LeGenD (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න එහෙනම් අලුතින්ම නිකුත් උන තෙලෙඟු ක්‍රියාදම චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ.වැඩි කතාවක් නොකිය ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා බලමුකෝ. ක්‍රිෂ්ණා (Nandamuri Balakrishna) ඉන්නෙ ඩුබායි වල ඔහුගෙ පවුලෙ අය ඉන්නෙ ඉන්දියාවේ.ඔහුගෙ ආච්චි ඔහුත් එක්ක වැඩි ඇහි හොදැයියක් එහෙම නැති කෙනෙක්.ක්‍රිෂ්ණා පිටරටදී ස්නේහා (Sonal Chauhan) සමග ආදරෙන් බැදෙනවා.ඔවුන් දෙදෙනා ඉන්දියාව බලා එනවා ආච්චිගෙන් ඔවුන් දෙපලට ආශිර්වාද ලබා ගැනීමට.ජිතෙන්දර් කියන්නෙ අභිමානවත් ලෙස ජීවත් වෙන අයෙක්,ඒ වගේම ඔහුගෙ ගමනට යම් කිසි කෙනෙක් බාධා කලොත් ඔහුට යහතින් ඉන්න දෙන්නෙ නෑ.ඔහු දිනක් අසල ගමකට යනවා විවාහ යෝජනාවක් වෙනුවෙන්.එහිදී ඔහු එම ගමේ ගම් මුලාදෑනියා සමග ආරවුලක පැටලෙනව,එහිදී ඇතිවන සිදුවීම් දාමයක් නිසා ඔහුට හිරේ ලගින්න වෙනවා.එම සිදුවීමෙන් පස්සෙ ඔහු තීරණය කරනව ගම් මුලාදෑනියාගෙ පවුලෙ අයගෙන් පලිගන්න.පසුව ඔහු මුලාදෑනියගෙ පවුලෙ අයව එකින් එකා ගානෙ මරලා දානවා.දැන් ක්‍රිෂ්ණා ඉන්දියාවට පැමිණෙන අතර ජිතෙන්දර්ගෙ කට්ටියක් එක්ක ආපු ගමන්ම ආරවුලක පැටලෙනවා.එතනින් තමයි හොදම හරිය පටන් ගන්නේ.එතැනින් පස්සේ මොකද වෙන්නෙ කියලා බලන්න ආරාධනා කරන ගමන් මම නික්මෙනවා,ඔබට ජය!






No comments

Powered by Blogger.