Lucy (2014) සිංහල උපසිරැසි සමඟින්


මුලින්ම කියන්න ඕන සිංහල උපසිරැසි ඇතුවා හෝ නැතුවා ඔබ අනිවාරයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි මේක. මුළු චිත්‍රපටයම සමස්ථයක් ලෙස ගත්තොත් 80% ක් පමණ තිබෙන්නේ විද්‍යා ප්‍රභන්ද සිද්ධීන්. ඒ වගේම මම කාලයක් තිස්සේ හොය හොය හිටපු මාතෘකාවක් වටා තමයි චිත්‍රපටය ගෙතෙන්නේ. ඔබ නොදන්නවා ඇති ඔච්චර ලොකුවට ඔබට මොළගෙඩියක් තිබුනත් එයින් ඇත්තටම භාවිතා වන්නේ 10% ප්‍රතිශතයක් බව. මම නෙවෙයි කියන්නේ ලෝක පූජිත විද්‍යාඥ ඇල්බඩ් අයින්ස්ටයින් තමයි කියන්නේ. එමෙන්ම අපේ මොලයෙන් 20% ක් ඔබ භාවිතා කලොත් ඔබ දන්නවාද ඔබට කෙනෙකු අහසේ පා කරන්න පුළුවන් කියලා?. මම නෙවෙයි ඒකත් කියන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය තිර රචනය කළ Luc Besson තමයි කියන්නේ. එමෙන්ම ඔබ දන්නවාද ඔබේ මොළය 30% ක් භාවිතා කලොත් ඔබේ කොණ්ඩයේ වර්ණය තප්පරයක් ඇතුලත වෙනස් කළ හැකි බව? එමෙන්ම දුරකතනයකින් කතාකරන කෙනෙකුගේ අවට තිබෙන හැමදේම කිව හැකිබව?, එමෙන්ම ඔබ 40% කින් මොළය භාවිතාකලොත් බොහෝ ඈතක ඉඳන් කොඳුරන දෙයක් ඔබට සුපැහැදිලිව අසන්න පුළුවන් බව? තව දුරකතන සංඥා සජීවීව නැරඹය හැකි බව? ඒවා අක්ෂරමෙන් කියවිය හැකි බව?. මට නම් මේ චිත්‍රපටය බැලුවාම මම මොකෙක්ද කියලා හිතුනා. ඇත්තටම ලෝකයේ මම දන්න තරමින් 10% හෝ 15% ප්‍රමාණය ඉක්මවලා මොළය භාවිතාකරපු එකම කෙනා අපේ සම්මා සම්බුදු බුදුරාජාණන් වහන්සේ පමණයි. ඔබට චිත්‍රපටයේදී දැකගත හැකිවේවි 0 සිට 100 දක්වා මිනසා මොලය භාවිතා කරන විට ඇතිවල ප්‍රභලත්වය ගැන. ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්‍යා ප්‍රභන්ද සිනමා පටයක් තමයි මේක.

කතාව ගැන කිව්වොත් ලුසී කියන්නේ අපේ කතා නායිකාව. ඇය මේ ලෝකේ ශ්‍රේෂ්ටතමයා වනවා. ලුසීට මේ ඇබැද්දිය වෙන්න කලින් ඇය නිකං මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන ජීවිතය නාස්තිවන්නට පෙරමං තැනූ කෙල්ලෙක්. එහෙත් ඇයට යහළුවෙක් වෙනුවෙන් උදව්වක් කරන්න වෙනවා. ඒ තමයි එක්තරා පෙට්ටියක් කෙනෙකු වෙත ලබාදෙන එකයි. එහෙත් ඇය දන්නෙ නැහැ මොනවද ඇතුලෙ තියෙන්නෙ කියලවත්. කොහොම හරි බලනකොට බලවත් මත්ද්‍රව්‍ය වගයක්. මත්කුඩු ජාවාරම් කාරයන් මේවා ප්‍රවාහණය කරන්නේ මිනිස් ශරීර තුලට මත් ද්‍රව්‍ය පැකට් වශයෙන් බහාලායි. ලුසී යහලුවාගෙ ගැටේට අසුවනවා. ජාවාරම් කාරයින් ලුසීගෙ ශරීරයට මත් කුඩු ඔබ්බවලා ප්‍රවාහනය කරවනවා. හැබැයි ඒ ප්‍රවාහනය කරන්නේ සුළු පටු මත් ද්‍රව්‍යක් නෙවෙයි. කොහොම හරි එම මත් ද්‍රව්‍ය ලුසීගේ හොඳට හෝ නරකට ශරීරය තුලම දියවන්නට පටං ගන්නවා. ඔන්න මෙතැන තමයි මිනිස් මොළයේ අපූර්ව සිදුවීම් ක්‍රියාත්මක වන්නට ගන්නේ. ඇය ඇත්තටම මිනිස් මොලය 100% දක්වා භාවිතා කරනවා. ඉතිං හිතාගන්න පුළුවන්නෙ ඇයට ලැබෙන බලයේ තරම. අපි චිත්‍රපටය බලලාම මේ සුපිරි අති සුපරි සිනමා අත්දැකීම ලබාමු.

කලින් කීවා වගේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය හා තිර රචනය දෙකම සිදුකරලා තියෙන්නේ Luc Besson විසින්. ඔහු කියන අන්දමට අදාල මත්ද්‍රව්‍යයේ නම වෙනස් වුවත් මෙලෙස මොලයට බලපාන අන්දමේ බෙහෙතක් ලොව තිබෙනවාලු. එය මත් ද්‍රව‍්‍යක් නොවන බවත් චිත්‍රපටයේ ඇතැම් සිද්ධීන් සත්‍ය තොරතුරු අතුලත්ව නිර්මාණය කල බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. චිත්‍රපටයේ ලුසීගේ සුපිරි චරිතය කරන්නේ අපි කවුරුත් දන්න සුරූපී නිළි Scarlett Johansson විසින්. මැතක නිරමාණය වූ The Avengers (2012) හා Captain America: The Winter Soldier (2014) වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිත ඇය හෙබවූවා. එමෙන්ම තවත් සුපිරි නළුවෙක් ඉන්නවා. ඔහු තමයි Transcendence, Now You See Me හා Olympus Has Fallen වැනි සුපිරි චිත්‍රපට වල රඟ පෑ Morgan Freeman. එයා ගැන කතාකරන්න දෙයක් නෑනෙ. එහෙනම් දැනට ඇති. ඉදිරියේදී මේ වගේ සුපිරි නිර්මාණයකින් හමුවෙම. එතකං හැමෝටම සුබ දවසක්.

ඔබට ලබා දී ඇති කොපිය ගුණාත්මක බවින් ඉතා ඉහළයි. එහෙත් පොඩි ගැටලුවකට තිබෙන්නේ වීඩියෝවේ කොරියන් අකුරු දකින්නට ලැබෙනවා. එය චිත්‍රපටයේ රසයට ගැටලුවක් නම් නැහැ. උපසිරැසිය නරඹන විට තමාට සරිලන අන්දමින් ප්ලෙයරය වෙනස් කරගන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි




No comments

Powered by Blogger.