Noah (2014) සිංහල උපසිරැසි සමඟින්



ගොඩක් කාලෙකින් නේද යාළුවනේ හම්බවෙන්නේ.... ඔන්න ඉතිං මාස ගානකට පසුව ආයෙත් උපසිරැසි දෙන්න තීරණය කරා..හැබැයි මේ චිත්‍රපටය නම් හම්බුනේ අහම්බෙන් වගේ.. ඒ වගේම වැඩ රාජකාරි අස්සේ තමයි කරන්න වුනේ.ඉතිං චිත්‍රපටය කලට වේලාවට දෙන්න බැරිවුන එකට ගැන හදවතින්ම කණගාටු වෙනවා...උපසිරැසිය දෙන්න ගත්ත වෙලාවෙ ඉඳන් කරදර ගොඩක් ඇතිවුනා... ඇත්තටම කිව්වොත් ඊයෙ මගෙ අම්මත් රෝහල් ගත කරන්න වෙලා තමයි තිබුනේ..මේ කතාව ලියන වෙලාවෙත් අම්මා ඉන්නෙ රෝහලේ.. ඉතිං ඒවා ගැන හොලා බලන්නත් වුන නිසා උපසිරැසිය දෙන්න කල් ගත වුනා... මං හිතනවා කවුරුවත් මගෙත් එක්ක තරහා වෙන එකක් නැ උපසිරැසිය දෙන්න පරක්කු වුනාට.. ඒ වගේම කියන්න ඕන මම උපසිරැසිය හදනවාට අමතරව ටයිම් ලයින් එකත් හදනවා... දෙන වචන ටික කියවන්න තවත් කාලය දික් කරනවා.. මං හිතන්නෙ ඒක හැමෝටම හොඳ රුකුලක්වෙයි..ඒ වගේම තවත් කියන්න ඕන මට සබ් එක කරන්න කියලා ඉල්ලුවේ ඉසුරු මලෙයා...ඉතිං මැච් එක වත් බලන්නේ නැතුව සබ් එක දාන්න වැඩේට බැස්සා (හොඳ වෙලාවට මැච් එක බැලුවෙ නැත්තෙ). ඉතිං හරි සතුටින් චිත්‍රපටය බාගෙන බලන්න ගන්න කොට බාගත්ත කොපියෙ මොකක්දෝ අවුලක්..හරියට දර්ශනය වෙන්නෙ නෑ..ඉතිං ආයෙත් කොපිය බාගත්තා(දුකේ බෑ)...ඊට පස්සෙ තමයි සබේ දාන්න ගත්තේ...හාහා දැන් ඇති අනුන්ගෙ ඕපෙ කියෙව්වා පහලින් ඇති කතාව ගැන හිහි.....

මම නම් මේ කතාව පිළිගන්නෙ නැ... තනිකර බොරුවක් කියලයි මට හිතෙන්නෙ... ඒත් කවුරුවත් දන්නෙ නෑනෙ මිනිස්සු කොහොමද මේ ලෝකෙට ආවෙ කියලා... අපි දන්නෙනෑ අපි කොහොමද ඉපදුනේ කියලා... හැබැයි මේ කතාවෙ නම් ලස්සනට විග්‍රහ කරනවා මේ ලෝකෙ හැදුනු හැටිත්... අප ඉපදුන හැටිත්.... කතාව දිව යන්වෙ මෙහෙමයි... මෙ ලෝකය මැව්වෙ මැවුම් කරු විසින්.. එමෙන්ම ඔහු ගැහැණිය හා මිනිසෙකු ද මැවුවා... එහෙත් ඔවුන් මැව්වෙ ලෝකය ලස්සන කරන්න මිස... ලෝකය දූෂණයකරන්නට නෙවෙයි... ඉතිං මිනිස්සු දරුණු වෙලා ලෝකය දූෂිත මට්ටමට ගේනවා... එහිදී මැවුම් කරුගේ උදහසට මිනිසුන් පත්වී මිනිස් සංහතිය විනාශ කරන්න අවස්ථාවක් තමයි කතාව තුල දිව යන්නේත.. එහෙත් මැවුම්කරුගේ තීරණය පවා වෙනස් කිරිමට මිනිසුන්ට හැකිවනවා....ඒ හැම දේම චිත්‍රපටයෙන් දැකගන්න.. ඇත්තටම කිව්වොත් හරිම ලස්සන චිත්‍රපටයක්...

වෙනදා වගේම අදත් 3D Effects හා VFX අතින් ඉදිරියෙන් සිටින Paramount ආයතනය විසින් තමයි චිත්‍රපටය නිර්මාණය වි තිබෙන්නේ.. ගල්වලින් සැදුන යෝධයන්.. එතකොට විශාල කුණාටු....තවත් බොහෝ ලස්සන දර්ශනයන් හරි අපූරුවට චිත්‍රපටය නගලා තිබෙනවා.. එමෙන්ම චිත්‍රපටය iMBD Rating ගත්තාම 6.3 ක සාධාරණ මට්ටමක් ලබා දි තිබෙනවා... එමෙන්ම කියන්නට ඕන ලෝකය හොල්ලපු නළු නිළි පිරිසක් ද මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.. මුලින්ම කිව්වොත් Beautyful Mind චිත්‍රපටයේ රඟ පෑ අති සුපිරි නළු Russell Crowe මෙහි ප්‍රධාන චරිතනය පණ පොවනවා..ඒ වගේම මම පොඩි කාලෙ ඉඳන් කැමති Harry Potter චිත්‍රපටයේ රඟ පැ ලස්සන නිළිය Emma Watson ද අති සුපිරි අන්දමින් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා... තවද චිත්‍රපටයේ වියදම ඇ.ඩො මිලියන 120 ක් ලෙසද දැනට ලැබු ආදාය ඇ.ඩෝ මිලියන 360 ක් පමණ වන බව ප්‍රකාශ කල හැකියි (තවමත් ප්‍රදර්ශනය වනවා). එහෙනම් දැනට එය ඇති.. දැන් චිත්‍රපටය බලලා රස විඳින්නකෝ.. තවත් සුපිරි චිත්‍රපටයකින් හැමෝම හමුවෙමු.. හැමෝටම සුභ දවසක්.





No comments

Powered by Blogger.