Chef (2014) සිංහල උපසිරැසි සමඟින්






ඇමරිකාවෙ Variety නැමැති විනෝදාස්වාදය සපයන සඟරාවකින් මේ චිත්‍රපටය සම්බන්ධව ප්‍රථම වතාවට හෙලිවීමත් සමඟම ලෝකයේ විවිධ මිනිසුන් අතරේ කතාබහට ලක්වුණා. ඔවුන් පැවසූ පරිදි Jon Favreau කියන නළුවාගේ ඊළඟ ප්‍රධානම චිත්‍රපය වන්නේ Chef බවයි. පැවසූ පරිදිම 2014 මැයි මස 9 වැනිදා චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රදර්නය ඇරඹුවා. සතියක් ඇතුලත ඇමරිකානු ඩොලර් $204,961 ක් ඉපයූ චෙෆ් සිනමා පටය තමන් ළඟ කෑම නොතිබුනත් කෑම රුචිය වැඩිකෙරෙන බව දැනෙන්නට ඔබ හට වැඩි වෙලා යන්නේ නෑ.

චිත්‍රපටය නිර්මාණයේදී අධ්‍යක්ෂක, කතෘ හා ප්‍රධාන චරිතය යන ත්‍රිත්වයම කරන්නේ Jon Favreau විසින්. . ආහාර සම්බන්ධව නිර්මාණයක් කිරීමේ විශාල උවමනාවක් තමන්ට තිබෙන බවයි මාධ්‍ය මගින් ඔහු පවසා තිබුනේ. එම නිසා අනෙක් නිර්මාණයන් සේම තම නිරමාණයත් ගුණාත්මක ලෙස නිපදවා ගැනීමට independent film ආයතනයට චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය සඳහා ලබා දුන් බවත් Jon Favreau විසින් කියා තිබුනා. තවද මේ චිත්‍රපටයට සම්බන්ධ නොවුනත් Jon Favreau ගැන ඔබ දන්න එහෙත් නොදන්න තොරතුරු ටිකක් තිබෙනවා. ඒවා අතරින් වැදගත්ම දෙයක් කිව්වොත් ඔබ එදා සිට අද දක්වා ආසාවෙන් බලපු Iron Man, Iron Man 2,Iron Man 3, Cowboys & Aliens, The Avengers, ඒ වගේම ඉස්සරහට තිරගත වීමට නියමිත Avengers: Age of Ultron චිත්‍රපටයේ විධායක නිෂ්පාදක වරයා ලෙස කටයුතු කරලා තිබෙනවා. ඉතිං ඒවගේ පොරකගේ සිනමාවක් කෙසේ අතහරින්නද.

මෙහි කතාව දෙසට හැරුනොත් ඔහු කෑම නිර්මාණයේදී නමක් දිනාගත්ත, නව ආහාර නිපදවන, පාරිභෝගිකයා ඔහුගෙ කෑම සොයා එන මට්ටමට නම හදාගත්ත පුද්ගලයෙක්. මොන එළවළුවටද අත තියන්නේ අනිවාරයෙන් එතන රස කෑමක් තියෙයි.. ඒ කෑම කන්න මිනිස්සු පොර කනවා, විශාල මුදලක් ගෙවනවා, අතිශය දුර බැහැර ඉඳන් සොයාගෙන එනවා. ඔහු ඒ වගේම තම කණ්ඩායමටත් ආදරෙයි. ඒත් ඔහුගෙ පවුල් ජීවිතය නම් සාර්ථක නෑ. පුතා ඉන්නේ අම්මා ළඟ. ඔහොම යනකොට යම් ආරවුලක් වෙලා ඔහුගෙ රැකියාව ඔහුට අහිමි වෙනවා. ඉතිං මේ අති සුපිරි කෝකියා නිකං ඉඳීවිද? ජීවිතයේ නැතිවුන සියලුම දේ නැවතත් තමාගෙ අතට ගන්න මොහුගේ කතාව ගැන චිත්‍රපටය බලලාම තේරුම්ගනිමු.

ඡන්ද දායකයන් 31,206 කගේ කැමැත්තට අනුව චෙෆ් සිනමා පටය IMDb දර්ශකයේ 7.4 ක සුපිරි ස්ථානයක මේ වන විට තිබෙනවා. ඒ වගෙම John Leguizamo, Emjay Anthony මෙන්ම සුපිරි හොලිවුඩ් නිළී Scarlett Johansson විනිස් චිත්‍රපටය අලංකාරවත් කර තිබෙනවා. අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ. මේ සුපිරි නිර්මාණයත් සමඟ ඔබ රැඳී සිටියහොත් කාලය ගෙවී යන්නේ ඔබ නොදැනුවත්මයි. ඉතිං මේ ලස්සන කතාවත් සිංහල උපසිරැසි සමඟ බලලා අපේ ඊළඟ නිර්මාණය එනකං රැඳී සිටින්න.

ඔබ කැමති චිත්‍රපටයක් ගැන හෝ අපගේ උපසිරැසි වල හොඳ හෝ නරක අපේ zoomarisings@gmail.com කියන ඊමේල් ලිපිනය වෙත පණිවිඩයක් මගින් යොමු ඔබට කරන්න පුළුවන්..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.