Rama Rama Krishna Krishna (2010) සිංහල උපසිරැසි සමඟින්

ඔන්න මේ ටිකේ ඉංග්‍රීසි චිත්‍රපටි වලින් හෙම්බත් වුණු අයට බලන්න, මම ලස්සන තෙළිගු චිත්‍රපටියක් අරගෙන ආවා.2010 වසරේ නිකුත් වුණු මේ චිත්‍රපටිය, ඉන්දියන් රුපියල් කෝටි 27ක ආදායමක් ලබාගන්න සමත්වුනා. තෙළිගු සිනමාවේ දැවැන්ත නළුවන් දෙදෙනෙක් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණපොවනවා. ඒ වෙන කවුරුත් නොව,සුප්‍රකට නළු Arjun Sarja සහ තරුණ නළු Ram Pothineniයි! පසුකාලීනව මේ චිත්‍රපටිය Gandhipuram ලෙස දෙමළ බසටත්, Nafrat Ki Jung ලෙස හින්දි බසටත් හඩකවනු ලැබුවා. එහෙනම් ඉතින් මම සළරුව ගැන පොඩි විස්තරයක් කරන්නම්කෝ.

අශෝක් දේවා (Arjun Sarja) කියන්නේ මුම්බායි වල ඉන්න ප්‍රසිද්ධ මැරයෙක්. ඒත් ඔහු අසාධාරණයට එරෙහිව සටන් වදින කෙනෙක්.ඔහුගේ ප්‍රධාන හතුරා තමා, පවාර් ලෙස හදුන්වන දාමරිකයා. ඉතින් මේ දෙන්නාගේ සටන් හේතුවෙන්, අශෝක් දේවාගේ බිරිද මියයනවා. ඉතින් මේ සිද්ධියෙන් කම්පාවෙන දේවා තමන්ගේ මැරකම් අත්හැරලා, ගාන්ධිපුරම් යනුවෙන් හදුන්වන
කුඩා ගම්මානයකට යනවා. ඔහුත් සමග ඔවුන්ගේ නැගණියන්ද මේ ගමට යනවා. ඉතින් මේ ගමේ මිනිස්සු හරිම අවංකව ජීවත්වෙන කට්ටියක්. ගාන්ධිපුරම් කියන වචනෙන්ම ඒ ගැන තේරෙනවා ඇතිනේ. ඒත් මේ ගමේ අපූරු චරිතයක් ඉන්නවා.ඔහු තමා රාමා ක්‍රිෂ්ණා (Ram Pothineni). මොහුගේ නම වගේම තමයි වැඩත්. ඔයාලා ඒ වැඩ ගැන චිත්‍රපටිය බලලාම තේරුම්ගන්න. ඉතින් කොහොමහරි රාමාගේ අයියායි, දේවාගේ ලොකු නංගියි ආදරේ කරනවා. මේ ආදරයට දේවායි, රාමායි මොනවගේ ප්‍රතිචාර දක්වයිද? ඒ ගැන ඔයාලා මේක බලලාම තේරුම්ගන්න. තව විස්තර කරන්න ගියොත්, චිත්‍රපටියෙන් වැඩක් නැතුව යනවා. ඒ හින්දා හැමෝම මේ ලස්සන චිත්‍රපටිය බලන්න. ආදරය, ත්‍රාසය, භීතිය, කුතුහලය නොඅඩුව පිරුණු මේ වගේ අපූරු චිත්‍රපටියක් මගඇරගන්න එපා. එහෙනම් කට්ටියටම සුභම සුභ රාත්‍රියක් වේවා!

චිත්‍රපටියේ ටොරන්ට් එක තුල සීඩ්ස් ප්‍රමාණය අවමයි ලෙස දැනෙනවා නම් ඩිරෙක්ට් ලින්ක් භාවිතා කරන්න.






No comments

Powered by Blogger.