Sabotage (2014) සිංහල උපසිරැසි සමඟින්


මුලින්ම මගේ 100 වෙනි උපසිරැසියට සුභ පතපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි! ඔන්න ඉතින් අදත් මම සුපිරිම ඝනයේ චිත්‍රපටයක් අරගෙන ආවා, ගොඩක් දෙනෙක් මේකෙ හොද කොපියක් එනකම් බලාගෙන හිටියෙ මොකද මේකෙ සුපිරි නළුවෙක් ඉන්න නිසා, ෆිල්ම් එක ගැන විස්තර කියනවනම්, 2014 මාර්තු 19 වෙනිදායින් ලොස් ඇන්ජලීස් වලින් තමයි මේක තිරගතවීම ආරම්භ කලේ, මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ David Ayer විසින්, පිටපත Skip Woods විසින් රචනා කරලා තියෙනවා, ධාවන කාලය විදියට සටහන් වෙන්නෙ මිනිත්තු 109ක්, ඒවගේම බෙදාහැරීම කරලා තියෙන්නෙ Open Road Films ආයතනය යටතේ, මේක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තියන්න සමත් වුන චිත්‍රපටයකුත් වෙනවා, ඒවගේම මෙහි රංගනය වෙනුවෙන් සුපිරි නළු Arnold Schwarzenegger, Joe Manganiello, Sam Worthington, Terrence Howard, Mireille Enos වගේ සුපිරි නලුය නිලියන් රැසක් දායක වෙලා තියෙනවා,

කතාව දිහාට හැරෙනවනම් මත්ද්‍රව්‍ය ජාවාරම් වැටළිම් කරන්න රහස් විදියට සේවය කරන පොලිස් ඒකකයක් ඉන්නවා, මේක නායකයා තමයි ජෝන්(Arnold Schwarzenegger) මේ විදියට මෙයාලා Rios-Garza කියන මත්ද්‍රව්‍ය සංවිධානයට එරෙහිව මත්ද්‍රව්‍ය වැටලීමක් කරනවා, හැබැයි මෙතනදි අරමුණ වෙන්නෙ මේ සංවිධානයෙ තියෙන කලු සල්ලි විනාශ කරන එක, හැබැයි මෙයාලගෙ ඉහල අයත් දැනුවත්ව ජෝන් ගෙ කන්ඩායම ඒ කලු සල්ලි වලින් කොටසක් හොරකම් කරන උපායක් යොදනවා, ඉතින් කොහොමහරි වැටලීමට පස්සෙ මෙයාලා ඒ කලු සල්ලි වලින් ඩොලර් මිලියන 10 හොරකම් කරන්න සමත් වෙනවා, මෙයාලා ඒ හොරකම් කරපු සල්ලි කබයක ගැට ගැහලා බටයකින් පහලට දානවා, ඉතින් මෙහෙයුම ඉවර වෙලා ආපහු ඇව්ත් බලනකොට, කඹය කපාගෙන ගිහින්, ඩොලර් මිලියන 10ම අතුරුදන් වෙනවා, ඒක ගත්තෙ කවුද කියලත් දන්නෙ නෑ, ඉතින් මෙයාලගෙ ඉහල නිලධාරින් හිතන්නෙ මේ සල්ලි මෙයාලා හොරකම් කලා කියලා, ඒවගේම මාස හයකට මෙයාලගෙ වැඩත් අත්හිටුවලා විමර්ශනය කලත් සල්ලි ගැන කිසිම හෝඩුවාවක් ලැබෙන්නෙ නෑ, මාස හයකට පස්සෙ ආපහු කන්ඩායමට රාජකාරි කරන්න අවස්ථාව ලැබෙනවා, හැබැයි එතනදි මේ නියෝජිතයන්ගෙන් එක්කෙනා ගානෙ දරුණු විදියට මැරෙන්න ගන්නවා, ඉතින් ඔච්චර තමයි මම කතාව ගැන කියන්නෙ, ඩොලර් මිලියන 10 හොරකම් කලේ කවුද, ඒ සල්ලි අරගෙන තියෙන්නෙ මොකටද, ජෝන්ට මොනවා වේවිද, නියෝජිතවරු මැරෙන්න හේතුව මොකද්ද, ඇත්තටම සල්ලි හොරකම් කරලා තියෙන්නෙ මේ කණ්ඩායමද, කණ්ඩායමේ කී දෙනෙක් බේරෙනවද වගේ කුතුහලය පිරුණු ප්‍රශ්න වලට උත්තර මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ හොයාගන්න පුලුවන් වෙයි, එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙන තෙක් ඔබට ජය!







No comments

Powered by Blogger.