The Pirates! Band of Misfits (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මේ මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මීට කලින් මම උපසිරසි දුන්න october sky ඒක පලවෙනි එක නිසා පොඩි පොඩි දෝෂ තියෙන්න ඇති.ඒ දවස වල පොඩි වැඩ වගයක් තිබුණු නිසා ටිකක් කලබලෙන් තමා ඒක හැදුවේ. ඒ වැරදිත් ගොඩක් දුරට හදාගන තමා මේ උපසිරැසිය හැදුවේ.ඉතින් මේ චිත්‍රපටයේ පසුබිම ගැන කියනවානම් මේක chicken run, Wallace & Gromit චිත්‍රපට මාලාව,flushed away,Arthur christmas,Adam,ආදීවිශිෂ්ට නිර්මාණ බිහිකරපු peter lord ගේ චිත්‍රපටයක්‌.ඒ වගේම තමා මේක ඇනිමේෂන් කරලා තියෙන්නේ ලෝකප්‍රසිද්ද සිනමා නිර්මාණ බිහිකරපු sony pictures (anmation) සමාගම. මේක imdb වර්ගීකරනයේත් 6.9/10 අගයක් ගන්න සමත් වෙලා තියනවා. ඒ නිසා චිත්‍රපටයේ ගුණාත්මක බාවය ගැන පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ.මේක කෙලින්ම ඇනිමේෂන් කියනවාටත් වඩා කොමඩියක් කියලා හදුන්වන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක්. පටන්ගන්න තැන ඉදන් අවසාන තත්පරය දක්වාම බඩ අල්ලගන හිනාවෙන්න පුලුවන් නියම ගනයේ කොමඩියක්.18 වන සියවසේ ප්‍රදේශ කීපයක් ඇරුනාම මුළු මුහුදම පාලනය කරන්නේ වික්ටෝරියා රැජින යටතේ වූ බ්‍රිතාන්‍ය හමුදාව. ඉතින් ඒ ඉතුරු ප්‍රදේශ තිබුනේ මුහුදු කොල්ලකාරයන් යටතේයි. ඉතින් මේ රැජින ඒ ප්‍රදේශ තමන් යටතට ගන්න කරන්න පුලුවන් හැමදේම කරා. මේ අතරේ මේ මුහුදු කොල්ලකාරයන් අතර තරගයක් පැවැත්වෙනවා . එතමා වසරේ මුහුදු කොල්ලකාරයා තේරීමේ තරගය ඉතින් මේකට ඉදිරිපත් වෙන අය අතර ඉන්නවා එක කණ්ඩායමක නායකයෙක්. ඔහුට හැමෝම කියන්නේ කොල්ලකාර කපිතාන් කියලා. මොහු තරගයට ඉදිරිපත් උනාට මොහුගේ පිරිස ළඟ සතයක්වත් නෑ. එත මොවුන් ගාව ඉන්නවා පොලි කියලා ඉතාමත් දුර්ලබ ගනයේ ගිරවෙක්. ලෝකයේ ඒ වර්ගයෙන් ඉතුරු වෙලා ඉන්න අන්තිම ගිරවා ඌ තමා.නමුත් මොවුන් ඒ ගිරවාගේ වටිනාකම දන්නේ නෑ. ඉතින් මොවුන්ට තරගය දිනීමට හැකිවේවිද? වික්ටෝරිය රැජින මොවුන්ට මොනවගේ බලපෑම කරාවිද? එක දන ගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා. ඔබ Adventures of Tintin,Chicken Run චිත්‍රපට රසිකයෙක් නම් මෙයත් ඔබ අනිවාර්යෙන් නැරබිය යුතුයි.මොකද එහි අඩංගු ගුණාංග රාශියක් මේ චිත්‍රපටයෙත් අන්තර්ගතයි. අරන් බලන්න. කිසිම පාඩුවක් වෙන එක්ක නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ raveendra විසිනි

3 comments:

  1. කෝ බං ලිංක් එක වැඩ නෑනෙ

    ReplyDelete
  2. ලින්ක් එක නම් වැඩ කරනවා.
    හැබැයි ඉදිරි පැය 24 තුලදී අපේ මේන් සයිට් ඒකෙ යාවත්කාලින වැඩ ටිකක් කරන නිසා, ඇතැම්විට පොඩි අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

    ReplyDelete
  3. dan wada. niyamai. onna mamath gaththa.digatama wade karagena yamu. ~jayaveva~

    ReplyDelete

Powered by Blogger.