Balupu (2013) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න වැඩිය පරක්කු නොවී තවත් තෙලිගු එකක් අරන් ආව. මේකනම් මේ අවුරුද්දේ ආපු එකක් නෙමෙයි 2013 වර්ශයේ තිරගත උන එකක්. ෆිල්ම් එක කාලෙක ඉදලා මම ගාව තිබුන එකක් ඒත් මේ ලගදි තමයි අපි මේක දීල නෑ කියලා දැන ගත්තේ. ඒක නිසා දැන ගත්ත ගමන්ම මේක දෙන්න කියලා හිතුවා. ඉක්මනටම සබ් එක හදලා ඔන්න අද ගෙනවා

අපි ටිකක් ෆිල්ම් එක ගැන කතා කරමුකෝ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ගෝපිචන්ද් මලිනේනි විසින්. ඒ වගේම මේ සදහා රංගන දායකත්වය දක්වන්නේ තෙලිගු සිනමාවේ තවත් දැවැන්ත තරුවක් වන රවී තේජා සහ සුපිරි නිළි සෘතී හසන් විසින්. මේ අයගේ රංගනයෙන් රසවත් උන ෆිල්ම් කිහිපයක්ම අපි දීලා තියෙනවා. ඒ අතර Don seenu, Race Gurram, Yevadu, Ramayya Vasthavayya, Daruvu වගේ ෆිල්ම් ගනනාවක් තියෙනවා. මේ චිත්‍රපටය සදහා ඉන්දියානු රුපියල් කෝටි 15ක මුදලක් වියදම් කර ඇති අතර ආදයම ඉන්දියානු රුපියල් කෝටි 38ක් වේ. තෙලිගු භාෂාවෙන් නිර්මාණය වූ මෙය විනාඩි 149 ක් පුරා දිවෙන අතර මෙය ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනු ලැබුවේ 2013 ජූනි මස 28 වන දිනදීය. IMDB Rating 6.1 ද ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා

කතාව ගලන් යන විදිහ ගැනත් ටිකක් කියන්නම්කෝ. මේ ගැන වැඩිය කියන්න හොද නෑ එහෙනම් මේ විදිහට විස්තරේ කියන්නම්. රවී කියන්නේ බැංකුවක නැවත අයකිරීම් කරන නිළාදාරියෙක්. එයා එක් අවස්ථාවක නිලියක් කරදරයකින් බේර ගන්නවා. ඒ නිසා කරදර කරන්න පැමිණි අයත් එක්ක මෙයාගේ ප්‍රශ්නයක් ඇති වෙනවා ඒකත් ඔහොම යන අතරේ රවීගෙ තාත්ත සෑහෙන මහන්සි වෙනවා රවීට කසාදයක් කරලා දෙන්න හැබැයි මෙයා එකකටවත් කැමති නෑ. එත් යාලුවෙක්ගේ ප්‍රශ්නයක් විසදන්න ගිහින් මෙයාව සෘතී හම්බ වෙනවා දවසක් රවීගේ තාත්ත මේ දෙන්නගේ ගිවිස ගැනීම රවීටත් හොරෙන්ම සූදානම් කරලා රවීව එක්කගෙන දේවාලයට එනවා. ඒත් රවී දන්නේ නෑ සෘතී මේ වෙනකොටත් ගිවිස ගත්ත කෙනෙක් කියලා නමුත් සෘතී ඒ ගිවිස ගැනීම අවලංගු කරලයි මේකට කැමති වෙලා ඇවිත් ඉන්නේ. හැබැයි මේ වෙලාවේ සෘතී ගිවිසගෙන හිටිපු කොල්ල මෙතනට එයාගෙ මාමත් එක්ක කඩා වදිනවා කෙල්ලව බලෙන් අරන් යන්න. ඒත් එතනදී කොල්ලගේ මාම දකිනදේ නිසා කතාව අනිත් පැත්ත හැරෙනවා. කොහොමින් හරි කෙල්ලව අරගෙන යනවා රවීගේ තාත්තත් පිහිපාරක් වැදීම නිසා රෝහල් ගත කරනවා මීට වඩා මම කියන්නේ නෑ මේ ටිකකත් බොහොම අමාරුවට කෙටි කරලා කිවුවේ හරියට කියන්න ගියා නම් කතවේ ඇත්ත එලි වෙනවා එහෙනම් කට්ටිය අරන් බලන්න මොකද වෙන්නේ කියලා. රවීගෙ තාත්තට මොකද වෙන්නේ, රවී සෘතීව බේර ගනියිද, එතනදි කොල්ලගේ මාම දැක්ක පුදුම හිතෙන දේ මොකක්ද? සේ සේරම ඔයාලට අරගෙනම තමයි බලන්න වෙන්නේ එහෙනම් අදට මම සමු ගන්නවා තවත් එකක් අරන් ඔයාල හමුවට ඉක්මනටම එන්නම්කෝ සුබ දවසක් හැමෝටම.

මීට පෙර දීපු ෆිල්ම් වලට අදහස් දක්වපු සියලුම දෙනාට මාගේ හදපිරි ස්තූතියත් පුද කරනවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.