Knock Out (2010) සිංහල උපසිරැසි සමඟින්



බාපුජි කියන්නේ මුම්බායේ ඉන්න ඇමති වරයෙක්.එයා විවිධ ව්යාාපාර හා දේශපාලනයෙන් හොදට සල්ලි හම්බකරනවා.මෙයා නම් කියන්නේ දේශපාලනයට වඩා හොද ව්යා පාරයක් තිබ්බොත් කියන්න ඒක මම කරන්නම්" කියලා.කොහොමහරි මෙයා මිනිස්සුන්ව කොල්ල කාලා ස්විස් බැංකුවේ ගිණුමක සල්ලි තැම්පත් කරනවා.එයාගේ ඒ ගිණුමේ විතරක් කෝටි 32,000 ක් තියෙනවා. මෙයාට ඉන්නවා විස්වාසවන්ත සේවකයෙක් බච්චු කියලා.එයා තමයි මෙයාගේ ස්විස් ගිණුම් පාලනය කරන්නේ.බාපු ගේ ගිනුම් වල මුරපද එහෙමත් මෙයා දන්නවා. මේ බච්චු හෙවත් ටෝනි කොස්ලා වටේ තමයි ඉතින් කතාව යන්නේ.මේ බච්චුගේ රස්සාවනම් බැංකු ආයෝජකයෙක්. මෙයත් එයාගේ ලොක්කට දෙවෙනි නෑ.හැම ජරා වැඩක්ම කරනවා.
කොහොම හරි දේශපාලඥයෝ තමන්ගේ රටින් කොල්ල කාපු සල්ලි නැවත තමන් ගේ රටට ගෙන ඒමට උත්සහ කරන පුද්ගලේයෙකුත් ඉන්නවා.එයානම් කියන්නේ,අවුරුදු 250 කදි බ්ර්කතාන්ය් අපෙන් කෝටි සිය දහස් ගණනක් කොල්ල කෑවා. මේ අවුරුදු 60 කදි අපේ දේශපාලනඥයෝ අපෙන් කෝටි හත්සිය ලක්ෂයක් කොල්ල කෑවා.එයා කව්ද කියලනම් මම කියන්නෑ.එයා තමන්ව හදුන්වා දෙන්නේ නම්, කාමරයක ඉදගෙන විස්කි තොල ගගා රටේ දුෂණය ගැන කතා කරන ඉන්දියානුවෙක් නෙමෙයි මම. කතානොකර වැඩවලින් වැඩ පෙන්වන කෙනෙක් මම.එයා ඔහුගේ ඉලක්කයට ලගා වීමට අවුරුද්දක් තිස්සේ බච්චුගේ පස්සෙන් ඔත්තු බලනවා. බච්චුගේ දින චර්යාව,පවුලේ අය,බාපුජි ගැන හා බච්චුගේ හැම දෙයක් ගැනම මෙයා හොයාගන්නවා.කතාවේ පසු බිම නම් මෙන්න මෙහෙමයි.

කතාවේ නළුවන් ගැන කිව්වොත්,
Sanjay Dutt(Vir Vijay Singh), Irrfan Khan(Tony Khosla හෙවත් Bachchu), Kangana Ranaut(Nidhi Srivastav), Gulshan Grover(Bapuji) ලෙස රංගනයෙන් දායක වෙනවා.කතාව ගලාගෙන යන්නේ තනිකරම දුරකථන කුටියක් වටා. ඒ කිව්වේ බච්චු ප්රාමදේශීය මන්ත්රී වරුන්ට මැතිවරණයට සල්ලි බෙදන්න යනකොට තමයි දුරකථන කුටියක ප්රා ණ ඇපකාරයෙක් වෙන්න සිදුවෙන්නේ. කතාව අවසාන වෙනකන්ම බච්චු ඉන්නේ දුරකථන කුටියකයි. මේ නිරීක්ෂකයා ස්නයිපර් තුවක්කුවක් භාවිතයෙන් බච්චුව ප්‍රාණ ඇපකාරයෙක් කර ගන්නවා.මෙයා ඒක කරන විදියනම් බලන්නම වෙනවා.මේ නිරීක්ෂකයා බච්චුව විවිධ දේවල් කරලා හොදටම මහන්සි කරවනවා.මේ අතර මේ ස්නයිපර්කාරයා මිනිහෙක්ව මරනවා. ඒ ඇයි කියලනම් කතාව බලලම දැන ගන්න වෙයි.බච්චුගේ වෑන් රථයෙ තිබෙන කෝටි 500 ක මුදලත් මෙයා බච්චුව බය කරලා ගන්නවා.මේ නිරීක්ෂකයාගේ අවසාන උත්සාහය තමයි බාපුජිගේ ස්විස් ගිණුමේ තිබෙන මුදල් තාම රටට බච්චු ලවා ගෙන දීම. බච්චුව ප්රාඋණ ඇපයට ගත් බව දැන ගත්ත බාපු තමන්ගේ රහස් එලි කරයි කියලා බයට බච්චුව හා ඔහුගේ පවුලේ අයව මැරයන් ලවා මරාදැමීමට තැත් කරනවා.මේ නිරීක්ෂකයා කව්ද?මොහු බච්චුගෙන් පලි ගන්න හදන්නේ ඇයි?ඉතිරිය දැනගන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමයි.






No comments

Powered by Blogger.