Madras (2014) සිංහල උපසිරැසි සමඟින්



උනු උනුවෙන්ම අද තවත් දමිල චිත්‍රපටියක් අරන් ආවා. මේක අලුත් එකක් නිසා මෙහි ඉංග්‍රීසි සබ් අන්තර්ජාලයේ නෑ ඒ නිසා අලුතින්ම ලයින් ලියලා තමයි මේක හැදුවේ නමුත් හදන් යනකොට නම් කැමරා කොපියකට ගැලපෙන එකක් ලැබුනා නමුත් මේ DVD RIP එකක් නිසා ඒකට හදන්නත් බෑ ඒ නිසා මේකට ගැළපෙන විදිහට ලයින් අලුතින් හදලා තමයි අරන් අවේ. මම ඊයෙ උදේ ඔයාලට දුන්න දමිල ෆිලුමක් බලන්න ඇති කියලා හිතනවා මේකත් ඒවගේම සුපිරි ගනයේ එකක්. අද අපේ සහෝදර ද්‍රවිඩ ජනතාවගේ දීපවාලි උත්සවය ඒ නිසා එයාල වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ විදිහට 2014 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක් තමයි අරන් ආවේ මම හිතනවා අපේ ද්‍රවිඩ සහෝදරන් මේකට කැමති වෙයි කියලා

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ පී. ඒ. රංජිත් විසින් ඒ වගේම අපිට ලස්සන සංගීතය සංකලනයක් ලබා දීලා තියෙන්නේ සන්තෝෂ් නාරායන් විසින් මෙහි රංගනයෙන් දායක වන්නේ අපි හැමෝම දන්න නලුවෙක් වන කාර්ති සහ කැතරින් තෙර්සා දෙදෙනායි මේ අයගේ රංගනයෙන් හැඩඋන චිත්‍රපට කිහියක්ම අප මීට ඉහතද ලබා දී තිබෙනවා ඒ අතරින් ALEX PANDIAN [2013], BiriyaniAll in All Azhagu Raja, Iddarammayilatho,Paisa වගේ ඒවා මෙය 2014 සැප්තැම්බර් 26 වන දින තිරගත වන අතර මෙයා විනාඩි 156ක් දක්වා දෙවෙන චිත්‍රපටයක් වේ ඒ වගේම IMDB Rating 7.9 වැනි ඉහල අගයක්ද ලබා ගන්න තරම් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා

ෆිල්ම් එක ගැන ටිකක් කතා කරන්නම්කෝ මේක එක ප්‍රෙද්ශයක සිටින කන්ඩායම් දෙකක් මූලික කරගෙන තමයි කතාව ගෙතෙන්නේ මේ දෙගොල්ලම මුලින් හුගක් සමීපව එකට එකතු වෙලා වැඩ කරපු අය නමුත් එක ප්‍රශ්නයක් නිසා මේ අය තරහ වෙලා වෙන් වෙනවා දෙකට බෙදුනු මේ දෙගොල්ලන් වෙන වෙනම දේශපාළන පක්ෂ හදාගෙන එකි නෙකාට විරුද්දව වැඩ කරන්න ගන්නවා මේ අයගෙ ප්‍රධානම ගැටලුව ඇති වෙන්නේ මෙ ගම මැද්දේ තියෙන කටවුට් එකක් නිසා මේක බෙදා ගන්න ගිහින් හුගක් අයගේ ජීවිත පවා අහිමි වෙනවා කොච්චර ජීවිත නැති උනත් කාලයක ඉදලාම මේක තමයි සිද්ද වෙන්නේ අපේ කතා නායකයා සහ එයාගෙ හොදම යාලුවා දෙන්නාත් මේදට මැදිහත් වෙනවා ඒත් මෙතනින් (අන්බු) ඒ කියන්නේ අපේ කතා නායකයාගේ යාලුවා කට්ටියක් ඇවිත් එයාව මරනවා ඒකට පලිගන්න හොයන (කාසි) නොහොත් කතා නායකයා කරන අරගලයකුත් මේ චිත්‍රපටය අතරේ සිද්ධ වෙනවා දේශපාලණ බලයට වහ වැටුන පිරිස සහ සල්ලි වලට වහ වැටුනු පුද්ගලයන්ගෙන් පිරී ගලා යන මේ චිත්‍රපටය එහෙනම් බලලා සතුටු වෙන්න කියලා කියන ගමන් මම යනවා

දීපවාලි සමරන අපේම සහෝදර ද්‍රවිඩ ජනතාවට සුබ දීපාවලියක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ඒකත් සමගින මම අදට යනවා ලගදිම තවත් එකක් අරන් ඉක්මනටම එන්නම්
එහෙනම් මම ගියා අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා හැමෝටම සුබ දවසක්

අලුතින් හදපු සබ් එකක් නිසා ලබා දී ඇති ටොරන්ට් එක තුලින් පමනක් ඩවුන්ලෝඩ් කර ගන්න බව මතක් කරනවා ඒසේ නොවුනොත් සබ් එක ගැලපෙන්නේ නෑ




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.