The Hidden Face (2011) සිංහල උපසිරැසි සමඟින්




මේ චිත්‍රපටිය ගැන කියනවා නම් ඔබ දකින්න ඇති 2013 වසරේ Murder 3 නමින් හින්දි චිත්‍රපටියක් එලිදැක්වුවා.අන්න ඒ චිත්‍රපටිය පාඨක කරගත්තේ මෙන්න මේ චිත්‍රපටිය තමයි.සමහර විට ඔබ ඒ චිත්‍රපටිය නරඔලා ඇති. මේ චිත්‍රපටියේ හා ඒ චිත්‍රපටියේ අතර පොඩි පොඩි වෙනස් කම් නම් ගණනාවක් තිබෙනවා. ඒ නිසා මේක අරන් බැලුවා කියලාත් පාඩුවක් වෙන්නේ නම් නැහැ. කතාව දිව යන්නේ ස්පාඤ්ඤ ජාතික සංගීත අධ්‍යක්ෂක වරයෙක් වටා.එයාගේ පෙමවතිය දාල ගිය දුකට ඔහු බොන්න කියලා බාර් එකකට යනවා.මෙහිදි ඔහුට තවත් ඇන්ඩ්‍රියා නැමැති ගැණු ළමයෙක් හමුවෙනවා. ටික කාලයක් යද්දි දෙන්නා ආදරයෙන් බැදෙනවා. ඔහුටද තමන්ගේ පැරණි පෙම්වතිය අමතක වෙලා යනවා. නමුත් මේ දෙන්නා වාසය කරන ගෙදර යම් යම් සිදුවිම් වෙන්න ගන්නවා. මේ සිදුවිම් වෙන්න ගන්නෙත් ඔහුගේ පළමු පෙම්වතිය බෙලෙන් ගේ අතුරුදහන් විමත් සමගයි.බෙලෙන් අතුරුදහන් විම හා මේ සිදුවිම් අතර යම්කිසි සමාන කමක් තියෙනවාද කියලා හොයාගන්න වෙන්නේ ඔයාලට චිත්‍රපටිය බලලා තමයි.මේක මගෙයි අපේ අයියගෙයි පළවෙනි උපසිරස ඒ වගේම හමුදුරෝවෝ නමක් අපට කරන්නට උදව් කරපු පළවෙනි උපසිරසිය.






No comments

Powered by Blogger.