Burma (2014) සිංහල උපසිරැසි සමඟින්



තවත් 2014 නිකුත් උන දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේ චිත්‍රපටියේ ධාවන කාලය ඉංග්‍රිසි සමාන්‍ය චිත්‍රපටියක වගේම තමයි පැය 1යි විනාඩි 30ක පමණ ධාවන කාලයක් තියෙන්නේ. කතා තේමාව වෙන්නේ වාහන හොරකම් කරන කල්ලියක් වටා තමයි.බාමා හා බූමර් කියන අය කාර් හොරකම් කරලා කල්ලි නායකයෙක් වෙන ගුනාට ගෙනත් දෙනවා. ගුනා ඒ වාහන වලට සොච්චම් මුදලක් දිලා මිලදි ගන්නවා.හැමදාම මෙහෙම වාහන උස්සලා දිලා වෙන කෙනෙක්ට කඩේ යන එක වැඩක් නැ කියලා දැනගත්තා බාමා හා බූමර් තමන්ගේ ලොක්කාට ගේමක් දෙනවා. ඒ තමයි ලොක්කව වාහන හොරකමකට පටලවලා හිරේ යවනවා.ඊට පස්සේ බාමා හා බුමර් දෙන්නා එකතු වෙලා වාහන බිස්නස් එකට බහිනවා.මොවුන් ලොකු සල්ලිකාරයෝ ටිකක් බවට පත්වෙනවා. ටික කාලේකින් ගුනා ඒ කියන්නේ බාමා හා බුමර් හිරේ යවපු තමන්ගේ ලොක්කා නිදහස් වෙලා එනවා. ඒ වෙද්දි ඔහු දන්නවා තමන්ට මේ ගේම් එක දුන්නේ තමන්ට වැඩ කරපු ඒ දෙන්නා කියලා. මෙතැනින් එහාට මොනා වෙයිද? ඒක ඉතින් චිත්‍රපටිය අරගෙන බැලුවොත් දැනගන්න පුලුවන් වේවි. චිත්‍රපටියේ අන්තිමට නම් යද්දි බොලිවුඩ් හා කොලිවුඩ් සිනමාවේ දැන් ඉන්න නළු නිළියෝ පාවිච්චි කරන වාහන ගැනත් විස්තරයක් යනවා. එකත් බලන්නකෝ අමතක නොකර.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.