The Anomaly (2014) සිංහල උපසිරැසි සමඟින්




හැමෝටම ආයුබෝවන් කියලම පටන් ගන්නම්. ඔන්න ඉතිං මම තවත් උපසිරැසියක් ඉක්මනටම අරගෙන ආවා. මේකත් ඉංගිරිසී චිත්තරපටියක්ම තමා. සුපිරි ක්‍රියාදාම ඇතුලත් කොරලා තියෙන එකක්. මේ සිනමාපටය මුලින්ම රිදී තිරයට ගේන්නේ 2014 ජුලි මාසේ හතර වෙනිදයි. ඒ එංගලන්තයේදී. ආහ්.. තව දෙයක් චිත්‍රපටය ගැන ආයෙ කියන්න දෙකක් නෑ කිරි කිරි ටොපියක්. ඒකත් ඉතිං මේ අපෙන් විතරයි හොඳේ. ඒ කියන්නේ www.zoom.lk වෙබ් අඩවියෙන්ම විතරයි. මේ චිත්‍රපටය ගැන කිව්වේ අපේ තාරක (ධනුෂ්ක ලක්මාල්) සහෝදර මිත්‍රයා තමයි. ඉතිං ඊට පස්සේ මම මේක බාගෙන සබ දැම්මා. මේක විද්‍යා ප්‍රබන්ද ගණයටත් දාන්න පුළුවන් එකක්.

දැන් ඉතිං චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාන්නේ නොයෙල් ක්ලාර්ක් විසිනුයි. කතාව පටන් ගන්නකොටම පිරිමි ළමයෙක්ව පැහැර ගත්ත සීන් එකකින්. එතන ඉන්න රයන් කියන පුද්ගලයා මේ ළමයාව බේර ගන්න හදනවා. හැබැයි මේ ළමයව පැහැර ගන්නෙත් මේ රයන්ම තමයි. දැන් හැමෝම මේ මොන කුණුහරුපයක්ද කියලා බලනවා ඇති. ඒකට හේතුව තමයි මේ රයන් කියන කෙනාව පාලනය කරන්නේ තවත් දෙදෙනෙකු විසින් වීම. මෙයාට එක තැනක උපරිම ඉන්න පුළුවන් විනාඩි 10 යි. මේකත් හරියට අර අමීර් ඛාන්ගේ ගජිනි චිත්‍රපටියට ළගින් යන එකක්. හැබැයි ඊටත් වඩා කුතුහලයෙන් පිරිච්ච සුපිරිම මූවියක්. දැන් ඉතිං කතාව ගැන කිව්වා ඇති වගේ. කට්ටියට මම කියපු කතාව අහලා ටිකක් මොංගල් වෙලත් ඇති. මොන හරුපයක්ද මේ කියෙව්වෙ කියලා. ඒක නිසා චිත්‍රපටය බලලා තේරුම් ගන්න. එහෙනම් අපි බලමු ඇලෙක් පොඩි ලමයාව බේර ගනීද, මොකක්ද ඇත්තටම ඇලෙක්ස්ට වුනේ කියලා.

අපේ කාලය කැප කරලා සබ් දාන නිසා ඔයාට හිතෙනවා නම් ‘මේකා මහ පිස්සෙක්. සබ් දානවා ඇරෙන්න වෙන වැඩ නැද්ද‘ කියලා. අනේ ඒක හරි කමෙන්ට් කරලා යන්න. ඔය වගේ සුන්දර බැනුම් අහන්න මම ගොඩක් ආසයි. එහෙනම් මම ගියා හැමෝටම සුබ දවසක්!.





සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
575MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.