Quantum Of Solace [2008] සිංහල උපසිරැසි සමග



නොවැම්බර් 9වැනිදා ලොවපුරා ජේම්ස්බොන්ඩ් කතාමාලාවේ නවතම කතාව වන skyfall චිත්‍රපටිය තිරගත වෙන නිසා මට හිතුනා ඒකට කලින් ආපු ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ 2008 දි නිකුත් වු චිත්‍රපටියත් අරගෙන ආවා.මෙය IMDB හි මනාප 171,470ක මනාප ලබාගෙන 6.7 ක අගයක් ලබාගෙන තියනවා.අනික ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට ඕන්න මේක නම් මගහැරගන්න එපා කියලා කියන්න කැමතියි.මෙම කතාවේ ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පොවන්නේ The Girl with the Dragon Tattoo,Cowboys and Aliens වැනි ජනප්‍රිය චිත්‍රපටි වලින් ඔබ හමුවට ආ Daniel Craig විසිනි.හරි එහෙනම්

වැඩි කතාවක් කියන්නේ නැතුව මම කෙලින්ම කතාවේ පොඩි සාරංශයක් කියන්නම්..
ජේම්ස් බොන්ඩ් කියන්නේ රහස්පරික්ෂකයෙක් වගේම දක්ෂ ඔත්තු බලන්නෙක් බව ඔයාලා දන්නවනේ.මෙවර ඔහුට පවරෙන්නේ ව්‍යාපරිකයෙක් වන වයිට් සහ ඔහුගේ ක්වොන්ටම් නම් වූ සමාගම ගැන ප්‍රශ්න කිරීමටයි.ඒත් මේක ලේසි පහසු වැඩක් වෙන්නෙ නෑ.මේ වැඩේට M කියල ගෑණු කෙනෙකුත් මේ පාර බොන්ඩ්ට උදව් වෙනවා.කොහොම නමුත් Mගෙ ආරක්ෂකයා වන මිචෙල් කියන ද්‍රෝහී පුද්ගලයා තමයි වයිට්ට පැනලා යන්න උදව් වෙන්නෙ.
ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ. බොන්ඩ් M එක්ක එකතුවෙලා මිචෙල් ගැන සේරම විස්තර හොයාගෙන යන්න පටන් ගන්නවා.මේ කතාවෙ පරිසර හානියට උදව් කරන පුද්ගලයෙක් ඉන්නවා. එයාව නවත්තන එක තමයි බොන්ඩ්ට මේ පාර පැවරිලා තියෙන ලොකුම කාර්යය.ජේම්ස් බොන්ඩ්ට ඔහුගේ වැඩේ සාර්ථකව කරගැනිමට හැකිවෙයිද?නැතිනම් හතුරා ඔහුගෙන් මිදි පලා යයිද? මේ සියල්ල දැනගන්න ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න වෙනවා. 
අවසන් වශයෙනුත් කියන්න තියෙන්නේ සම්මාන 22ක් ලබා ගත් මේ වටින චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබට නරඔන්න කියලා තමයි.ඒ වගේම 2012 නිකුත් වු නවතම ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකත් ඔයාලට තව ටික දවසකින් බලන්න පුලුවන් වේවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් සමඟ ගයාන් ලියනගේවිසිනි


4 comments:

  1. ane suda mama meka ada genava vitharai sub nathiva balannae kohomada kiyala hithala casino royal balana gaman nimata zoom eka paththe enakota menna bole meka dila jayama jaya veva !!!!!!11 hithanakotama sub denava machanla

    ReplyDelete

Powered by Blogger.