Ishaqzaade [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට තමයි මේ චිත්‍රපටිය ඔබ වෙත අරගෙන එන්නේ.පලවෙනියට මම ඉදිරිපත් කරපු PUSH චිත්‍රපටිය සදහා ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ඒ නිසාමයි දෙවැනි වතාවටත් ඔබට මේ විදියට චිත්‍රපටියක් සිංහල උපසිරැසි සහිතව රැගෙන එන්න හිතුවේ.වෙනසකටත් එක්ක මම හින්දි චිත්‍රපටියක් තොරගත්තා.මේ චිත්‍රපටිය ඔබ බලලා තියන චිත්‍රපටි වලට වඩා වෙනස් ආරක් ගන්න බවනම් මට විශ්වාසයි.ඒ චිත්‍රපටියට පාදක වෙලා තියන කතාව නිසා.එක මේ රටෙත් අදාල නැත්ද කියලා නම් මම වැඩිය දන්නේ නැහැ හැබැයි ඉන්දියාවේ ජාති ආගම් කුල බේද ගැන හරියට විශ්වාස කරනවා.මේ ජාති ආගම් කුල බේදයට හසුවෙන ආදරවන්තයන් දෙන්නෙක්ගේ කතාව තමයි මේ චිත්‍රපටයේ ගෙතෙන්නේ.අපි හැමදාම බලනවා වගේ බොළද ආදර කතාවක් නම් නෙමෙයි මේක.මේ දෙන්නා යාළු වෙන්නෙත් පුදුම විදියකට තමයි දෙන්නම ආගම් දෙකක වගේම මැර පවුල් දෙකක ළමයි දෙන්නෙක් පොඩි කාලේ ඉදන්ම දෙන්නම හතුරෝ ඉතින් මේ හතුරෝ දෙන්නා එකිනෙකාට අදාරය කරන්න ගන්නේ කොහොමද? එයාලගේ ආදරේ නිසා අවසානයේ සිදුවන්නේ කුමක්ද මේ චිත්‍රපටිය ඒ සියල්ලටම උත්තර සපයයි.ඒ චිත්‍රපටියේ අවසානයේ වැටෙන මෙන්න මේ ජේදයෙන් මම මගේ ලිපිය අවසන් කරන්නම්. ''ඉන්දියාවේ ආදර කැරලිකරුවන් (Ishaqzaade) දහසකට වඩා ඉතා කුරිරු අන්දමින් මරණයට පත්වෙනවා සෑම වසරකදීම....ඔවුන්ට එම ඉරණම අත්විමට ඔවුන් කල එකම පාපය නම් තමන්ගේ ආගමේ හෝ කුලයේ නොවන්නෙකු සමඟ ආදරයෙන් බැඳීමයි". මේ ඉරණම අප කතාවේ ආදරවන්තයන්ටත් හිමිවෙයිද? නැතිනම් ඔවුන්ගේ ආදරය මේ සියල්ල වෙනුවෙන් නැගි සිටිමට හැකි වෙයිද? ඔබත් ආදරයවෙනුවෙන් ඕනම දෙයක් කිරිමට සුදානම්ද එසේනම් නරඔන්න Ishaqzaade (ආදර කැරලිකරුවන්) චිත්‍රපටිය.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන්සමඟ චමීර අබේසිංහ විසිනි

1 comment:

Powered by Blogger.