The Xpose (2014) සිංහල උපසිරැසි සමඟින්



ෆිල්ම් එක නම් දෙන්න සැහෙන්න පරක්කු උනා. එත් බාරගත්ත ෆිල්ම් එකක් නොදි බැනේ. ඒක නිසා ඔන්න සබ් අරගෙන ආවා. මේ චිත්‍රපටියේ කතාව ලියුවේ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේද Himesh Reshammiya විසින්. මොහු සංගිත අධ්‍යක්ෂකවරයෙක් ලෙස නම් චිත්‍රපටි ගණනාවකට වැඩකරලා තියෙනවා ඒ වගේම Khiladi 786 චිත්‍රපටියත් මොහුගේම නිර්මාණයක් තමයි.තව මේ චිත්‍රපටියේ මේ දවස් වල හින්දි චිත්‍රපටි සිංදු වල නිතරම දකින්න ලැබෙන Yo Yo Honey Singh ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. අරාධිත රඟපැම් ලෙස Irrfan Khan රංඟනයෙන් දායක වන අතර හින්දි සිනමාවට අලුත්ම නිළියන් දෙපලක්ද මේ චිත්‍රපටියෙන් හදුන්වලා දෙනවා ඒ Sonali Raut හා Zoya Afroz යන දෙපළයි. චිත්‍රපටිය ගොඩ නැගෙන්නේ ඉන්දියාවේ 60දශකයේ සිනමාවේ සිදුවු සත්‍ය සිදුවිමක් පාධක කරගනිමින්. නිළියකගේ අභිරහස් මරණයක් වටා තමයි කතාව ගෙතෙන්නේ. චිත්‍රපටි කර්මාන්තයේ නළු නිලියන් අතර පවතින මත ගැටුම්, අධ්‍යක්ෂයන් අතර පවතින ගැටුම් මේ චිත්‍රපටියෙන් පෙන්වලා දෙන්න හදලා තියනවා කියලාත් කියන්න ඕන.

කතාව මෙහෙමයි චිත්‍රපටිය පටන්ගන්නේම සරා ෆැරැන්ඩස් ගේ මරණයෙන්. ඇයව කවුරුන් හරි ඝාතනය කරනවා. මුලින් සිතන්නේ සියදිවි නසාගැනිමක් කියලා නමුත් පසුව ඝාතනයක් කියලා ඔප්පු වෙනවා. මේක කරපු කෙනා හරියටම දන්නේ නැහැ. සරා තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලැස්ති උන කෙනෙක්. ඉතින් සාරාට යාළුවන්ට වඩා හිටියේ හතුරොයි. කොහොම හරි සාරා ගේ මුල කාලේ හිටපු යෙහෙළියක් තමයි චාන්දනී කියන්නේ. නමුත් ඇයත් සිනමා කර්මාන්තයට ඇවිල්ලා තමන්ට අභියෝගයක් වෙන්න ගත්තාම සාරා ඇයටත් විරුද්ධව එක එක එවා කරනවා.මේ අතර රවී කුමාර් කියන්නේ සිනමාවේ ප්‍රභල චරිතයක්. ඔහුව හා සාරාව යොදාගෙන චිත්‍රපටියක් නිශ්පාදනය කරනවා සුබ්බා ප්‍රසාද් නැමැති අධ්‍යක්ෂකවරයා. රවී කුමාර් සාරා එක්ක රඟපැවට රවී කුමාර්ට චාන්දනීට හිත යනවා. සාරා රවීකුමාර්ව අල්ලගන්න බැලුවාත් සාරා දැනගන්නවා රවී කුමාර් චාන්දනී ගැන හිතාගෙන ඉන්නවා කියලා. කොහොම හරි මේ අය අතර ඇති වෙන කතාව තමයි ගෙතිලා යන්නේ. එකිනෙක පරයමින් ඉස්සරහාට යන්න හදද්දි තමන්ට තමන් කවුද කියලාත් අමතක වෙන ආකාරය චිත්‍රපටියේ පෙන්වලා දෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන චිත්‍රපටියේ සිංදු ටිකත් වරදක් නැහැ කියලා.එහෙනම් නොබලපු අය ඉන්නවා නම් චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලා සිටිමින් සමුගන්නවා.එහෙනම් තවත් චිත්‍රපටියක් සමගින් ලඟදිම හමුවෙමු.

No comments

Powered by Blogger.