Forever S1 E1 සිංහල උපසිරැසි සමඟින්






මේ මාසයේ 22වෙනිදා, එනම් පෙරේදා දින විකාශනය වීම ආරම්භ කළ, තවත් අපූරු කතාමාලාවක සිංහල උපසිරැසි අද ඉඳන් අපි ඔයාලට ලබාදෙනවා. මේ වන විට IMDB දර්ශකයේ 8.6ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන ඇති මේ කතාමාලාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ, Ioan Gruffuddයි. මෙයාව නොදන්න කෙනෙක් නැති තරම් කියලා, හිතනවා. ඉතින් මෙයාගේ අපූරු රංගනයෙන් හැඩවුන Forever කතාමාලාව සෑම සඳුදා දිනකම abc නාළිකාවේ විකාශනය වනවා. ඉතින් මම ඔයාලට මේ කතාමාලාවේ සාරාංශයක් ලබාදෙන්නම්.

අවුරුදු 200ක් ජීවත්වෙන්න ඔයාලා කැමතිද? අකැමතිද? මේ වගේ ප්‍රශ්නයක් මුළින්ම ඇහුවේ, අපේ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වන හෙන්රි මෝර්ගන් අවුරුදු 200ක් ජීවත්වුන මිනිහෙක් හින්දා. අපිට අවුරුදු 200ක් ජීවත්වෙන එක හොඳයි කියලා හිතුනාත්, හෙන්රිට නම් ඒක එපාවෙලා තියෙන්නේ. මෙයා මොනා කෙරුවත්, මැරෙන්නේ නම් නෑ. ආපහු වතුර විලකින් ජීවිතය පටන්ගන්නවා. ඉතින් මෙයා මේ අමරණීය ශාපයේ අගුළ අරින්න, යතුරක් හොයනවා. වර්තමානයේ මෙයා වැඩකරන්නේ, නිව් යෝර්ක් නගරයේ, වෛද්‍යවරයෙක් ලෙසයි. මෙයාගේ මේ රහස දන්නේ, ඇබේ කියන කෙනා විතරයි. ඉතින් හෙන්රිට අවුරුදු 200ක් ජීවත්වීම ශාපයක් විදියට දැනෙන්නේ ඇයි කියලා, ඔයාලට හිතෙනවා ඇති නේද? ඇත්තෙන්ම ඒ ප්‍රශ්නයට පිළිතුරු මේ කතාමාලාව දිගටම නැරඹුවොත් ඔයාලට අවබෝධ වෙයි. අද කතාවේ වැඩි විස්තරයක් මම කියන්නේ නෑ. මොකද අද කතාව නැරඹුවොත් ඔයාලට මේ කතාව පිළිබඳව ඇල්මක් ඇතිවේවී. අපි මරණය පරක්කු කරගන්න නොයෙකුත් දේවල් අත්හරිද්දී, මෙයා ඒ හැමදෙයක්ම අත්විඳිනවා. ඇත්තෙන්ම හෙන්රි කරන සමහරක් වැඩ බලලා, තනියම හිනාවෙන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් පරක්කු නොකර සිංහල උපසිරැසිත් එක්කම Forever කතාමාලාවේ පළවෙනි දිගහැරුම නරඹන්න.

මේ සතියේ දිගහැරුම දෙන්න ටිකක් පරක්කු වුනත්, ඉදිරියට ඉක්මනින්ම ලබාදෙන්නම්. දිගටම සූම් එක්ක රැඳෙන්න. මේ කතාමාලව සෑම සතියකම නොවරදවාම ගෙන එන්න අපි පොරොන්දු වෙනවා. ඉතින් එහෙනම් ඊළඟ සතියේ අමරණීය මිනිහාගේ අපූරු කතාවත් අරගෙන මම ආපහු එන්නම්. කට්ටියටම සුබම සුබ රැයක් ප්‍රාර්ථනා කරනවා!


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.




No comments

Powered by Blogger.