Ultimate Avengers The Movie [2006] සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ඔන්න එහෙනම් සුම් අඩවියේ 200 වැනි උපසිරැසි එකට වෙනසකටත් එක්ක සුපිරි ගණයේ කාටුන් චිත්‍රපටයක් අරන් එන්න හිතුණා. මේ දවස් වල අපි කවුරුත් වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ ඇවෙන්ජර්ස් චිත්‍රපටය ගැන. ඒත් ඒක එන්න කලින් ආපු මේ අවෙන්ජර්ස් චිත්‍රපටය මට බලන්න ලැබුනේ පසුවයි. ඉතින් ඉක්මනටම මේකත් උපසිරසි ගන්වලා අපේ යාලුවන්ට බලන්න දෙන්න හිතුණා. Notebook චිත්‍රපටය වගේම මේකත් උපසිරසි ගන්වද්දී අපේ අතිදක්ෂම උපසිරසි ගන්වන සාමාජිකයෙක් වන ධනුෂ්ක ලක්මාල් (tharaka) සහෝදරයත් මම මේ වැඩේ ඉක්මනට කරගන්න එකතුකරගත්තා. ඉතින් මේක අපි දෙන්නගෙම වැඩක්. කතාව ගැන නම් වැඩි විස්තර කියන්න උවමනා වෙන එකක් නෑ කියල මම හිතනවා. මොකද අවෙන්ජර්ස් චිත්‍රපටය නොබලපු කෙනෙක් මේ වෙනකොට නැතුව ඇති. හැබැයි මේ කතාව ඒ කතාවට වඩා වෙනස් කතාවක්. අවෙන්ජර්ස් චිත්‍රපටයෙන් ඔබට දකින්න ලැබුණු සුපිරි චරිත වලට අමතරව තවත් සුපිරි චරිත දෙකක් මේ චිත්‍රපටය තුල ඔබට දැකගන්නත් පුළුවන්. මේ චිත්‍රපටයට අදාළ උපසිරසි ෆයිල් එකේ සමහර දෙබස් අඩංගු වෙලා තිබ්බේ නෑ (ඉතා සුළු ප්‍රමාණයක්). සමහර අවස්ථා වලදී මටයි ධනුෂ්ක අයියටයි ඒ නිසා ගැටළු මතු උනා. නමුත් ඔබේ රසවින්දනයට කිසිදු බාධාවක් නොවෙන්න අපි උපරිම සාධාරණයක් කරා. එහෙනම් තවත් සුපිරි නිර්මාණයක් සමඟ නැවත හමුවෙමු. ඔබ සැමට ජය.!" 

සැයු- මෙම චිත්‍රපටයේ BRRIP පිටපතේ ඇවෙන්ජර්ස් 1 හා 2 යනුවෙන් කොටස් 2ක් ඇති අතර ඔබට ඇවැසි කොපිය පමණක් ලින්ක් එක හරහා ටොරන්ට් අඩිවියට පිවිස ඩවුන්ලොඩ් කරගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මරු හිරා සමඟින් tharaka විසිනි

2 comments:

  1. niyamai mama 1st !! :D congratulations :) keep it up

    ReplyDelete
  2. කාටුන් එකට උපසිරැසි දුන්න එක වටිනවා

    ReplyDelete

Powered by Blogger.