින්දි ගිත වලට ඉංග්‍රිසි පරිවර්තනයක් තිබුනේ නෑ.ඔයාලා උනත් ඉංග්‍රිසි සබ් එක අරන් බැලුවොත් පෙනෙව් එකේ ගිත උපසිරැසි ගන්වලා නෑ කියලා.හැබැයි මට එක කරන්න බෑ.ඒක නිසා මම මහේෂිව අල්ලගෙන එයාට කියලා සිංදු වලට ටයිම් ලයින් හදලා(අංකන දත්ත පිටපත) හින්දි දැනුම පාවිච්චි කරලා සිංදු ටික සිංහලට හැරෙව්වා.සිංදු සේරම පරිවර්තනය නොකලත් හොදම ගීත කිහිපයක් උපසිරැසි ගන්වලා තියනවා.ඒක කරලා දුන්න අපේ මහේෂීටත් බොහෝම ස්තුතියි.මට ඇත්තටම උපසිරැසි දාන්න ඉගැන්වුයේ එයයි.එක නිසා ඒකටත් මේ වෙලාවේ ස්තුති කරනවා. අද නම් කතාව ටිකක් දිග වැඩි උනා නේද.කමක් නෑ.එහෙනම් අරන් මේ චිත්‍රපටිය රස විදින්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) සහ චමීර අබේසිංහ(CJA) විසිනි විසිනි

2 comments:

Powered by Blogger.