Interview with a Hitman [2012] සිංහල උපශ්‍රිර්ෂ සමග




ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකනම් ඇවිත් ටික දවසක් වෙනවා. ඇත්තටම මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මට හිතෙනවා කතාවට වඩා ගහමරාගැනිලි තියෙනවා කියලා.කතාව පොඩ්ඩක් කියන්නම්. පොඩි ලමයෙක්ගේ තාත්තා කෙනෙක් මැර කණ්ඩායමකින් ණයක් ගන්නවා. කොහොම හරි ඒ ණය ගෙවාගන්න බැරිව ඒ පොඩි ළමයා ඉස්සරහඳී අර මැරකන්ඩායමේ නායකයා තාත්තට ගහනවා. ඉතින් මේක ඉවරගෙන ඉන්න මේ පොඩි ලමයා ගිහින් මැර කණ්ඩායමට එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ළමයා හදන්නේ තමන්ගේ අතීතය අමතක කරලා අලුත් ලෝකයක් ගොඩනගා ගන්න. ඉතිං ඒ වැඩේ කරන්න පුලුවං වෙයිද?... ඒ අතරට එන බාධක වලින් ජයගන්නේ කොහොමද?... අන්තිමේඳී මේ වික්ටර් කියන කෙනාට මොනව වෙයිද?.... මේ සේරටම උත්තර ඕනිනම් ඉතිං චිත්‍රපටියම බලන්න ඕනි. කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. කිසිම දෙයක් දැනෙන්නේ නෑ. කවදාවත් මඟ හැරෙන්නේ නෑ. ඒ විදිහට මේ වික්ටර් වැඩ කරන්නේ. ජීවිතේ ගොඩනගාගන්න උපක්‍රම ගොඩක් යොදන ඔහුට අන්තිමේඳී වෙන දේ තීරණය කරන්න තියෙන්නේ ඔයාගෙ අතේයි. මේකෙන් කවුරුවත්ම විශ්වාස කරන්න බෑ කියලා හොඳට තේරෙනවා.

තව දෙයක් කියන්න බැරිවුනා. මේකට English සබ් එකක් නෙට් එකේ ගැලපෙන එකක් කොහෙවත් හොයාගන්න බැරිවුනා. ඉතිං මට සිද්ධ වුනා අන්තිමේඳී ගැලපෙන වියට්නාම සබ් එකක් අරගෙන ඒක සිංහලට පරිවර්තනය කරන්න. අම්මෝ.. මාර ගේමක්.. ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් බලලා ෆිල්ම් එකේ බලද්දී තියෙන්නේ වෙනම එකක්. ඉතිං ඒ කොටස අයින් කරලා ආය ෆිල්ම් එකේ කොටස දානවා. ඇත්තටම ගොඩක්ම අමාරුවේ වැටිච්ච චිත්‍රපටියක් මේකනම්!

හරි එහෙනම් ඔන්න මම ගියා. අලුත් උපසිරැසියක් සමඟ හම්බවෙමු. හැමෝටම ජය...


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිදු දේශාන් විසිනි


1 comment:

Powered by Blogger.