Artificial Intelligence (2001) සිංහල උපසිරැසි සමඟ



ටික කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයකට උපසිරැසියක් දාන්න අවස්ථාවක් ලැබුණා. මේක 2001 දි තිරගතවූ චිත්‍රපටයක්. මේකේ IMDB අගය 7.1ක් වෙනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ස්ටීවන් ස්පිල්බර්ග් කියන සුපිරි අධ්‍යක්ෂකවරයා. ඒවගේම මේක Brian Aldiss කියන රචකයාගෙ "Supertoys Last All Summer Long" කියන කෙටිකතාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේක අයිති වෙන්නේ Adventure | Drama | Sci-Fi කියන වර්ගයට.

ඉතිං චිත්‍රපටය ගැන ටිකක් කියනවානම් අනාගතයේදී ලෝකයේ විශාල ප්‍රදේශයක් ජලයෙන් යටවෙනා. ඒකට හේතුව වෙන්නේ අයිස්කදු දියවීම. ඉතිරි සීමිත බිම් ප්‍රදේශවල මිනිසුන් ජීවත් වෙනවා නමුත් ඉඩකඩ සීමිත නිසා විවිධ සීමා පවතිනවා. මේ කාලය වනවිට රොබෝ තාක්ෂණය ඉතාමත් දියුණු අවධියකට පත්වෙලා තියෙන්නෙ. ඒසේ නිර්මාණය වූ රොබෝ ළමයෙකු වටා ගෙතෙන කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ. මේ රොබෝ අනිත් රොබෝවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු සාමාන්‍ය ළමයෙකු ලෙසින් ක්‍රියා කිරීම නිසා ඔහුට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. ඔහු ගිය වීර චාරිකාවට එහෙනම් අපිත් එකතුවෙමු නේද?



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුෂාර පුෂ්පකුමාර සහ ලහිරු ප්‍රභාත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.