Sniper Legacy (2014) සිංහල උපසිරැසි සමඟින්



අපි හැමෝටම වෙඩි වගේ ස්නයිපර් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. චිත්‍රපටයේ පෝස්ටරය දැක්ක ගමන් හිතුනා මේක පට්ට කිරි කරි මූවියක් වෙන්න ඇති කියලා.යකෝ පස්සේ මූවිය අරං බලද්දි ඇගට හීන් දාඩියත් දැම්මා. ඒ තරමට පිස්සු හැදෙනවා. චිත්‍රපටයේ ඔබ ගත කරන සෑම මොහොතකම පාහේ ස්නයිපර් වෙඩිල්ලක් පත්තු වෙනවා. කතාව ඇත්තටම හිතුවට වැඩිය සාර්ථකයි.

මාධ්‍ය වල සඳහන් වන අන්දමට මේ සිනමා කෘතිය 1993 නිකුත් වූ Sniper නැමැති සිනමාපටයේ ඉතිරි කොටසකි (ඒත් එය බැලීම අත්‍යවශ්‍ය නොවේ). එමෙන්ම මේ දවස් වල සිරියානු කැරලි කණ්ඩායම් පිළිබඳව ලෝකෙ හරි ප්‍රසිද්ධයි නේ. මේ චිත්‍රපටයෙත් සිරියානු කැරළි කණ්ඩායමක් මර්ධනයකරන්න ස්නයිපර් කණ්ඩායමක් යනවා. තවද මෙහි තවත් ස්නයිපර්වරු අතර සටනක් ඇති වනවා තාක්ෂණයෙන් සපිරි ස්නයිපර් වරයා අපි සාමාන්‍යෙයන් කතාකරන අන්දමට නරක කෙනා, ඔහු තනිකර සනයිපරය හසුරවන්නේ දුරස්ථ පාලකයක් ආදාරයෙන්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Don Michael Paul විසිනුයි. එමෙන්ම රංගන දායකත්වය Asen Asenov, Tom Berenger, Chad Michael Collins යන අය විසින් සපයනවා. මේ චිත්‍රපටය තවමත් තිරගත වෙලා නෑ. එහෙත් කෙසේ හෝ ක්‍රමයකට එහි ඩීවීඩී පිටපතක් අද උදයේම නිකුත් වුනා. ටිකක් හිතාගන්න අමාරුයි මේ වගේ හොඳ මූවියක් එක් වරක් හෝ දර්ශනය නොවී මේ විදිහට අන්තර් ජාලය වෙත මුදා හැරීම සම්බන්ධයෙන්. කෙසේ හෝ ඔන්න දැන් මෙහි සිංහල උපසිරැසියක් ඔබට ලැබී තිබෙනවා. කලෙකින් වෙඩි තියාගන්න චිත්‍රපටයක් නොබැලුවා නම් මෙන්න දැනුයි අවස්ථාව. තවත් මේ වගේ අළුත් චිත්‍රපටයකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.