Heroine [2012] හින්දි චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින්


2012 වසරේ හින්දි සිනමාවට එකතු වුන තවත් චිත්‍රපටියක් උපසිරැසි ගන්වලා තමයි අරගෙන ආවේ.මම දන්නවා සමහර අය දැනටම ෆිල්ම් එක අරගෙන මේ සති අන්තයේ බලන්න ලැස්තිවෙලා ඇති නිවාඩු දවස් නිසා.ඔන්න ඒ අයට දැන් සිංහල උපසිරැසි එක්කම චිත්‍රපටිය බලන්න පුලුවන්. චිත්‍රපටියේ කතාව නම් ටිකක් සංකිර්ණ එකක්.මම හිතන්නේ ටිකක් +13න් උඩවගේ අයට හොදයි.අනික මේ චිත්‍රපටියේ සිගරැට් මත්පැන් භාවිතා කිරිමේ දර්ශන බහුලව තියනවා.මම දන්නේ නෑ චිත්‍රපටියේ කතාවට ඕනම නිසා ගත්තාද නැත්නම් ඒ දෙවල් බොන්නේ කරන්නේ නළු නිළියෝ වගේ වැදගත් අය කියලා පෙන්වන්න ගත්තද කියලා.නැත්නම් චිත්‍රපටියේ නිළියක් වටා කතාව ගෙතෙන නිසා ඔවුන්ගේ ජිවිත මෙහෙමයි කියලා පෙන්වන්න ගත්තා වෙන්නත් පුලුවන්.

හරි ඔය කතා ඕන නෑ අපි ෆිල්ම් එකේ කතාවට බහිමු.මේකෙන් පෙන්වන්නේ සිනමා කාර්මාන්තයේ නඵ නිළියන් අතර තියන සිතල යුද්දේ ගැන.
එකිනෙකාව පරයමින් අනිත් කෙනා උඩට එන්න දගලනවා.ඔවුන් ඒ වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න සුදානම්.ඇත්තටම අපේ රටේ උනත් මේ තත්වයම පවතිනවා කියලා ගොසිප් සයිට් එකකට රිංගපු ගමන් දකින්න පුලුවන් නේ.මේ චිත්‍රපටියේ ප්‍රධාන චිරිතය වගේම මුළු චිත්‍රපටියම පෙළ ගැස්වෙන්නේ මාහි ආරෝරා වටා.ඇය නිළියක්.නමුත් ඇයගේ හිදිසි තිරණ නිසා ඇයට තමන් ගේ සිනමා වෘත්තයේ විශාල කඩාවැටිමකට ලක්වෙන්න සිදුවෙනවා.මෙකෙන් ගොඩ එන්න ඇය කරන්නේ හොද දෙවල් නම් නෙමෙයි.ඇය හොද දෙවල් වලින් නමක් හදාගන්න යනවා.නමුත් හැමදාම හොද දෙවල් කරන අයටමනේ වරදින්නේ.ඔය අනිත් අයව කොටවලා ඔප දුප කිය අය ඇති තරම් සතුටින් ඉන්නේ..අන්න ඒ වගේ දෙයක් තමයි මාහි අරෝරාටත් වෙන්නේ.අවසානයේ ඇය තිරණය කරනවා හොදින් හෝ නරකින් චිත්‍රපටි ශේෂ්ත්‍රයේ තැනක් හදාගන්න.හැබැයි නරකට කරන කම් හොදින් ඉන්න පුලුවන් උනත් අවසානයේ තමන්ගේ හෘදසාක්ෂිය තමන් පසුපස පන්නන්න ගන්නවනේ.අන්න ඒ වගේ දෙයක් ඇයටත් අවසානයේ වෙනවා.මේ චිත්‍රපටිය ගැන කියන්න පුලුවන් ඒ වගේ දෙවල් තමයි.මේක තමයි සාරංශය වෙන්නේ.සිනමා කාර්මාන්තයේ තියන මත ගැටුම් ගැන දැනගන්නනම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබ නරඹන්න.

එහෙනම් ඔන්න මේ ෆිල්ම් එකත් සබ් එක්කම දුන්නා.කැමතිනම් අදහසක් දාලා එහෙම යන්න.තවත් චිත්‍රපටියකින් ලගදිම හමුවෙමු එහෙනම්.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි


1 comment:

  1. meka niyama story eka. niymeta subs dala thibba.ela zoom. ohoma yan

    ReplyDelete

Powered by Blogger.