Upside Down [2013] සිංහල උපසිරැසි සමගින්


ඔන්න, මම අද ඔයාලට මගේ 10වෙනි සිංහල උපසිරැසි නිර්මාණය තිළිණ කරනවා! මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි නිර්මාණය කිරීම සදහා මට දිනුෂ්ක උදාර අයියා ලොකු උදව්වක් ලබාදුන්නා! ඔහුත් එක්ක මේ වැඩේ කරන්න ලැබුන එක ගැන, මට නම් ලොකු ආඩම්බරයක් දැනෙනවා! මොකද උදාර නොහොත් රොකියා කියන්නේ සිංහල උපසිරැසි පරම්පරාවේ ඉන්න සුපිරිම ඩයල් එකක් නිසා! ඉතින්, මේ වැඩේට උදව් වුන උදාර අයියාට ගොඩක් ස්තූතිවන්ත වන අතරම මේ සබ් එකේ ටයිමින්ග් සකස් කිරීමට ඉතා මහගු වෙහෙසක් දරපු අපේ HEDZටත් ස්තූතිවන්ත වෙනවා! මේ ෆිල්ම් එක තාම, ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරන්න මාසෙකටත් වඩා කල් තියෙන හින්දා, අපිට හොද ඉංග්‍රීසි සබ් එකක් හම්බවුනේ නෑ! ඉතින්, චිත්‍රපටිය මොනා ගැනද තියෙන්නේ කියලා, උදාර අයියා ඔයාලට පැහැදිලි කරයි!
- ඉසුරු මධුසංඛ පෙරේරා

"ගුරුත්වාකර්ශන බලයට වඩා ඔවුන්ගේ ආදරය බලවත්". මිනිසුන් වාසය කරන ග්‍රහ ලෝක දෙකක්, එක සුර්යයෙක්, තවත් එක් මන්දාකිණියක් තුල වූ විකාර වූ ගුරුත්වකර්ශනයක්, මේ ගුරුත්වාකර්ශනයට හසුවුනු ආරදවන්තයින් යුවලක් ! මේ ලබාදෙන්න යන්නේ තවමත් ලෝකය පුරා තරගත වෙන ලස්සන කතාවක් අඩංගු චිත්‍රපටයක්. මේක ටිකක් අමුතුම වර්ගයේ චිත්‍රපටයක්. ඔබ විද්‍යා ප්‍රබන්ද (Sci-fi) වලට සහ ආදර කතා වලට ප්‍රිය කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් මේක. 

කතාව නම් ටිකක් අමුතුයි විස්තර කරන්න. එක සුර්යා කෙනෙක් සිටින ග්‍රහලෝක දෙකක් තියෙනවා මේ ග්‍රහ ලෝක දෙක තුලම මිනිසුන් වාසය කරනවා. මේ ග්‍රහ ලෝක දෙක බ්‍රමණය වෙන්නේ එකකට එකක් විරුද්ද ගුරුත්වාකර්ෂණයක් යටතේ. මේ ග්‍රහ ලෝක දෙකින් එක ලෝකෙක මිනිසුන් හුඟක් දැන්වත් සහ එම ලෝකය තාක්ෂනය සහ අනෙකුත් දේවල් වලින් ඉදිරියෙන් සිටිනවා. අනෙත් ලෝකේ සිටින මිනිසුන් දුප්පත් සහ තාක්ෂනය අතින් හුඟක්ම පහල මට්ටමක සිටින්නේ. මේ ලෝක හරහා ගමන් කිරීමට නිසි අවසර අවශ්‍ය වෙනවා. නමුත් දිනක් කුඩා ළමයෙක් වන ඇඩම් මේ ලෝක දෙක තුල ඉතා කිට්ටුම පරතරය තිබෙන ස්ථානයට යනවා. මේ ස්ථානය යෑමට තහනම් ස්ථානයක්. මේ අතර එහා ග්‍රහ ලෝකයෙන් පැමිණෙන ඊඩන් නම් කුඩා ළමයෙකු සමග යහලූ වෙනවා. ඇය අනවසරයෙන් ලෝක දෙක තරණය කරනවා. නමුත් ආරක්ෂක අංශ විසින් මේ සිද්දිය දැනගෙන ඔවුන් හට වෙඩි තබනවා. ඒ සිද්දියෙන් ඊඩන්ගේ හිසට බරපතල් ලෙස හානි වී සියලුම පැරණි මතකයන් නැති වී යනවා. ඔන්න ඔය විදිහට තමයි කතාවේ ආරම්භය සිදු වෙන්නේ. නමුත් වසර දහයකට පමණ පසු අහම්බෙන් ඇඩම් හට ඊඩන්ව රුපවාහිනිය ඔස්සේ දකින්න හැකි වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇඩම් ලෝකය උඩු යටිකුරු කරලා ගුරුත්වකර්ශනයත් උඩු යටකුරු කරන්න පටන් ගත්නේ. කතාව කියුව වැඩි වුනාද මන්ද. කොහොම වුනත් මේ විදියට නම් කතාව තේරුම් ගන්න සැහෙන්න අමාරුයි. නමුත් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතුම චිත්‍රපටියක් මෙය. 

ඒ වගේම මෙම චිත්‍රපටයේ ග්‍රැෆික් සහ පසුබිම් දර්ශන හරිම ලස්සනයි, චිත්‍රපටය බලනකොට ඔබට වෙනම ලෝකෙක ඉන්නවා වගේ තේරෙයි. ඒ තරම්ම මමනම් මේ ඉෆෙක්ට්ස් වලට ආසා වුනා. ඇත්තටම හුඟක් ස්තූති කරන්න ඕනේ ඉසුරු මධුසංඛ සහෝදරයට. ඔහු මේ චිත්‍රපටය ගැන නොකියන්න මට ඇත්තටම මේ චිත්‍රපටය මගහැරෙන්න තිබුනා. ඒ වගේම ඔහු තමයි මේ උපසිරසි වලින් වැඩි ප්‍රමාණයක්ම කරලා තියෙන්නේ. ඒ වගේං මේ චිත්‍රපටයේ කාල සීමා වලට සරිලන ගුණාත්මක උපසිරසියක් තවමත් නිකුත්වෙලා නැහැ. ඒ නිසා ඒ ටයිමින් මුල ඉඳලම හැදුවේ හෙඩ්ස්. ඔහුන් දෙදෙනාටම ස්තූති වෙන ගමන්ම එහෙනම්, මේ අලුත්ම චිත්‍රපටය හොඳ BluRay පිටපතක් එක්ක ඔබට ඉක්මනින්ම තිලින කරපු නිසා හැකි හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම නරඹන්න. 


- දිනුෂ්ක උදාර


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු මධුසංඛ පෙරේරා සමඟ දිනුෂ්ක උදාර විසිනි



1 comment:

  1. Machan me Sub eka ganna bahhne Page not found kiyala watenawa

    ReplyDelete

Powered by Blogger.