Shaitan (2011) සිංහල උපසිරැසි සමඟින්



වෙනස් මානයේ චිත්‍රපටි ප්‍රියකරන අපේ ඉංග්‍රිසි රසිකයන්ටනම් ඕන තරම් චිත්‍රපටි ලැබෙනවා. නමුත් හින්දි චිත්‍රපටි රසිකයන්ට එවැනි චිත්‍රපටි ලැබෙන්නේ අතලොස්සක්. එවැනි චිත්‍රපටිවලට ලැබෙන ප්‍රතිචාරත් සමහර විට අඩුවෙන්න පුලුවන් Sona Spa (2013),Prague (2013),David [2013],Inkaar [2013] වගේ චිත්‍රපටි ඒ අතර වෙනවා. මට මේ චිත්‍රපටිය උපසිරැසි ගන්වන්න ලැබෙන්නේ ෆෙස්බුක් එකේ අපේ සබ් බලන රසිකයෙක්ගේ මාර්ගයෙන් දැන් මාස කිහිපයකට ඉහතදි තමයි මට මේ චිත්‍රපටිය උපසිරැසි ගන්වන්න ලැබෙන්නේ හැබැයි භාෂාව ටිකක් හැසිරවිම අනික් හින්දි චිත්‍රපටිවගේ නෙමෙයි නිසා පොඩි කාලයක් ගත උනා. හින්දි සිනමාවේ වෙනසක් කල සුපිරි නළු නිලියන් කිහිපයක්ම මේ චිත්‍රපටියේ දක්නට ලැබෙනවා Kalki Koechlin වගේම Table No.21 චිත්‍රපටියේ රඟපෑ Rajeev Khandelwal Hate Story, Ram-Leela (2013) චිත්‍රපටියේ රඟපෑ Gulshan Devaiya ඒ වගේම හැමදාම චිත්‍රපටියක එපාම කරපු දුෂ්ට චරිතයක් කරන Rajkummar Rao වගේම තවත් නළු නිලියෝ රැසක් රංඟනයෙන් දායක වෙනවා. මේ කතාව ලිව්වේ වගේම අධ්‍යක්ෂනය කරන්නේ Bejoy Nambiar. කලින් මම කිව්වේ ඩේවිඩ් චිත්‍රපටියත් ඔහුගේ නිර්මාණයක්.. මේ චිත්‍රපටියට වියදම් කරපු මුදල රු මිලියන 110ක් හැබැයි ලොව වටා ප්‍රදර්ශනය කිරිමෙන් රුපියල් මිලියන 397ක් හොයන්න සමත් උනා... දැන් කතාව පැත්තට හැරෙමු..


ෂේතාන්...ඒ කියන්නේ යක්ෂයා...සාතන් කියලාත් යක්ෂයෙක්ගේ චරිතයක් තියනවා අහලා ඇතිනේ එතකොට මේ චිත්‍රපටියේ කියන යක්ෂයෝ කවුද? ඒ ගැන මම මෙහෙම කියන්නම්.... සල්ලි තියන තාත්තලාගේ පුත්තු දැකලා තියනවාද? රෑ ක්ලබ් ගානේ යන කිසි නිතියක් නැහැ තමන්ට හිතුන ඕන දේ කරනවා. මේ වගේ එක ලක්ෂ 300ක ව්‍යාපාර වල හිමිකාරයෙක් තමයි කේ.ඩි කියන්නේ. තමන්ට තාත්තාගෙන් ලැබෙන සල්ලි වලින් එයාගේ යාළුවෝ 3දෙනා එක්ක ඇති තරම් රස්තියාදු ගහනවා.මේ යාළුවෝ සෙට් එකේ එක නීතියක් තියනවා ඒ තමයි කිසිම නීතියක් නැති එක. මේ කන්ඩායමට අලුතින් එකතු වෙනවා කෙනෙක් ඒ එමී. එමී තමන්ගේ අම්මා නැති උන කාන්සියෙන් ටිකක් අවුලෙන් වගේ ඉන්නේ. ඒ අතර තමයි කේ.ඩිව මුණ ගැහෙන්නේ.කේ.ඩි තමන්ගේ යාළුවන්ට එමීව හදුන්වලා දිලා කට්ටියත් එක්කම පිස්සු නටන්න ගන්නවා.දවසක් මේ විදියට මත්ද්‍රව්‍ය අරන් පිස්සු නටන වෙලාවක කට්ටියම රෑට කන්න කියලා හිතලා නයිට් කඩේකින් හොදට කෑම කනවා. කොච්චර බිලා හිටියාත් මේ අයට තවත් බොන්න උවමනා වෙනවා. එත් මහා රෑ බාර් සේරම වහලා..ඉතින් මේ අය වැඩේ අතහරින්නේ නැහැ පැය 24ම විවෘත කරලා තියන ෆාමසි එකකට යනවා..ගිහින් කැස්සට බොන පැනි වර්ග කිහිපයක් හොරකම් කරනවා. ඒක කරන විදියත් බලන්නම වටිනවා. කොහොම හරි මේ අය මත්ගතියෙන් රෑ වාහනේ වේගයෙන් පදවගෙන එද්දි රිය අනතුරක් සිද්දවෙනවා. බයික් එකක ආපු දෙන්නෙක් වාහනේට හැප්පෙනවා. කොච්චර මත්වෙලා හිටියාත් කට්ටියගේම මත්ගතිය බැහැලා යනවා මේ වැඩෙන්. එයාලා වාහනෙන් එලියට බැහැලා බලද්දි දෙන්නෙක් ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා දකිනවා. මේ කට්ටියම බය වෙන පාර වාහනේ ආපහු හරවගෙන යනවා. මේ හරවද්දි අර ඇක්සිඩන්ට් වෙලා හිටපු කෙනෙක්ගේ ඇග උඩින් තමයි ආපහු වාහනේ හරවලා ගන්නේ....දැන් තමයි හොදම ටික පටන්ගන්නේ කොහොම හරි මේක අනතුරක් උනත් මිනිමැරුමක් නේ...මේ අය පැදෙව්වේ කහා පැහැති හමර් රථයක්. එවැනි රථ අතලොස්සයි තියෙන්නේ ඉතින් කවුරු හරි මේ රිය අනතුර දැක්කා නම් මේ වාහනේ හදුනගන්න ලේසියි...දැන් මේ කට්ටියට මොනා වෙයිද...එක වරදක් වහා ගන්න වැරැදි 100ක් කරන්න වෙයිද? ඒක ඔයාලා අරන්ම බල්නන.හොද ත්‍රිලර් ගනයේ චිත්‍රපටියක් කියලාත් කියන්න පුලුවන් ඒ වගේම බලන්න ටිකක් අමුතු චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ කැමරාව හැසිරවීම නම් නියමයි...කියලාම වැඩක් නැහැ. එහෙනම් මේ චිත්‍රපටිය බලන්නකෝ. ගිහින් එන්නම් තවත් චිත්‍රපටියක් අරන්..

මේ ලොකේ ඉන්න හැම මනුස්සයාගෙන්ම උඩින් පෙන හොද කෙනා වගේම හැමෝගෙම ඇගේ ඇතුලේ හැංගුන යක්ෂයෙකුත් ඉන්නවා...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.