Ouija (2014) සිංහල උපසි‍රැසි සමඟ



ඔන්න ඉතිං වැඩිකල් යන්න කලින් Universal Pictures ආයතනයෙන් බෙදා හරින තවත් හොල්මන් චිත්‍රපටයක් අරගෙන තමයි මේ ආවේ. මේ කතාවෙ එන සිද්ධි අපේ කොල්ලො කෙල්ලන්ට ටිකක් හුරු පුරුදු වෙයි. මතකද කාලයක් අපි පාසල් යන කාලේ කාසියක් තියාගෙන හොල්මන් එක්ක කතාකරා. එහෙම සෙල්ලමක් මතතක ඇති. කාසිය අල්ලගෙන ඉන්නකොට හොල්මන විසින් කාසිය විවිධ තැන් වලට අරගෙන යනවා. ඊට පස්සෙ මැරෙන්නත් වෙනවා කියලා. ඒවා මතක නම් මේ කතාව ඔයාලාට හොඳට හුරු පුරුදු වේවි. ඉතිං මේ බෝඩ් එකක් සමඟ හොල්මන් එක්ක කතාකරීමේ ට්‍රෙන්ඩ් එක එන්නේ July 1, 1890 යේ Elijah Bond නම් ව්‍යාපාරිකයා විසින් නිපද වූ වෙළඳ දැන්වීමක්නි. පරණ විස්තර අනුව ඕජා නමින් හඳුන් වන මේ බෝඩ් කැබැල්ලට කතාකරන ඵලකය හා අමනුෂ්‍ය ඵලකය නමිනුත් හඳුන්වනවා. ඉතිං කතාව ඇත්ත හෝ බොරු වේවා ටිකක් ඈත අතීතයේ කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි මේ චිත්‍රපටයට තේමා කරගෙන තිබෙන්නේ.

චිත්‍රපටයේ කතා ඝර්භය ගැන කතාකලොත් මේ ඕජා නැමති බෝඩ් එකෙන් අමනුෂ්‍යා හා මිනිසා අතර සබඳ තාවයක් ගොඩ නඟනවා. භාවිතා කරන ඕනෑම අයෙක් තවත් කෙනෙකුට එම ඵලකය හඳුන්වන්නේ කිසිම දිනක තනියම සෙල්ලම් නොකරන ලෙසයි. එමෙන්ම සොහොනක් ළඟ එය විවෘත කලහොත් අමනුෂ්‍යා නැගිට ශක්තිමත් වන බවත් කියනවා. ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක ඔවුන් කුඩා කාලයේ මේ ඵලකය ඔවුන්ට ලැබෙනවා, ඉතිං ඔවුන් කිසිම දෙයක් නොදැන බොරුවට එයත් සමඟ සෙල්ලම් කරනවා. පසුව කාලය ගතවෙනකොට ඔවුන් ලොකු වෙනවා. ඵලකය ගැන තිබුන මතකයත් අමතක වෙලා. හැබැයි දෙදෙනාගෙන් එක් අයෙකු නැවතත් ඵලකය විවෘත කරනවා. ඒ ඇය සිටින නිවස තුලයි. පැරණි කතාවලට අනුව එය විවෘත කලත් සොහොනක් තුල විවෘත කලහොත් සිද්ධිය ඉතාමත් දරුණු අතට හැරෙනවලු. ඇත්තටම සිද්ධිය දරුණු අතට හැරෙනවා. ඇය මියැදෙනවා. ඉතිං අපි බලමු මේ පැටලැවිලි සහගත කතාවේ මුල මැද අග කුමක්ද කියා.

මුලින්ම කියන්න ඕන රඟපාන නිළියො ටික නම් හරිම ලස්සනයි. එක නිළියක් නම් හොල්මන මොනා හරි කරොත් ඌට ගෙමක් දෙන මට්ටමේ මම හිටියෙ අම්මපා. හලිම ලත්තනයි. ඒත් එයා ප්‍රධාන නිළියනේ. ඒක නිසා ඩිරෙක්ටර් මාමා එයාව නම් මැරුවෙ නෑ. ඉතිං ඒ ලත්තන නිළිය තමයි Olivia Cooke. ඇය අපි දීපු The Signal (2014) චිත්‍රපටයේ හා Bates Motel (2013) සීරියස් එකේ ප්‍රධාන නිළියයි. එහෙන්ම තවත් සුරූපී නිළියක් වන Ana Coto ද චිත්‍රපටයේ රංගනයෙන් බොහෝ දුරට දායක වී තිබෙනවා. ප්‍රධාන නළුවන් අතරෙන් Daren Kagasoff ටිකක් ඉදිරියෙන් සිටිනවා. ඉතිං චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stiles White විසින්. මෙය ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණ වන චිත්‍රපටයයි. ඒත් තවත් බොහෝ චිත්‍රපට වලට විවිධ අංශ වලින් දායක වෙලා තිබෙනවා. ඉතිං මං හිතන්නේ දැනට කතාව ඇති. එහෙනම් මේ අපූරු චිත්‍රපටය නරඹලා බය වෙන්නකෝ. හැමෝටම සුබ දවසක්!

තව දෙයක් තියෙනවා කියන්න. මේ දීලා තියෙන කොපිය HDRip එකක්. ඒක ඉතාමත් ගුණාත්මක බවින් ඉහලයි. ඒත් කොපියේ චීන උපසිරැසි වගයක් යනවා. හැබැයි චිත්‍රපටය බලන කෙනාට අපහසු තාවයක් ඇතිවෙන්නෙ නෑ. ඔයාගේ ප්ලෙයරයෙන් අපේ සබ් එක උස් පහත් කරලා ගානට හදාගෙන බලන්න. හොඳ කොපියක් ආපු ගමන් යාවත් කාලීන කරනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
570MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.