The Hunger Games (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් ඔන්න ඊයේ නිකුත් උනා.මේ දවස් ටිකේ නම චිත්‍රපටි එනවා පෙරේදා Battleship [2012] චිත්‍රපටිය ආවා අද ඔන්න The Hunger Games චිත්‍රපටිය ඇවිල්ලා.චිත්‍රපටි නිකුත් උන ගමන්ම කලින් වගේම උදාරයි මම එකතු වෙලා සබ් එක කරන්න ගත්තා.ඇත්තටම මේකේ වැඩිම කොටසක් දැම්මේ එයා.මම 25%ක් වගේ තමයි දැම්මේ.හරි වැඩි විස්තරයක් ඕන නෑ මෙන්න ෆිල්ම් එකේ කතාව

අවුරුද්දක් පාසාම උතුරු ඇමරිකාවේ මහා මන්ත්‍රණ සභාව මඟින් තරඟයක් සංවිධානය කරනු ලබනවා.මේ සඳහා සහභාගී කර ගන්නේ එක් දිස්ත්‍රික්කයකින තරුණ ගැහැණු ළමයකු හා පිරිමි ළමයකු පමණයි.මේ සඳහා දිස්ත්‍රික් 12ක් තරඟ වදිනවා.මෙහි ඇති උණුසුම් තරඟකාරීත්වය නිසාම මෙම තරඟය සජීවීව රටවැසියන් සියල්ලට නැරඹිය හැකි අයුරින් සංවිධානය කරනු ලබනවා.තවද මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තමන්ගේ ප්‍රතිවාදීන් පරාජය කොට අවසන් මොහොත දක්වාම තරඟවැදිය යුතුය.එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුවනවා. මෙම කතාවේ ප්‍රධාන චරිතය වන කැට්නිස්, තම ජීවිතකාලය පුරාම මේ තරඟය සඳහාම සූදානම් වූ තැනැත්තියක්.මෙම කතාව පුරාවටම දිවයන්නේ ඇය සියළුම බාධා හමුවේ, මනුෂ්‍යත්වය,ජීවිත, ආදරය යන සියල්ල සමඟින් මෙම තරඟයට මූණපාන අන්දමයි. ඇයට මොන ආකාරයේ බාධාවන්ට මූණදීමට සිදුවේද,තරඟය අතරතුර ඇයට කවර පුද්ගලයන්,ජීවීන් හා ගැටීමට සිදුවේද, අවසානයේ ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද,ඇයගේ ජීවිතයම මින් වෙනස් මඟකට පෙරලේද,මේ සියල්ලටම පිළිතුරු කතාව නැරඹීමෙන් අවසානයේදී ඔබට දිස්වේවි.සාමාන්‍ය සටන් ජවනිකාවලට වඩා වෙනස්ම විද්‍යාත්මක හා තාක්ෂණික අංග රැසකින් සමන්විත මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක ප්‍රතිචාර 7.9ක් ලද චිත්‍රපටයක් මෙන්ම, ලංකාවේ සිනමාහල්වලදී පවා අතිශය ජනප්‍රියතාවයක් අත්කර ගත්තකි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා සහ *maheshi* 

3 comments:

  1. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. තවත් අලුත්ම එකක් දීලා නේද ?
    ස්තුති කරන්න වචන නෑ ඔයාලට නම්

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි මචෝ.
    මේක දෙනකන් හිටියේ.
    දෙන්නම එකතුවෙලා මේකටත් සබ් දුන්න එක හොඳයි.

    ReplyDelete
  3. elaz..Thank you zoom

    ReplyDelete

Powered by Blogger.