Poriyaalan (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක් අරන් ආවේ.මේක ඊයේ මගේ උපන්දිනේ දවසේ දෙන්න හිටියේ. එත් දවසක් විතර පමා උනා. මුලින්ම මේ චිත්‍රපටියේ අංකන දත්ත පිටපත අපිට නිසියාකාරව හදලා දුන්න කෙවින් සිඩි හවුස් ආයතනයට ස්තුති කරන්න ඕන. හැමදාම කියනවා වගේ එයාලා නැත්නම් මේ වගේ දෙමළ චිත්‍රපටි ඔයාලට දෙන්න විදියක් නැති වෙන්න තිබ්බා. මේ දමිල චිත්‍රපටිය ගැන සමහර විට ඔයාලා අහලා නැති වෙන්නත් පුලුවන්. හැබැයි බලන්න හොද කතාවක් කියලා කියන්න පුලුවන්. මේක ආව කාලේම මේක ගැන සුපුන් තමයි ඔත්තුවක් දුන්නේ. එතකොටම මම හිතුවා මම මේ චිත්‍රපටිය කරනවා කියලා. මේ චිත්‍රපටියේ නිළිය වගේම කෙනෙක් කාලයක් ඉතින් මම දැන අදුනගෙන හිටියා. මෙයාව දැක්කාම එයාව මතක් උනා  ඉතින් ඒකත් චිත්‍රපටිය දෙන්න හේතුවක් උනා. තව මේ චිත්‍රපටිය අර අපි දකිනවා වගේ පාවෙලා යන වලි හරි නිකම් වෙන්න බැරි කතාවක් නැහැ. මේ වගේ දෙයක් කාටම උනත් වෙන්න පුලුවන්.කෝකටත් ට්‍රේලර් එකත් බලලා ඉන්නකෝ චිත්‍රපටිය ගැන සැකයක් තියනවා නම්.


පොරියාලන් කියන්නේ ඉංජිනේරුවා කියන තේරුමයි.සරවනන් කියන්නේ ඉංජිනේරුවෙක් ඔහු ගොඩනැගිලි හදන සමාගමක සේවය කරනවා. එතැන වෙන පොඩි ප්‍රශ්නයක් නිසා ඔහු රැකියාවෙන් අයින්වෙනවා.ඒ වෙන ප්‍රශ්නයත් ඔයාලා චිත්‍රපටිය බලද්දි දැනගනිවි. ඒ වගේ දෙවල් වලට සමහර විට ඔයාලත් ලක්වෙලා ඇති රැකියා කරන අයනම්. අවංක කෙනා බොස්ගෙන් බැනුම් අහනවා. හොරට වැඩ කරන කෙනා බොස් ගෙන් පැසසුම ලබනවා. කොහොම හරි මේ ප්‍රශ්නයක් නිසා සරවනන් රැකියාවෙන් අයින්වෙලා තමන්ම ඉදිකිරිම් ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩමක් හොයනවා.මේ ඉඩමක් හොයන එකෙන් සරවනන් රැවැටිල්ලටකට ලක්වෙනවා. ඔහුගේ අතේ තිබ්බ සේරම සල්ලි නැතිවෙනවා. සරවනන් සල්ලි පොලියට ගන්නෙත් ඒ පලාතේ ඉන්න මැරයෙක්ගෙන්. ඇත්තටම සමාජයේ කොයි තරම් රැවටිලිකාරයෝ ඉන්නවාද කියලා මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලට දැනගන්න ලැබේවි. ඇත්තටම මේ වගේ දේවල් වලට ඔයාටත් මුහුණ දෙන්න වේවි. ඒ නිසා තමයි මම කලිනුත් කිව්වේ මේ චිත්‍රපටිය නම් බලන්න වටිනවා කියලා.දෙයක් නැති උනාම අපි කොයි තරම් අනික් අය අතින් තවත් රැවටෙනවාද? නමුත් තමන්ගේ උත්සහාය තියෙනවා නම් ඒ හැම එකකින්ම ජයගන්න පුලුවන් කියලාත් ඔයාට මේ චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුලුවන්.තව මේ චිත්‍රපටියේ ආදරකතාවකුත් තියනවා. සරවනන්ට ගැණු ළමයෙක්ට හිත යනවා. ඒකත් තමන්ගේ හොදම යාළුවාගේ නංගිට. කොච්චර හොදට හිටියාත් සරවනන්ගේ යාළුවා එයාගේ නංගිට සරවනන් ආදරේ කරනවා කියලා දැනගත්තාම සරවනන් එක්ක අමනාප වෙනවා. තමන්ගේ හොදම යාළුවාගේ නංගි කෙනෙක්ට එහෙම ආදරේ කරලා තියනවා නම් ඉතින් එහෙම එවා වෙනවාද නැත්ද කියලා කට්ටිය දන්නවා ඇතිනේ. කොහොම හරි. මේ ප්‍රශ්නත් එක්ක සරවනන් තමන්ගේ කකුල් දෙකින් නැගිසිටින්නේ කොහොමද කියලා බලන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. කවුරුත් කිය දේ නොවෙයි තමන්ට හිතන දේ කරන්න හිතේ හයිය තියනවා නම් කවදාවත්ම වරදින එකක් නැති වේවි. ගිහින් එන්නම් තවත් ලස්සන චිත්‍රපටික් අරන්. 



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

සිංහල උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.