Edge Of Tomorrow (2014) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න අද අරන් ආවේ අලුත්ම කවුරුත් දන්නා ටොම් කෘස් ගේ චිත්‍රපටය ඉතින් මේක මුලින්ම මට ලබාදීම වෙනුවෙන් දර්ශන නිශාන්ත අපේ පනිෂර් ට ස්තුති වන්ත වෙන්න ඕනේ ඉතින් අද පොඩි විශේෂත්වයක් තියෙනවා ඉතින් මේ මගේ 150 වෙනි උපසිරැසිය ඇත්තටම දැනට උපසිරැසි 160 ක් පමණ කරලා තියෙනවා චිත්‍රපටියේ පිටපතක් එන්න පමාවුණු නිසා පහුවෙලා තමා දෙන්න වුනේ ඉතින් .. මේ වෙලාවේ මට මෙතනට එන්න උදව් කරපු අය මතක් කරේ නැත්තම් ඒක මහා අඥාන කමක් වෙනවා ඉතින් වෙන මුකුත් නැතුව එයාලා හැමෝටම මම ස්තුති කරන්නම්! මුලින්ම ඉසුරු මධුශංක පෙරේරා , ඇත්තටම ඉසුරු තමා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්තේ .. ඉතින් මම එදත් අදත් කියනවා වගේ ඉසුරු නැත්තන්අද මම මෙතන නැ ..ඒ වගේම දර්ශන නිශාන්ත ,නවීන් රන්දික , දිනුෂ්ක උදාර (රොකියා අයියා),ධනුෂ්ක ලක්මාල්(තාරක), මහේෂි අක්කා වගේම රොයිලි ප්‍රනාන්දු මේ අය දිහා බලලා තමා මම මේ උපසිරැසි කිරීම ගැන යම් යම් දේ ඉගෙන ගත්තේ ඒක අදටත් එහෙමයි .. ඉතින් මේ ජේෂ්ඨ පිරිසට මම අනිවාරෙන්ම මතක් කල යුතුයි ඉතින් ඒ වගේම මගේ යාළුවො ටික සුපුන් , චම්පික අයියා ,සුමින්ද , චමීර අයියා , නිසල් මල්ලි ,අපේ හිරාන් සසිත තව ගොඩක් අය ඉන්නවා ඇත්තටම සුපුන් හා නිසල් කියන්නේ මට බැරි වුනු ඒවා ගොඩකට කර ගහපු දෙන්නෙක් ඉතින් ඒ දෙන්නට විශේෂ ස්තුතියක් ලබා දෙන්න ඕනේ අදටත් මට අපේ උපසිරැසි කණ්ඩායමේ හැමෝගෙන්ම උදව් ඉල්ලන්න අවශ්‍ය නැ එයාලම මට කරගන්න බැරි වුනොත් එහෙම විශේෂයෙන්ම සුපුනුයි නිසලුයි අහලා කරලා දෙනවා ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි .. ඉතින් ආයේ ස්තුති කරන්න ඉන්නේ අපේ ඇඩ්මින් ඇත්තටම අනුන් වෙනුවෙන් ලොකුම කැපවීමක් කරන කෙනා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ වැඩ පවා අතපහු කරගෙන තමා මේ වැඩේ කරගෙන යන්නේ ඉතින් ඒ වගේම ඔහුට අපේ වෙබ් අඩවිය වෙබ් අඩවියකට පමණක් සීමා නොවී ඉන් මත්තටත් යන්න සැලසුම් ලගා කරා ගත සැලසුම් තියෙන බව සතුටින් මතක් කරන්න කැමති .. ඉතින් අවසන් වශයෙන් ප්‍රේක්ෂක ඔබට අදහස් දක්වන සැමට ගොඩක් ස්තුතියි ...

අද චිත්‍රපටය ගැන කිව්වොත් පිටසක්වල ජීවීන් කොට්ටාශයක් ඉන්නවා මිමික්ස් ලා කියලා ඉතින් කේජ් කියන්නේ යුධ හමුදාවේ මාධ්‍යය අංශයේ වැඩ කරන කෙනෙක් ඉතින් මොහුව අකමැත්තෙන් හරි යුධ සේවයට යොදවනවා ඉතින් මෙයා සටන් බිමේදී එක පිටසක්වල ජීවියෙක්ව මරනවා .. ඉතින් ඊට පස්සේ තමා කතාව තියෙන්නේ අද කතාව ගැන වැඩි යමක් සදහන් නොකර ඉන්නම් චිත්‍රපටයේ ආදායම් රේටින්ග්ස් හා අනෙකුත් විස්තර පහලින් බලාගන්න



අධ්‍යක්ෂණය - Doug Liman
නිෂ්පාදනය - Erwin Stoff
Tom Lassally
Jeffrey Silver
Gregory Jacobs
Jason Hoffs

නළු නිලියන් - Tom Cruise
Emily Blunt
Bill Paxton
Brendan Gleeson

වියදම - ඇමෙරිකානු ඩොලර් මිලියන 178
ආදායම - ඇමෙරිකානු ඩොලර් මිලියන 364

රේටින්ග්ස් - imdb(8.1)
rottentomatoes(90%)


ඉතින් මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Hiroshi Sakurazakaගේ "All You Need Is Kill" කියන පොතයි !ඉතින් මේ ලබාදීලා තියෙන පිටපත ඉතාමත් හොද මට්ටමේ web rip පිටපතක් ඉතින් එහෙනම් හැමෝම අරගෙන බලන්න තවත් චිත්‍රපටයකින් වෙලාව ඇති සැටියෙන් හමුවෙමු සැමට ජය!!




No comments

Powered by Blogger.