Operation Rogue (2014) සිංහල උපසිරැසි සමඟින්



ටික දවසකට පස්සෙ තවත් උපසිරැසියක් අරගෙන එන්න අවස්තාවක් ලැබුනා, මේක ඉතින් තාම නිකුත් වෙලාවත් නැති චිත්‍රපටයක්, ඊයෙ තමයි මේකෙ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුනෙ, අද ඉතින් කොහොමහරි මේක ඉවර කරගන්න පුලුවන් වුනා, ඉතින් චිත්‍රපටය ගැන හදුවනවනම්, මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ යුධ කතා චිත්‍රපට අධ්‍යක්ශකවරයෙක් වන Brian Clyde විසින්, ඒවගේම රංගනය වෙනුවෙන් Ronald Asinas, Arnel Avila, Billy Campbell, Rudy Castillo වගේ නළු නිලියන් රැසක් දායක වෙලා තියෙනවා, මේකෙ කතාව ගැන කියනවනම්, මෝරෝ කියන්නෙ පිලිපීනයේ තියෙන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ථ කණ්ඩායමක්, ඉතින් මේ ත්‍රස්ථයන්ගේ ක්‍රියා වල වැඩිවීම හින්දා, ආසියා ත්‍රස්ථ විරෝධී සංවිධානය මැනිලා වල සමුළුවක් පවත්වන්න සූදානම් වෙනවා, ඒ ත්‍රස්ථවාදයට එරෙහිව පියවර ගන්න, ඉතින්, මේ මෝරෝ ත්‍රස්ථයන් සුදානම් වෙන්නෙ, මේ සමුළුවට වගේම මැනිලා නගරයටත් ප්‍රහාරයක් එල්ල කරන්න, ඉතින් ඒ වෙනුවෙන් එයාලා කරන්නෙ පතල් කර්මාන්තයට භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වගේම සීසියම් කියන රසායනික ද්‍රව්‍යත් පැහැරගන්නවා මේ පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කරන්න, ඉතින් මේ ත්‍රස්තයන්ව මර්ධනය කරන වැඩේ බාරවෙන්නෙ, පිලිපීනයේ තියෙන ඇමරිකානු හමුදා කදවුරට, ඒ මොකද ඒ සමුළුවට ඇමරිකානු බුද්දී අංශ අධක්ෂකවරයා සහභාගි වෙන නිසා, ඉතින් මේ මෙහෙයුමේ නායකත්වය ලැබෙන්නෙ, කපිතාන් රැන්ඩල්ට, ඉතින් මෙයාලා පලවෙනි මෙහෙයුම විදියට කරන්නෙ, සීසියම් එක්ක පුපුරණ ද්‍රව්‍ය බේරගෙන, ත්‍රස්ථ නායකයන්ව ජීවග්‍රහයෙන් අල්ලගන්න එක, හැබැයි එයාලගෙ අතින් මෝරෝ සංවිධානයේ ත්‍රස්ථ නායකයාගෙ පුතා මියයනවා, ඉතින් මේ වෙනුවෙන්, මෝරො ත්‍රස්ත නායකයා සුදානම් වෙන්නෙ ඇමරිකානු හමුදා කදවුරේ ජෙනරාල් හෑන්ක්ගෙ දුව පැහැරගන්න, මේ ජෙනරාල් හෑන්ක්ගෙ දුව එක්කමයි කපිතාන් රැන්ඩල් එක්ක, ඉතින් කොහොමහරි මෝරෝ ත්‍රස්ථවාදීන් ජෙනරල් හෑන්ක්ගෙ දුවව පැහරගන්නවා, ඒවගේම රැන්ඩල්ටත් ත්‍රස්ථයන්ට කොටුවෙන්න සිද්ද වෙනවා, ඉතින් ඔතනින් එහාට මම කතාව කියන්නෙ නෑ, ජෙනරාල්ගෙ දුව බේරගන්න ලැබෙයිද?, කපිතාන් රැන්ඩල්ට පණපිටින් එන්න පුලුවන්වෙයිද? මෝරෝ ත්‍රස්ථයන්ගෙ ඵාර සාර්ථක කරගන්න පුලුවන් වෙයිද, වගේ ප්‍රශ්ණ වලට උත්තර මේක නැරඹුවට පස්සෙ දැනගන්න ලැබෙයි, ඒවගේම කියන්න ඕනෙ, මේක කාලෙකට පස්සෙ බලපු ඉහල මට්ටමේ ක්‍රියාදාම තියෙන චිත්‍රපටයක් කියලා, චිත්‍රපටය ඉවර වෙනකම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්, එහෙනම් ඉතින් මම යන්න කලින් මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරපු තාරක අයියවත්, සයිට් එක වෙනුවෙන් ඇප කැප වෙන අපේ හෙඩ් සහෝදරයවත් මතක් කරන්න ඕනෙ, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතෙක්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
350MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.