Jism 2 (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



අද ලබාදෙන්න යන්නේ පසුගිය කාලය තුල ලංකාව තුල වඩාත්ම කතාබහට ලක්වුණු හින්දි චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය ඉන්දියාව තුල මේ මාසයේ (අගෝස්තු) තිරගත කිරීම් ආරම්භ කර තවමත් අති සාර්ථක අයුරින් තිරගත වෙනවා. තිරගත කිරීම් ආරම්භ කරලා දින 30ක් වත් ගතවෙන්නට කලින් තමයි අපි මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ ඔබට ගේන්නේ. මෙය ලංකාවේ වැඩි කතාබහකට ලක්වුණේ මේ චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් සිදුකරන ලද්දේ ලංකාව තුල වීමයි. ලංකාවේ ලස්සන සහ සුන්දර ස්තාන රැසක මෙම රූගත කිරීම් කරලා තියෙනවා. චිත්‍රපටය පුරා ඒ දර්ශනීය මුහුදු වෙරළවල් සහ ස්වභාව සෞන්දර්ය ඔබට දැක බලා ගන්න පුළුවන්. චිත්‍රපටයේ කතාබහට අනෙක් හේතුව වුනේ මෙහි ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන සරාගී නිලි "Sunny Leone" නිසයි. කැනේඩියානු සහ ඉන්දියානු මිශ්‍ර සම්භවයක් ඇති ඇය හින්දි සිනමාවට මුලින්ම රංගනයෙන් දායකවෙන්නේ මේ චිත්‍රපටය හරහායි. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම ඇයට Ragini MMS චිත්‍රපටයේ දෙවන කොටස වන "Ragini MMS 2" චිත්‍රපටයට ආරාධනා ලැබිලා එහිත් වැඩකටයුතු මේ අවුරුද්දේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මම මේ දෙන්න හදන්නේ මේ මාසේ මම විසින් කරන ලද 10 වෙනි උපසිරසි ගැන්වීම, ඒ සඳහා චිත්‍රපටි 6ක් සහ ටීවී එපිසෝඩ් 4 ක් (29 වෙනි බදාදා දීමට නියමිත එකත් සමඟ) ඇතුලත් වෙනවා. අන්තර් ජාලයේ මාසයක් ඇතුලත වැඩිම සිංහල උපසිරැසි ගානක් කරලා තියෙන්නේ මමද මන්දා. ඒ වගේම මේ මගේ 38 වෙනි උපසිරැසි ගැන්වීම. ඒ ගැන හිතෙනකොට ඇත්තටම හිතේ අවංක සතුටක් ඇතිවෙනවා. කොහොමවුනත් අද මේ දෙන්න යන්නේ මම කරන්න කොහොත්ම හිතාගෙන හිටපු උපසිරැසි ගැන්වීමක් නෙමෙයි. උපසිරැසි ගැන්වීම කෙරුවේ මගෙන් පුද්ගලිකව කරපු ඉල්ලීම් වලට කරන ඇහුන්කන් දීමක් වශයෙන්. ඒ වගේම මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න ගිහිල්ලා තමයි මම වැඩියෙන්ම අමාරුවේ වැටුන චිත්‍රපටය. මේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් මේ වන විතත් අන්තර්ජාලයේ හොයාගන්න බෑ. තියෙන ඒවයෙත් ටයිම් ලයින් තනිකරම වැරදියි. ඒ වගේම හුඟක් ලයින් ඉංග්‍රීසියෙන් උපසිරැසි ගන්වලා තිබුනේ නෑ. ඒ නිසා අලුතෙන්ම ටයිම් ලයින් හදලා අපි විසින්ම ලයින් 350 විතර අලුතෙන් එකතුකරන්න වුනා. ටයිම් ලයින් හැදුවට ඉතින් මම හින්දි දන්නේ නැති නිසා මේ වැඩේට හවුල් කරගත්තේ අපේ හින්දි විශාරද නොහොත් දර්ශන නිශාන්ත (Punisher) සහෝ වයි. ඔහුගේ කැපවීම සහ උදවුව මත ටිකක් අමාරු වැඩක් ඉක්මනින්ම නිමා කරලා, ඔයාලට හොඳ ගුණාත්මක බැවින් යුතු සිංහල උපසිරසියක් ලබාදෙන්න පුළුවන් වුනා. චිත්‍රපටයේ සින්දු නම් උපසිරැසි ගොනුව තුල අඩංගු නොවූ නිසා උපසිරැසි කරනය කරන්න බැරි වුනා.

චිත්‍රපටයේ කතාව වෙන්නේ එක්තරා කාන්තාවක් රහස් බුද්ධි අංශයක් සහ එක්වී වරදකරුවෙක්ව හසුකරගැනීමට දරන වෑයමක්. කතාවෙ මුල් කොටස තේරුම් ගැනීමට පහසු වෙන විදියට කියනවනම්, ඉස්නා (Sunny Leone) කියන කාන්තාවට ඉන්දියානු බුද්ධි අංශයේ යැයි කියන නිලදාරියෙක් විසින් එක්තරා ආකාරයක යෝජනාවක් කරනවා, ඇයට පැවරෙන කාර්ය තමයි ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ද සහ වැදගත් සහ ප්‍රභූ පුද්ගලයින් ඝාතනය කරන ත්‍රස්තවාදියෙක් කියා හඳුනන පුද්ගයෙක් පොලිසියට හසුකරගැනීමට උදවුකිරිම. ඔහු ජීවත්වෙන්නේ ඉන්දියාවෙන් පැන ගොස් ශ්‍රී ලංකාව තුල රහස් ලෙසයි. මේ පුද්ගලයා ඇත්තටම ඉස්නා (Sunny Leone) ගේ පරණ පෙම්වතා වෙනවා. ඒ නිසාම තමයි ඇයව මේ වැඩේට හවුල් කරගන්නේ. අවසානයේ ඇයට මේ ක්‍රියාන්විතය සපල කරගන්න පුළුවන් වෙයිද ? ඉස්නා (Sunny Leone) තවමත් එම ත්‍රස්තවාදියාට ආදරය කරනවද ? ඇත්තටම ඔහු ත්‍රස්තවාදියෙක්ද ? මෙම රහස් බුද්ධි අංශයේ නියම ඉලක්කය කුමක්ද ? මේ හැම දෙකටම පිළිතුර ඔබට චිත්‍රපටය අවසානයේ බලාගත හැකිය. නැවත වතාවක් චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම් සඳහා උපකාර කෙරු දර්ශන නිශාන්ත (Punisher) සහෝට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඉතින් තවත් ජනප්‍රිය චිත්‍රපටයක් එක්ක ළඟදීම හමුවෙමු. ඒ වගේම ඔබ කැමති චිත්‍රපටයක් හෝ, මෙම චිත්‍රපටයේ හොඳ නරක හෝ අදහස් දක්වන්න අමතක කරන්න එපා. rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා සහ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) විසිනි

2 comments:

  1. බෑවා හැබැයි මේ කැමරා කොපි නේ අවුලක් නෑ.

    ReplyDelete
  2. මේක Cam RIP එකක් නෙමෙයි. මේක WEB Rip එකක්. හින්දි DVD Rip එකකට වැඩිය හොඳට මේ පිටපත තියෙනවා. ඒ වගේම RESOLUTION එක 720x304 වගේ වෙනවා. ඒ නිසා බය නැතුව ගන්න.

    ReplyDelete

Powered by Blogger.