අපෙන් අළුත් දෙයක් (Movies.zoom.lk)


එකතැන පල්වෙමින් තිබු උපසිරැසි කලාව අලුත් මගකට වගේම සිංහල උපසිරැසිය යන්න අලුත් තැනකට අරන් එන්න අපි ගත් උත්සහාය අප සාර්ථක කරගත්තේ අවුරුදු 2ක් වත් යාමට කලින්ය.ඒ සදහා ඔබෙන් ලැබුනු උදව්ව අත්වැසිම වගේම දිරිගැන්විම විශාල ශක්තියක් උනා.ඒ වගේම වෙබ් අඩවිය පටන්ගත් මුල් අවධියේ සිටම ඔබෙන් ඉල්ලිමක් අප වෙතට ආවා.ඒ සිංහල උපසිරැසි දෙනවා වගේම චිත්‍රපටි ගැන විස්තරයක් ලබා දෙන්න කියන ඉල්ලිමයි.

සිංහල උපසිරැසි ලබා ගැනිමට වගේම චිත්‍රපටි මොනාද කියන විස්තර හොයලා බලන්නත් හැමෝම සුම් එකට ගොඩවදින්න අමතක කරන්නේ නෑ.හැබැයි සුම් අප ලබා දෙන්නේ සිංහල උපසිරැසි ගැන්වු නිර්මාණ පමණයි.නමුත් ලෝකය චිත්‍රපටි දස දහස් ගණක් නිර්මාණය වි තිබෙනවා.හැම චිත්‍රපටියම ඔබට සිංහල උපසිරැසි සමගින් සමිප කරන්න හැකියාවක් නැති නිසා අප අලුත් වෙබ් අඩවියක් පටන් ගත්තා.මේ ඒ අඩවියයි.මෙතනින් ඔබට චිත්‍රපටි ගැන හැම විස්තරයක්ම දැනගන්න පුලුවන්. උපසිරැසි ගැන්ව්මේදි සහාය උනා වගේම මේ සදහාත් ඔබේ සහාය අපිට ඕන වෙනවා.ඒ ඔබ දන්න අලුත් පරණ ඔනෑම හින්දි,ඉංග්‍රිසි,දමිළ වෙනත් භාෂාවක උනත් ඕනම චිත්‍රපටියක් ගැන විස්තරයක් ලියලා අපිට එවන්න.අප අනිවාර්යෙන්ම ඔබේ ලිපියට ඉඩක් ලබා දෙනවා.

සුම් වෙබ් අඩවිය මෙතරම් කෙට් කාලේකින් ආ ගමන විශාලයි.මේ අලුත් වෙනසත් එක්ක ඒ ගමනට තවත් ශක්තියක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා..








2 comments:

Powered by Blogger.