Teenage Mutant Ninja Turtles (2014) සිංහල උපසිරැසි සමඟින්



කවුරුත් දෙනකන් බලාගෙන ඉඳපු චිත්‍රපටයක් අද දවසේ ඔයාලට තිළිණ කරන්න හදන්නෙ.. Teenage Mutant Ninja Turtles නැතිනම් ඉතින් කවුරුත් මේක දන්නෙ අපි රජ ඉබ්බො කියල කීවමනෙ.. අපි රජ ඉබ්බො කාටුන් එක ගොඩක් අය බලන්න ඇතිනෙ ඒකෙ මේ වසරෙ ආව නවතම චිත්‍රපටය තමයි මේ..මේක පූර්ව ප්‍රචාරක පටය මිලියන 31.6 වඩා බලල තියනව ඉතින් හිතාගත හැකිනෙ කට්ටියට ෆිල්ම් එක කොහොමද කියල.. ඒ වගේම මෙහි ආදායම ඇමරිකානු ඩොලර් 392,000,000 ක් ..

මෙය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ..මේකෙ කතාව දිවයන්නෙ මේ විදියට April O'Neil කියන වාර්තාකාරිය (අපි රජ ඉබ්බො එකේ නම් චූටි) වැඩ කරන්නෙ චැන්ල් 6 කියන නාලිකාව වෙනුවෙන් නිව්යෝක් නගරය කලබලයට පත්වෙලා තියනව Foot Clan කියල කල්ලියකින්. මෙයා ඉතින් වාර්තාකාරියක්නෙ දන්නවනෙ හැටි ඇය ප්‍රශ්න කරනව නැවු තටාකයේ වැඩ කරන කෙනෙක්ගෙන් රසායන ද්‍රව්‍ය නවුබඩු තොගයක් ගැන Foot Clan කට්ටියට සම්බන්ධ. පසු රාත්‍රියක Foot Clan කට්ටිය මේ නැවු බඩු තොගය බානව April O'Neil ට දකින්න ලැබෙනව.මැය උත්සාහ කරනව ඒක ඇයගෙ දුරකතනයෙන් පටිගත කරන්න ඒත් හදිස්සියෙම මෙම කල්ලියේ අය එක එක්කෙනා එකපාරට අතුරුදහන් වෙනව කවුරුහරි පහර දෙනව වගේ. ඇය ඇයේ සහයකයට සහ ලොක්කට කියනව සිදුවීම ඒත් එයාල ඇයගෙ කතාව විශ්වාස කරන්නෙ නෑ..

ඊට පස්සෙ මේ කල්ලිය උමං නැවතුම්පොලකට පහරදෙනව ඒකෙ ප්‍රාණ ඇපකාරයොත් තියාගෙන.. April O'Neil ඉක්මනට මෙතනට යනව එදා මෙම කල්ලියට පහරදීපු අයව සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් සහ ඇයට කලින් සිදු වුනු සිදුවීමට සාක්ෂි හොයාගන්න.ඇයට මෙම අවස්තාවේදි හතර දෙනෙක් දකින්න ලැබෙනව මෙම කල්ලිය පරාදකරාට පස්සෙ අතුරුදහන්වෙලා යන හතරදෙනෙක්.ඇය ඔවුන්ගෙ පස්සෙන් ගිහින් චායා රූපයක් අරගන්නව දන්නවනෙ වාර්තාකාරියන්ගෙ හැටි..Turtles Leonardo, Michelangelo, Donatello, සහ Raphael රජ ඉබ්බන් හතර දෙනා එහෙම නැතිනම් නින්ජ කැස්බෑවන් හතදෙනා ඇයව අදුරගෙන ඇයගෙ පින්තූර මකල දානව ඒ වගේම ඇයට අනතුරු අඟවනව එයාල ගැන අනාවරනය කරන්න එපා කියල..මැය කරන්නෙ එයාල ටිකගෙ නම් හොයාගෙන ඒවට සම්බන්ධ දේවල් හොයන්න ගන්න එක. දන්නෙම නැතුව මෙහෙම ගියොත් ඔක්කොම ටික කියාවිනේ කියපු දේවලුත් බලල හොඳට තේරුම්ගන්නයි නොකියපු හොඳම දේවල් ටික බලාගන්නයි උපසිරසිත් එක්ක මේක රසවිඳින්න....BR එනකන් බලාගෙන ඉන්න අයට ආව ගමන් යාවත්කාලීන කරනව උපසිරසි එම පිටපතට ගැලපෙන්න...ඒත් ඉතින් ඒක එන්න දෙසැම්බර්වත් වෙන පාටක් තියෙන්නෙ... අදහසක් දාලම යන්න එහමනම්..


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
625MB WEBRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවීදු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.