The Nut Job (2014) සිංහල උපසිරැසි සමඟින්


යාළුවනේ මෙන්න තවත් ඇනිමේෂන් ෆිල්ම් එකක් ගෙනාවා මම. මේක ඇවිල්ල ගොඩ කාලයක් වෙනවා. සමාවෙන්න මේකට සබ් දෙන්න පරක්කු උන එකට. හුඟ කාලෙකින් ආපහු සබ් එකක් දෙන්නේ.
මේකේ IMDb ratings 5.8 වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Peter Lepeniotis. මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි 14. මේ ෆිල්ම් එකට Canadian Cinema Editors Awards 2014 දී Best Editing in Animation සම්මානය හම්බෙලා තියෙනවා.ඒ වගේම Golden Trailers Awards 2014 දී Best Viral Video or Campaign සම්මානයත් හම්බෙලා තියෙනවා. මේකේ හඩකවන කට්ටිය නම්,

Will Arnett - Surly
Katherine Heigl - Andie
Brendon Fraser - Grayson
Liam Neeson - Racoon
Jeff Dunham - Mole

හරි ෆිල්ම් එක ගැන කියනවනම් නම වගේම පිස්සුවක් තමයි ඉතින්. මේ කතාව සර්ලි කියන අමාරුකාර ලේනෙක් වටේ ගොතපු ක්‍රියාදාම තියෙන විහිළු කතාවක්. මේකේ ප්‍රධාන චරිතේ ඒ කියන්නේ සර්ලි දඟකාර ලේනෙක්, ඒ වගේම එයාගේ හොඳම යාළුවා තමයි බඩී. එයා මීයෙක්. මේ දෙන්නා කජු ගබඩාවක් මංකොල්ල කන්න හදනවා. මොකද එයාලට ශීත කාලේට කන්න කෑම හොයා ගන්න. මෙයාලා දෙන්නා වගේම තවත් සත්තු කට්ටියක් ඉන්නවා උද්‍යානයක. එයාලත් කෑම හොයනවා. කොහොමහරි මේ කජු ගබඩාව සත්තුන්ටත් අහු වෙනවා. මේ කජු ගබඩාව තියෙන්නේ බැංකුවක් මංකොල්ල කන්න හදන හොරු ඉන්න ගෙදරක. තවත් කියන්න ඕන නෑ, ඔයාලම බලන්නකෝ සර්ලිට වෙන දේවල්. ගිහින් එන්නම් ආපහු සබ් එකක් අරගෙන. සුබ දවසක් හැමෝටම








No comments

Powered by Blogger.