Mortal Kombat:Legacy [2011] S1 E1 සිංහල උපසිරැසි සමඟ



මම හිතන්නේ අපේ කාලේ ඉන්න හැම කෙනෙක්ම දන්නා නමක් තමයි Mortal Kombat කියන්නේ. මෙය ඇත්තටම පරිගණක ක්‍රීඩාවක් සඳහා නිපඳවු කතා තේමාවක්. ඇත්තටම මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණයට මුලික වුනේ, එවකට ජපානයේ නිපඳවා තිබුණු Street Fighter පරිගණක ක්‍රීඩාව සමඟ තරංග කිරීමට ක්‍රීඩාවක් ලෙසිනුයි. මුල් වරට මේ පරිගණක ක්‍රීඩාව 1992 දී තමයි එළිදක්වුවේ. නමුත් වසර 20ක් ගෙවිලත් තවමත් මේ පරිගණක ක්‍රීඩාව ආශ්‍රිතව පරිගණක ක්‍රීඩා සහ චිත්‍රපටි සහ රුපවාහිනී කතා නිර්මාණය වෙනවා. ලොව පුරා මේ චරිත එකහා ලෙසින් ජනප්‍රිය වුනා. ඒ අයුරින් මුල් වරට මෙය චිත්‍රපටියක් ලෙසින් එළිදැක්වුණේ 1995 වසරේදී. ඉන් පසුව ලොව පුරා ජනප්‍රිය පරිගණක ක්‍රීඩා කන්සොල් වන සෝනි ප්ලේ ස්ටේෂන් , මයික්‍රොසොෆ්ට් සමාගමේ xBox සහ Wii සමාගම් මේ ක්‍රීඩාව ලොවට නිකුත් කල විගස ලොව පුරාම ජනප්‍රිය වුනා. ඒ අතරින් අවසානයටම එළිදක්වුවේ Mortal Kombat 9 ලෙස 2011 වසරේදී. මේ ක්‍රීඩාව කොතරම් ලෝ පුරා ජනප්‍රිය වුනාද කියතොත්, 2011 වසරේ හොඳම සටන් පරිගණක ක්‍රීඩාව ලෙස සම්මාන රැසක් පවා දිනා ගත්තා. 

එම පරිගණක ක්‍රීඩාවේ සිටින චරිත වලට ප්‍රේක්ෂකයින් හුරු කිරීමක් සහ හඳුන්වා දීමක් ලෙස තමයි මේ Mortal Kombat: Legacy නමින් රූපවාහිනී කෙටි නාට්‍ය පෙළක් නිර්මාණය වුනේ. මෙය ඇත්තටම විකාශනය වුනේ youtube හරහායි. නමුත් පසුව Bluray තැටියක් ලෙස පසුගිය අවුරුද්දේ එළිදැක්වූවා. මේ කතාවට කොටස් 9ක් ඇතුලත් වෙනවා සහ කතා 6ක් ඇතුලත් වෙනවා. මුල් කතාව තුල ජැක්ස්, සෝනියා, කේනෝ සහ ස්ට්‍රයිකර් ගේ චරිත අලලා කතාවක් විකාශය වෙනවා. දෙවෙනි කතාව තුල ජොනී කේජ් ගැනත්, තුන්වෙනි කතාවෙන් කිටාන සහ මෙලිනා ගැනත්, හතරවෙනි කතාවෙන් රේයිඩන් ගැනත් පස්වෙනි කතාව තුලින් ස්කොපියන් සහ සබ්-සීනෝ ගැනත්, අවසාන කතාව තුලින් සයිරක්ස් ගැනත් බලාගන්න පුළුවන්. සෑම කතාවක්ම විනාඩි 10 ක පමණ වෙන්නේ. දුකට කරුණ වුනේ මේ කතා මාලාවෙ පළමු සීසන් එක හදිසියේම ඔවුන් නවතා දැම්ම. නමුත් අලුතින් ලැබෙන ආරංචි වල හැටියට මෙහි දෙවෙනි කතා මාලාවත් මේ වසරේ අප්‍රේල් මාසයේදී නැවතත් විකාශනය ආරම්භ කරනවා. 


ඒ වගේම මේ මුළු කතා මාලාවම දින කිහිපයකින් අපි ඔබට දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මේ සෑම BluRay පිටපතේ සෑම කොටසක්ම අපේ සර්වරය හරහා උපරිම වේගයකින් කෙලින්ම ඔබට ඩවුන්ලෝඩ් කිරීමට පහසුකම අපි සලසලා තියෙනවා. එහෙනම් මුල් කතාවේ අඩංගු කොටස් දෙකක් අද දවසේ අපි නිකුත් කරනවා. 


එහෙනම් ලැබුවාවූ අලුත් වසර දුක අඩු සතුට වැඩි 2013 වසරක් වෙන්න කියල සැමට ප්‍රර්ථනා කරනවා.rokiya@zoom.lk.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදා විසිනි


රුපවාහිනි කතාමාලාව හා සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න.

No comments

Powered by Blogger.