Iceman (2014) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න ඉතින් අද මම අරගෙන ආවෙ මේ අවුරුද්දෙ තිරගත වුන චීන සිනමා සිත්තමක් එක්ක, මේක ගැන විස්තර කියනවනම් 2014 අප්‍රේල් 25 වෙනිදා තමයි මේක තිරගතවීම ආරම්භ වෙලා තියෙන්නෙ, ඒවගේම තිරගතවීමෙන් ආදායම් වාර්ථා තියන්නත් සමත් වෙලා තියෙන්වා, මේකෙ කතාව ගැන කියනවනම්, HE YING කියන්නෙ MING අධිරාජ්‍ය සමයෙ හිටපු හමුදා ජෙනරාල්වරයෙක්, ඉතින් වර්ථමානයෙ හොං කොං වල අනතුරක් සිද්ද වෙනවා, ඒ අනතුරෙන් ශීත කල පෙට්ටි තුනක් එලියට විසි වෙනවා, එයින් එක ශීත පෙට්ටියක් ඇතුලෙ He ying ඉන්නවා, ඉතින් මෙයා මේ විදියට අවුරුදු 400කට පස්සෙ හොංකොං වල පෙනී ඉන්නවා, ඉතින් අවුරුදු 400ක් නිද්‍රාගත වෙලා තමයි ඔහු මේ විදියට ආපහු එන්නෙ, ඒවගේම ඔහු ඒ විදියට එන්නෙ Ming අධිරාජ්‍යා ලඟ තිබුන කාළ යන්ත්‍රයකින්, ඉතින් ඒක විතරක් තිබුනට කාළ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ නෑ, ඒකට ලින්ගාව කියල උපකරනය අවශ්‍ය වෙනවා, ඉතින් මෙයා වර්ථමානයට එනකොට එයා ලඟ ඒ ලින්ගාව තියෙනවා, ඒවගේමමෙයාට මින්ග් අධිරාජ්‍යාගෙ කාලයෙ පාවාදිමේ චෝදනාවකුත් එල්ල වෙනවා, ඉතින් ඒ විදියට සිද්ද වුන සටනකින් පස්සෙ තමයි එයාව මේ විදියට වර්ථමානයට එන්න කලින් නිද්‍රාගත වෙන්නෙ, මේකෙ කතාව එක පැත්තකින් විතරක් කියන්න බෑ, මොකද මේකෙ ගොඩක් තියෙනවා, ඉතින් හොද ක්‍රියාදාම ටිකක් බලාගන්න පුලුවන්, ඒවගේම මේක හාස්‍ය පැත්තටත් පොඩ්ඩක් බරයි, ඉතින් ඒ විදියට කතා හැම එකක්ම ගලපගෙන බලන්න, ඒවගේම ඉතින් මේක කරගෙන යනකොට සමහර වචන ගලපගන්න බැරිවුන වෙලාවෙ මට උදවු කරපු ඉසුරුටත් නවීන් අයියටත් ගොඩක් ස්තූතියි, එහෙනම් තවත් හොද නිර්මානයක් එක්ක හමුවෙමු, ගිහින් එන්නම් ජයවේවා!











No comments

Powered by Blogger.