PUSH (2009) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මානසික හැකියාවන් වලින් එක එක දේවල් කරන සමාජ කොට්ඨාෂයකි. 1945 වර්ෂයේදී නට්සි නම් හමුදාව මානසික රණකාමී හැකියාව පිළිබඳ පර්යේෂණ පවත්වනවා. ඒ එමක්‍රම මඟින් ඔවුන්ගේ සෙබලුන්ගේ හැකියාවන් වැඩිදියුණු කරවීම සඳහායි.උපතින්ම මානසික හැකියාවන් රැගෙන එන සමාජ කොට්ඨාෂයේ බොහෝ අය මේ නිසා මරණුවට පත්විය. යුද්ධය අවසන් වුනා. නමුත් පර්යේෂණ කටයුතු නතර වුනේ නෑ. ඒ වෙනුවෙන් ලෝකය වටා සිටින අනෙකුත් රජයන් මඟින් "හමුදාව" නමින් කණ්ඩායමක් සකස් කරනු ලබනවා. මෙම හමුදාවේ නියෝජිතයනව් ඒ කියන්නේ භටයන්ව පුරුදු කරනු ලබන්නේ මේ මානසික හැකියාවන් සහිත අයව ලුහුබැඳීම සඳහායි. ඔවුන් කොටස් දෙකකට වෙන් කෙරේ. ඒ "දකින්නන්, සොලවන්නන් හා තල්ලුකරන්නන්" ලෙසයි.දකින්නන් යනු අනාගතය දැකීමට හැකි අයයි. සොලවන්නන් යනු දුර ඇති දෙයක් සිතේ බලය යොඳා සෙලවිය හැකි අධි මානසික හැකියාවන් ඇති අයයි. තල්ලු කරන්නන් යනු යම් කිසි කෙනෙකුගේ මනසට ඇතුලු වී බොරු සිතුවිලි වුවුද මවා පා එය සත්‍ය ලෙස පෙන්නමු කිරීමට හැකියාව ඇති අයයි. කෙසේ හෝ මේ හමුදාවේ පර්යේෂණාගාරයේදී ගැහැණු ලමයෙක් ඔවුන්ගේ පර්යේෂණ වලින් මිඳී පලා යනවා.
මැයව සෙවීම සඳහා හමුදාව හැම වැඩකටයුත්තක්ම දියත් කරනු ලබනවා. නමුත් මේ අතරට නික් සහ කැසී යන දෙදෙනා එකතු වෙනවා ඔවුන්ගේ මේ මානසික හැකියාවන් ඇති කොට්ඨාෂය බේරාගැනීම සඳහා. නික් යනු සොලවන්නෙකි. කැසී යනු දකින්නියකි. අර කලින් පර්යේෂණාගාරයෙන් පැන එන ගැහැණු ලමයා ඔවුන්ගේ යම් බෙහෙතක් සමඟයි පලා යන්නේ. ඇය එම බෙහෙත යම් කිසි තැනක සඟවනු ලබනවා. ඉතිං මේ බෙහෙත සොයාගැනීමට හමුදාව මෙන්ම තවත් එක් කන්ඩායමක් උත්සාහ දරනවා. ඒ අතරම මේ නික් ඇතුලු කණ්ඩායමද මේ බෙහෙත සෙවීමට කටයුතු කරනු ලබනවා. කෙසේ හෝ අවසානයේදී බෙහෙත සොයාගන්නේ කෙසේද..? ... අර පර්යේෂණාගාරයෙන් පැනල යන ගැහැනු ලමයාට මොනව වෙයිද...?... මොවුන්ට මොනවා වෙයිද..? යන ප්‍රශ්ණ සියල්ලටම උත්තරය ඔයාට බලාගන්න පුලුවන් චිත්‍රපටය අවසානයේදී....

2009දී තමයි මේ චිත්‍රපටිය එලියට ආවේ. ඉතිංමේක IMDB වර්ග කිරීම අනුව ඔවුන්ගේ හොඳම චිත්‍රපට 5000 ඇතුලත තියෙන සහෙ ඔවුන්ගේ වර්ග කිරීමට අනුව 6.0ක IMDB අගයක් හිමිකරගෙන තියෙනවා. මෙහි අධ්‍යක්ෂක වන්නේ Paul McGuiganය. මොහු TV Series සහ නොයෙකුත් ත්‍රාසජනක චිත්‍රපටි බොහෝ නිර්මාණය කර ඇති පුද්ගලයෙකි. මෙහි ප්‍රධාන චරිතය වන නික්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රධාන ගනයේ ශිල්පියෙකු වන Chris Evans විසිනි.මේ චිත්‍රපටය Thriller ගණයට වුනත් ගන්න පුලුවන්. ඉතිං තව කියනවනවට වඩා හොඳයිනේ Download කරගෙනම චිත්‍රපටිය බැලුවනම්. නැත්නම් කිසිම රසාඤ්ඥතාවයක් නැතිවෙනවනේ.....

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ chalindudeshan විසිනි

No comments

Powered by Blogger.