8 X 10 Tasveer (2009) සිංහල උපසිරැසි සමඟින්




චිත්‍රපටිය - 8 x 10 Tasveer (2009)
අධ්‍යක්ෂණය - Nagesh Kukunoor
කතාව - Nagesh Kukunoor
සිනමාකරණය - Vikas Sivaraman
සංස්කරණය - Apurva Asrani /Sanjib Datta

IMDB දර්ශක අගය - 5.2/10
වර්ගීකරණය - Crime / Drama / Mystery
තිරගත වීම ඇරඹූ දිනය - 2009 අප්‍රේල් 3 වන දින
ධාවන කාලය - මිනිත්තු 122

මේ චිත්‍රපටය මා දන්න තරමින් අපේ රටේ රූපවාහිනී නාලිකාවකවත් විකාශය වෙලා නෑ. මේක Akshay Kumar ගේ සැඟවිලා ගියපු හොඳ චිත්‍රපටියක් කියල කිවුවොත් වඩාත් නිවැරදියි. Akshay Kumar වගේම මේකට අපි කවුරත් දන්න Ayesha Takia, Javed Jaffrey වගේ දක්ෂ රංගන ශීල්පීනුත් දායක වෙලා තියෙනවා. චිත්‍රපටයේ මුල සිට අඟ දක්වාම කුතුහලයෙන් යුතුව බලන්නට හැකි ඒ වගේම නොසිතූ අවසානයක් (twist end) දැක ගන්නට ලැබෙන ජාතියේ සිනමා නිර්මාණ වලට ප්‍රිය කරන අය මේකට ගොඩක් කැමති වෙයි කියල හිතනවා.

‍ජය කියන්නෙ පරිසරයට බොහොම ලැදි තරුණයෙක්. ඔවු රැකියාව කරන්නෙත් වන ජීවී නිලධාරියෙක් විදයට. ඔහු තුළ තිබෙනවා හරිම අපූරු හැකියාවක්. ඔහුට පුලුවන් ඡායාරූපයක් දිහා බලලා ඒ ජයාරූපයේ ඉන්න ඕනම කෙනෙක්ගෙ ඇසින් දකින විදියට ඒ ඡයාරූපය ගත්තට පස්සෙ එතන වෙච්ච දේවල් දකින්න. හරියටම කිවුවොත් ඔහුට පුලුවන් ඡායාරූපයක් හරහා අතීතයට යන්න. ඒ හැකියාවෙන් ඔහු ගොඩක් අයට පිහිට වෙනවා ඔවුන්ගෙ සමහර ප්‍රශ්න වලදි.

තාත්තගෙ ව්‍යාපාර හේතුවෙන් පරිසරයට වෙන හානිය නිසාම එයා තාත්තත් එක්ක අමනාපයෙනුයි ඉන්නෙ. ‍හදිසියේම ඔහුගේ තාත්තා බෝට්ටු සවාරියක් ගිහින් ඉන්න අතර තුර බෝට්ටුවෙන් ලෙස්සා වැටීමෙන් පසුව මිය යනවා. ජය මුලින් මේක අනතුරක් විදියට හිතුවත් හබිබුල්ලා පාශා කියන රහස්පරීක්ෂකයාගේ ඒත්තු ගැන්වීම නිසාම ඔහුටත් තේරෙනවා මේක සැළසුම් කරල කරපු ඝාතනයක් බව.
වාසනාවකට වගේ ජයගේ පියා මිය යන්න මොහොතකට කලින් ඔහු තමන්ගෙ මිතුරන් තිදෙනා සමග ගත්තු ඡායාරූපයක් ජයට ලැබෙනවා. ඒ ඡයාරූපය ජයගේ අම්මා විසින් ගත්තු එකක්. ජය ඒ ඡයාරූපය හරහා ඒ සිද්දිය වෙච්ච මොහොතට ගිහින් මේ මිනීමැරුම කළේ කවුරුන්ද යන වග සොයා බලන්න උත්සුක වෙනවා. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නෑ. මොකද ජයාරූපයක් හරහා අතීතෙට යන හැම මොහොතකම ජය‍ මරණාසන්න වෙනවා. ඔහු ඒ හැම අවස්තාවකම ලොකු වේදනාවක් විඳිනවා.ඉතින් මේ අපූරු හැකියාවක් ඇති තරුණයා තමන්ගෙ පියාගෙ මරණය‍ට වගකිව යුතු ඝාතකයා සොයා ගන්නා ආකාරය නරඹන්නට ආරාධනා කරමින් මම සමුගන්නවා. ඔබ නොසිතන විදියේ අවසානයක් දකින්නට ලැබේවි කියන දේ නම් අනිවාර්යෙන්ම සිහිපත් කරන්නට ඕන. එසේනම් තවත් නිර්මාණයක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා. සුභදවසක්! සතුටින් ඉන්න!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.