A Nightmare On Elm Street (1984) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න නව පරපුරෙ පමණක් නොව පරණ පරපුරෙ අය පවා භීතියට පත් කළ සුපිරි හොල්මන් කතාවක් තමයි මේ දෙන්න යන්නේ. කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍රපට සීරියස් එකක සිංහල උපසිරැසි ජනසතු වීමේ ආරම්භය තමයි අද මම මේ පා තබන්නේ. කවුරු කොහොම ප්‍රේක්ෂකයන්ට ආදරෙන් උපසිරැසි දෙන්න හැදුවත් ප්‍රේක්ෂකයන්ට ආදරයක් තිබෙනවා නම් මේ චිත්‍රපටයට අනිවාරයෙන්ම උපසිරැසි ලබාදී තිබිය යුතුයි. එහෙත් තවමත් අන්තර්ජාලයේ සිංහල උපසිරැසියක තිබහින් සිටි මේ චිත්‍රපටයට දැන් ඔන්න මගේ අතින් උපසිරැසි දෝතක් දෙන්න තමයි මුලපුරන්නේ.

කතාව ගැන කියන්න දෙයක් නෑ මං හිතන්නේ. ලොකු පොඩි හැමෝම දන්න හොල්මන් කතාවක් තමයි මේක. ඒ වගේම තවමත් මෙවැනි ආකාරයෙන් වෙනස්ම හොල්මන් චිත්‍රපයයක් ලෝකයේ නිර්මාණය වුනේ නැති තරම්. ටිකක් විතර මොලේ කර කරන ජාතියේ චිත්‍රපයක් තමයි මේක. ෆ්‍රෙඩ් කෘගර් කියන මනුස්සයා ළමා හිංසනයට හංවඩු ගැහුනු, ළමුන් බොහෝ දෙනෙක් අමු අමුවේ මරා දැමූ මිනී මරුවෙක්. ඉතිං මේක ආරංචි වුන දෙමාපියන් ඔහුව පණ පිටින් පුච්චනවා. හැබැයි ඔවුන් ජීවත් වන ‘එල්ම් ස්ට්‍රීට්‘ කියන පැත්තෙ ලමයින්ට නම් විසුමක් වන්නෙ නැහැ. මොකද ෆ්‍රෙඩ් හොල්මනක් වෙලා ඒ පැත්තෙ සිටින දරුවන් දඩයම් කරන්න ගන්නවා. ඉතිං අපි බලමු ෆ්‍රෙඩ් ඒ දරුවන් දඩයම් කරන්නෙ කොහොමද? දඩයම් කරන්න ලැබෙයිද කියලා.

ඡන්ද 117,343 ක් ලබාගනිමිනි IMDb වෙබ් අඩවියේ හොල්මන් චිත්‍රපටයකට හිමිවිය යුතු ඉහලම ස්ථානයක් වන 7.5 ක් ලබාගනිමින් ඉහලින්ම ස්ථානයේ වැජඹෙනවා. හරියටම වසර 30 ක් සම්පූර්ණ වෙලත් චිත්‍රපටයේ ගෞරවය උපරිමයෙන්ම ආරක්ෂා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. එමෙන්ම අධ්‍යක්ෂණය හා තිර රචනය යන දෙකම හොබවලා තිබෙන්නේ Wes Craven විසිනුයි. ඔහු මේ චිත්‍රපට මාලාවෙ බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තිබෙනවා. එහෙනම් අදට ඇති. අනෙක් කතාවෙන් ළඟදීම හමුවෙන්නම්. කතාව හොඳින් රස විදින්නකෝ..




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.7GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.