Ultimate Avengers II [2006] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



"Ultimate Avengers චිත්‍රපටය 200 වෙනි උපසිරසි නිර්මාණය විදිහට දෙනවා කිව්වම මට හිතුනා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල. ඒක එහෙමම සිදුවුණා. ඉතින් මේ වගේ සුපිරි කතාවක් බලපු අයට ඒකෙ මීළඟ කතාවත් බලන්න තියනව නම් කොයි තරම දෙයක්ද කියල හිතෙනවා නොඅනුමානයි. ඒ වගේම ඒක දෙමු කියල අපේ ඇඩ්මින් තුමත් මට කිව්වා. මම ෆිල්ම් ඒක බලල තිබ්බෙත් නෑ. ඇඩ්මින් තුමා කිව්ව ගමන්ම ෆිල්ම් එක අරගෙන බැලුවා. ආයෙ කතා දෙකක් අවශ්‍ය නෑ මේ කතාව පලවෙනි එකටත් වඩා සුපිරි එකක් බව කියන්න පුළුවන්. මට අධ්‍යාපන කටයුතු නිසා මේ දවස් ටික ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නේ. එත් යාළුවො හැමෝම වෙනුවෙන් කාලය කැප කරලා මේක හදල ඉවර කරන්න හිතුවා. රෑ 12ත් පහු වෙනකන් හැදුවා ඇත්තම කියනව නම්. මොකද කලින් ඒකට වගේ තාරක අයියව මේකට සම්බන්ධ කරගන්නත් බැරි උනා එයා ෂර්ලොක් එකේ උපසිරසි ගැන්වීම් නිසා කාර්යබහුල වෙච්ච නිසා. මේක බලන්න කලින් අනිවාර්යයෙන්ම පලවෙනි ෆිල්ම් එක බලල ඉන්න එක හොඳයි. මොකද ඒක මේකට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි. කතාව ගැන විස්තර කියන්න අවශ්‍ය නෑ මොකද ඉතින් ඇවෙන්ජ්ර්ස්ලා ගැන දැන් නොදන්නා කෙනෙක් නෑනේ. මේකෙ අවසානය අනෙක් සුපි වීර චිත්‍රපට වලට වඩා ටිකක් අමුතුයි කියලත් හිතෙනවා. මොකද මට නම් ලැබුණේ දුක සතුට දෙකම මිශ්‍ර වෙච්ච අවසානයක්.එහෙනම් ඉතින් අරගෙනම බලන්න. ඉදිරියේදී තවත් හොඳ නිර්මාණයක් සමඟ හමු වෙමු. ඔබට ජය.!"

සැයු- මෙම චිත්‍රපටයේ BRRIP පිටපතේ ඇවෙන්ජර්ස් 1 හා 2 යනුවෙන් කොටස් 2ක් ඇති අතර ඔබට ඇවැසි කොපිය පමණක් ලින්ක් එක හරහා ටොරන්ට් අඩිවියට පිවිස ඩවුන්ලොඩ් කරගන්න. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික විසිනි

1 comment:

Powered by Blogger.