Falcon Ricing 2014 සිංහල උපසිරැසි සමඟින්

            

තවත් සුපිරි ඇක්ෂන් මූවියක් තමයි මේ දෙන්න යන්නේ. සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට වඩා ටිකක් වෙනස්. මේ චිත්‍රපටය බලනකොට මට ඉබේටම වගේ බෘස්ලී, ජැකී චෑන් වගේ සටන් කාමී නළුවන් හිටපු චිත්‍රපට මතක් වුනා. ඒ වගේ අතින් පයින් සටන් කරන ක්‍රියාදාම හා වීරක්‍රම චිත්‍රපටයක් තමයි මේකත්. වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නම් නෑ. මොකද ගොඩක්ම තියෙන්නෙ රහස් පරීක්ෂක හා හොර ජාවාරම් කරන වෙළෙන්දන් අතරේ දෝලනය වන කතාවක්. ඇත්තටම ලස්සනයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ernie Barbarash විසින්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන Michael Jai White විසින් අපි කවුරුත්දන්න The Dark Knight (2008) සිනමාපටයේ චරිතකට ඔහු පන පොවා තිබෙනවා. ඒ වගේම Captain America: The First Avenger (2011), Flags of Our Fathers (2006) වැනි සිනමා පට වලට රඟ පෑ Neal McDonough මෙහි චරිත රංගනයෙන් දායක වෙනවා. මෙය IMDb දර්ශකයේ 5.8 මට්ටමක් ලබාගෙන ඇති බවද සඳහන් කළ හැකියි. එහෙනම් තවත් නවතම චිත්‍රපටයක් රැගෙන ඊක්මනින්ම එන්න. එතකං සුබ දවසක්



                  සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න




           පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි
     සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
                 අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.