Watchmen (2009) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම ගණයේ චිත්‍රපටියක් කිව්වොත් හරි මේක අලි කවුරුත් දන්න 300 චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයාගෙම තවත් නිර්මාණයක්.මේක IMDB හි 7.7 ඉතා ඉහල අගයක් අරගෙන තිබෙනවා.ඒ එක්කම 36th Saturn Awards වල Best Fantasy Film එක වගේම තේරි පත්වෙනවා වගේම 2009 Scream Awards හිදි මෙම චිත්‍රපටිය Best Comic Book Movie ලෙස සම්මාන දිනාගෙන තියෙනවා තව ගොඩක් සම්මානවලට මේ චිත්‍රපටිය නිර්දේෂිත වෙලා තියනවා. මෙන්න මේකයි චිත්‍රපටි යේ කතාව මුලින්ම පටන් ගන්නේ මනුස්සයෙක් තමන්ගේ ගෙදර ඉන්න කොට කට්ටියක් ඇවිත් ඝාතනය කරන්න හදනවා.මොහුත් ලොකු සටනක් දෙනවා ගැලවෙන්න නමුත් අවසානවාට ඔහු මිය යනවා.මොහු යම්කිසි සුපිරි බලයක් සහිත කෙනෙක්.ඔහුගේ යාලුවන්ටද එම බලය සහිත අය.ඔවුන් තමන්ගේ මිතුරා මැරු පිරිස හොයාගෙන යන්න පටන්ගන්නවා පළිගන්න.මොවුන් මේ ගමනේදි තවත් රහස් ගොඩක් සොයාගන්නවා.ඒ දෙවල් සේරම දැනගන්න මේ චිත්‍රපටිය ඔබ අරන් බලන්න කියලා නිර්දේෂ කරනවා.මොකද කතාව කියන වඩා හොදම දේ ඒක කියලා මම හිතනවා.ඒ වගේම මේ වගේ තවත් හොද නිර්මාණයකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන ගමන් ඔබගේ අදහස් ලියාතබන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 විසිනි

No comments

Powered by Blogger.