Gotham S1 E1 සිංහල උපසිරැසි සමඟින්!





කාලෙකට පස්සෙ උපසිරසක් අරගෙන එන්න පුළුවන් වුනා ඒකත් නිකන්ම නිකන් එකක් නෙමෙයි කවුරුත් ආසාවෙන් බලපු ARROW එකකොටසක් බලල අනිත් එක එනකන් බලාගෙන ඉන්න FLASH කතාමාලාවන් කරපු DC comic ලගෙ අලුත්ම කතාව වන ගෝතම් (Gotham)කතාව අරගෙන කවුරුත් ගෝතම් දන්නෙ BAT MAN ගෙ නගරය විදියට නෙ.මේකෙ ප්‍රධන චරිතය වෙන්නෙ පරීක්ෂක ජේස්ම් ගෝඩන් මතක් කරල දුන්නොත් ඒ කවුද කියල බැට් මෑන් චිත්‍රපටයෙ බැට් මෑන්ට සහය දෙන පොලිස් නිලධාරිය එයා ගොඩක් වයසනෙ ඒත් මේකෙන් කියවෙන්නෙ එයාගෙ තරුණ කාලය ගැන එයා ගෝතම් වල අපරාධ නවත්තන්න උත්සාහ කරපු හැටි..කාටත් මතක ඇති කියල හිතනව බැට් මෑන් පළමු චිත්‍රපටයේදි බැට් මෑන්ගෙ දෙමව්පියන් මිය යන හැටි බැට් මෑන් නගරය ආරක්ෂා කරන්න පටන්ගත්තෙ ගොඩක් වයස පිරුනට පස්සෙ ඒත් ඔහු කුඩා කාලයෙම දෙමව්පියන් මිය යනකොටත් ගෝතම් කියන්නෙ ගොඩක් දූෂිත නගරයක් මේ නගරයේ ඔහුගෙ ආගමනයට පෙර වුනු සිදුවීම් බලාගන්න එහෙනම් සූදානම් වෙන්න..

ගෝතම් නගරයෙන් බිහි වෙච්චර සුපිරි වීරයෙකුට ඉන්නෙ බැට් මෑන් නමුත් මේ නගරයෙන් සුපිරි දුෂ්ඨයන් රැසක්ම බිහිවෙලා තියනව පෙන්ගුයින්, පොයිසන් අයිවි , කැට් වුමන්,රිඩ්ලර් ඔයාල සමහරවිට දැකල ඇති මේ අයව බැට් මෑන් කාටුන් වල එහෙම චිත්‍රපට වලදි නම් මේ අයව වැඩිය දකින්න ලැබිල නෑ. ඔයාලට මෙයාලව කවදාවත් නොදැකපු විදියට දකින්න පුළුවන් සමහරවිට එයාල නපුරු වෙන්න එහෙම හේතුව එහෙම දැකගන්න පුළුවන් සමහර අයගෙ ළමා කාලය එහෙමත් දැකගන්න පුළුවන්. මෙතනින් දෙන්නෙක්ගෙ ක්‍රියාකාරකම් ගැන ඔයාලට වැදගත් වෙයි කියල හිතනව ඒ තමයි පොයිසන් අයිවි සහ රිඩ්ලර්.. පොයිසන් අයිවි කියන්නෙ ශාක පාලනය කරන ආකාරයේ කෙනෙක් ශාක වලින් විවිධ වස නිපදවනව වගේ වැඩ කරන කෙනෙක් ඒ වගේම රිඩ්ලර් කියන්නෙ ප්‍රෙහේලිකා වලට ගොඩක් කැමති කෙනෙක් එයා ගොඩක්ම කැමතියි කට්ටියට ප්‍රෙහෙලිකා සපයන්න...කතාව ගැන වටපිටාව කිව්ව් ඇති කියල හිතනව එහෙනම් කෙලින්ම කතාවට යමු...

ජේම්ස් ගෝඩන් පරීක්ෂකවරයාට බෘස් වේන්ගෙ වෙන විදියකට කියනව නම් බැට් මෑන්ගෙ දෙමව්පියන් මරපු නඩුව විසඳන්න ලැබෙනව අද කොටසෙදි ජේම්ස් වැඩ කරන්නෙ හාවි බුලක්ගෙ සහයකය විදියට ඒත් ඔවුන්ගෙ මරනය ගොඩක් ව්‍යාකූලයි ඒ ගැනත් වගේම අද කොටසෙදි පොයිසන් අයිවීව රිඩ්ලර්ව කැවුමන්ව පෙන්ගුයින්ව එහෙමත් දැකගන්න පුළුවන් ගෝතම් නගරය කියන්නෙ මොනවගේ තැනක්ද ඇයි මේ වගේ ව්‍යාකූල තත්වයකට ඒ නගරය පත් වුනේ ඒක නිවැරදි කරන්න මිනිස්සු උත්සාහ කරාද ඒ අයට මොකද වුනේ සාර්ථකත්වයක් ලබාගනීද කොහොමද මේ වගේ දුෂ්ඨයින් මේ නගරයෙන් බිහි වුනේ ඔවුන්ගේ කුඩා අවදිය කෙසේ වෙන්නැතිද විශේෂයෙන්ම බෘස් වේන් තම දෙමව්පියන්ගේ මරණයේ දුකෙන් එළියට එන විදිය ඔහුගේ කුඩා විය ගත කරන අකාරය එහෙමත් දැක ගන්න ගෝතම් නම් අභිරහස් නගරය ගැන සැබෑ තතු දැනගන්න අද සිට මෙම කතාව නැරඹීමට එක්වන මෙන් ඉල්ලා සිටිනව...

බැට් මෑන්ටත් කලින් කැට් වුමන්ටත් කලින් පොයිසන් අයිවිටත් කලින් ජෝකර්ටත් කලින් රිඩ්ලර්ටත් කලින් ගෝතම් කියල අභිරහස් නගරයක් තිබුණ.......අනෙකුත් කතා සමඟ ඔයාලට මෙම කතා මාලාවෙ තව විස්තර රැගෙන එන්නම්..අද කතාව නරඹල අදහසක් දාල යන්න කියල ඉල්ලනව.... 

 

කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.





No comments

Powered by Blogger.