Begin Again (2014) සිංහල උපසි‍රැසි සමඟ


කොහොමද යාලුවනේ ඔන්න ටික දවසකට පස්සේ උපසිරැසියක් උස්සගෙන මන් ආයෙත් ආවා,HEDZ අයියගේ ඉල්ලීමකට අනුව තමයි මේ ලස්සන චිත්‍රපටය උපසිරැසි ගන්වන්න තීරණය කලේ මේක කරන්න භාරගෙන නම් සති දෙකක් විතර වෙනවා ඒ උනාට එක එක හෙනහුරන් කඩා පාත් වෙච්ච හින්දා අද තමයි දෙන්න උනේ ඔන්න,ජනප්‍රිය නළු නිලියන් ගොඩකින් මේ චිත්‍රපටිය හැඩවෙනවා... හැමෝම දන්නවා ඇතිනේ Pirates of the Caribbean වගේම Anna Karenina වැනි චිත්‍රපටිවල රඟපාපු සුන්දර නිළිය Keira Knightley වගේම Avengers චිත්‍රපටියේ හල්ක් ගේ චරිතය නිරුපණය කල වගේම Now You See Me (2013),Zodiac වැනි චිත්‍රපටිවල රඟපෑ Mark Ruffalo. ඔයාලාට මතක ඇති Ender's Game (2013), 3 Days to Kill (2014) වැනි චිත්‍රපටිවල දඟකාර චරිත නිරුපණය Hailee Steinfeldත් මේ චිත්‍රපටියේ රංඟනයෙන් දායක වෙනවා.හරි එහෙනම් චිත්‍රපටය දිහාවට හැරෙමු.

2013 කියලා තිබුනත් 2014 ජුලි 11 වෙනිදා නිකුත් උන මේ සලරුවට 7.5 වගේ සාධාරණ IMDB අගයක් ලැබිලා තියෙනවා,විනාඩි 104 පුරා දිවෙන මේ සලරුව අයත් වෙන්නේ DRAMA,COMEDY,MUSIC කියන ගණයට,චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් නිව්යෝර්ක් නගර කේන්ද්‍ර කරගනිමින් තමයි කතාව දිගැරෙන්නේ පෙර ඉතාමත් හොඳ ජනප්‍රිය ගීත නිෂ්පාදකයෙක් වෙලා ඉඳලා තමන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නිසා වර්තමානයේ ඉතාමත් අසාර්තකත්වයට පත් වෙලා ඉන්න මිනිසෙක් (කොච්චර අසාර්ථක වෙලාද කියනවා නම් මිනිහා මැරෙන්න හිටන් යනවා) තම පෙම්වතාගෙන් වෙන්වීමේ දුකෙන් සිටින ගීත රචකාවියක් සහ ගායිකාවියක් වන තරුණියක්, තම දෙමව්පියන්ගේ විරසක වීම නිසා මානසික ප්‍රශ්න වලට මුහුණ දී ඇති තරුණියක්, වටා ගෙතිලා තියෙන මේ චිත්‍රපටය ඒකාකාරී ච්ත්‍රපට අතරේ වෙනස්ම චිත්‍රපටයක් කියන්න පුළුවන්,ලස්සන ගීත රාශියකුත් තියෙනවා.drama ගනයේ කතා බලන්න කැමති නැත්නම් සංගීතයට ආදරේ කරන අයට නම් එලටම සෙට් වෙන කතාවක්,අවසානය දක්වාම හිනා වේවි සැහැල්ලුවෙන් බලන්න පුළුවන් අරගෙනම බලන්නකෝ මෙයාලට මොකද වෙන්නේ කියලා,එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මණින්ම මුණගැහෙමු,




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.