The Signal 2014 සිංහල උපසිරැසි සමඟින්



උදේම නැගිටලා සූම් රොයිටර් අපේ ඇස් ටික දාලා ෆිලුමක් ගැන හොයන කොට අළුත්ම BrRip කොපියක් තියෙනවා දැක්කා. පේන විදිහට පිටසක්වල කුමක් හෝ සම්බන්ධයක් ඇති. එහෙම හිතිලා IMDb එක පැත්තට ගියා. බැලින් නම් විද්‍යා ප්‍රභන්ද හා ත්‍රාස්‍යජනක එකක්. ඔන්න සුදෝ බලනවා නම් ෆිලුම් කියලා බෑවා. මුල්ම විනාඩි කිහිපය බලනකොට තේරුනා සුපිරි පහරක් තමයි කියලා. ‘දැන් ඉතිං වෙන කුමක් කරන්නදෝ - සිංහල සබ් එක සූමට දෙනවා මිස‘. කට්ටිය නැගිට්ටෙව්වා. සබ් එක දාන්න කියලා එක වචනයයි කිව්වේ. වරුවෙන් සබේ අතේ.

මේකෙ නම සිග්නල් කියලා තියෙනවා දැක්කම කට්ටිය හිතන්න ඇති අපි දත්මදින එව්වා කියලා (දැන් නෑ කියන්න එපා ඔයා එහෙම තමයි හිතුවෙ). ඇත්තටම නෑ බොලව් මේක පිටසක්වලයින් පෘථිවියට බැල්ම දානකොට ඒ එන සංඥාවට තමයි එහෙම කියලා තියෙන්නේ. මගේ පැත්තෙන්ම නම් රසිකයාගේ කනට වැඩිය ඔළුව රසවින්දනය සඳහා යොදාගෙන තිබෙන බවයි හැඟෙන්නේ. ප්‍රථමයෙන්ම පිටසක්වලයින් පුද්ගලයින් දෙදෙනෙකුගෙ පරිගණක හැක් කරනවා. ඇත්තටම ඔවුන් දන්නෙ නෑ නෑ කවුද ඒ පරිගණක හැක් කරන්නෙ කියලා. හැබැයි කොල්ලො දෙන්නා දෙහෙසි පොරවල් නෙවෙයි. එම අයි පී මාර්ගයෙන් සංඥාව පැමිණි තැන සොයාගෙන ඔවුන් අනිසි ලෙස තම පරිගණක හැක් කරපු පුද්ගලයා සොයාගෙන යනවා. නියමිත ස්ථානයට ඔවුන් ගියත් එහි කවුරුත් නෑ. හැබැයි ටික වෙලාවකින් ඔවුන්ට වෙන දේ ඔවුන් වත් හිතාගන්න බැරිවෙනවා (ඒ ටික බලලාම තේරුම් ගන්න). පසුව අවදිවන ඔවුන්ට පෙනෙනුයේ ගඟන ගාමී ස්වරූපයකින් ඇඳගත් මිනිස් ස්වරූපයක් තිබෙන පුද්ගලයින් කොටක්. එම ගුප්ත පුද්ගලයින් අතුරුදන් වූ අයගෙන් ප්‍රශ්න නගනුයේ පෘථිවියට වෙනත් ලෝකෙකින් පැමිණි සත්වයෙකුගෙන් නඟන ප්‍රශ්න මෙනි. ඇත්තටම කවුද මේ ගුප්ත අය? කවුද පිටසක්වලයා? ඔවුන් පෘථිවියේ අයද? ඔබ රසවිඳනවා මෙන්ම සිතන්නට වැඩියමක් මෙම සිනාම පටය තුලින් ඔබට දැකගත හැකිවේවි.

William Eubank නම් අධ්‍යක්ෂක වරායාගේ අපූරු සිතුවිලි වලින් තමයි මේ නිර්මාණය සිදුවෙලා තිබෙන්නේ. කෙසේ නමුත් William Eubank විසින්ද සඳහන් කර තිබෙන්නේ මෙම සිනමාපටය තාර්කික සිතුවිලි වලට හා භාවාත්මක සිතුවිලි වලට ඉඩක් ලබාදී ඇති සිනමාවක් ලෙසයි. පිටසක්වල ජීවීන් පෘථිවි මිනිසුන් තම පරිසර පද්ධතිය තුල මවා පාමින් අධ්‍යනකටයුතු සිදුකළ බවක් ඔබට තේරුම් යන්නේ එක් මොහොතකදි පමණි. එතරම් සියුම් ලෙස කෙනෙකු තවත් නොදන්නා සත්වයෙකුගෙ ග්‍රහනයකින් අධ්‍යනයට ලක්වන අන්දම William Eubank නම් අධ්‍යක්ෂක වරයා සිනමා ගත කර තිබෙනවා.

තවත් විශේෂ දෙයක් තමයි ලෝක පූජිත, ඉතාමත් සුප්‍රසිද්ධ නළුවෙක් මෙහි ප්‍රධාන චරිතයකට පන පොවනවා ඒ තමයි අප හැම දෙනාම දන්නා The Matrix (1999) චිත්‍රපටයේ රඟපෑ Laurence Fishburne. ඔහුගේ තවත් ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ සිනමා පට අතර Mystic River (2003) හා Event Horizon (1997) සිනමාපට හඳුන්වාදීමට පුලුවන්. එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කරන පිරිමි නළුවා වන්නේ ළඟදි නිකුත් වූ Oculus (2013), Maleficent (2014) හා The Giver (2014) යන සිනමා පට වල රඟ පෑ නැගී එන නළු Brenton Thwaites ය. අනෙක් ප්‍රධාන නිළිය වශයෙන් රඟ පාන්නේ සුරූපී නිළි Olivia Cooke විසින්ය. ඇත්තටම ෆිල්ම ඉවර වෙනකංම බැලුවා අනේ එයා නිසා. එහෙනම් කතාව ටිකක් දිග වැඩි වුනා වගේ. තවත් මේ වගේ ෆට්ට ෆිලුමකින් හමුවෙමු. අපි ගියා ඕං.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.