Damaal Dumeel (2014) සිංහල උපසි‍රැසි සමඟ

ඔන්න ඉතින් අපි සුපුරුදු විදියට තවත් දමිළ උපසිරැසියක් අරගෙන ආවා, ගොඩක් දෙනෙක් දෙමල ෆිල්ම් බලනකොට චිත්‍රපටිය හොද ඇති කියලා බලන්නෙ ඒකෙ ඉන්න නළු නිලියො දිහා බලලා, ජනප්‍රිය නළු නිලියො නැත්නම් චිත්‍රපටිය හොද නැති එකක් කියලා හිතන්නෙ, හැබැයි ජනප්‍රිය නළු නිලියො නැතත් උපරිම රසවින්දනයක් ගන්න පුලුවන් දමිළ චිත්‍රපටි ඕනෙ තරම් තියෙනවා, මේකත් ඒ වගේ චිත්‍රපටයක්, චිත්‍රපටයේ විස්තර කියනවානම් මෙය තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ 2014 අප්‍රේල් මාසෙ 18 වෙනිදා, පිටපත අධ්‍යක්ශණය කියන දෙක සිදු කරලා තියෙන්නෙ ශ්‍රී විසින්, මෙහි රංගනය වෙනුවෙන් nee enge en anbe, makatha වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Vaibhav Reddy, වගේම Srinivasa Rao Kota, Ramya Nambeeshan, Charlie, Sayaji Shinde. වගේ නළු නිලියන් රැසක් දායක වෙලා තියෙනවා, චිත්‍රපටයේ කතාව ගැන පොඩ්ඩක් මතක කරනවානම්,


මනී කියන්නෙ ඉහල වැටුපක් ලබන IT සමාගමක විධායක මට්ටමෙ රැකියාවක් කරන කෙනෙක්, මෙයාට සමාගමෙන් හැම පහසුකමක්ම දීලා තියෙන්නෙ ඒවගේම හොද සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කාමරයකුත් ලබාදීලා තියෙනවා, මෙයාගෙ ජිවිතේ හැම දෙයක්ම හැම අතින්ම පරිපූර්ණ වෙලා තියෙන්නෙ, මෙයාගෙ නංගිගෙ විවාහයත් මෙයාගෙ වියදමින් ඉහලම විදියට කරන්න සැලසුම් කරගෙන ඉන්නවා, ඒවගේම මෙයාගෙ පෙම්වතිය වන මීරාගෙ ගෙදරටත් යෝජනා කරන්න ඉන්නෙ, හැබැයි මෙයාගෙ මේ සැලසුම් හැම දෙයක්ම විනාශ කරගෙන මනීගෙ රස්සාව නැති වෙනවා, මෙයා ගතකලේ සුඛෝපභෝගී ජීවිතයක් නිසා එදිනෙදා වියදමටත් සෑහෙන්න මුදලක් ඕනෙ වෙනවා, ඒක නිසා මෙයාට ලොකු මුදල් ප්‍රශ්ණයක් ඇති වෙනවා, මේ අතරෙ ජාවාරම් කාරයො දෙන්නෙක් ඉන්නවා ඉලවරසු සහ කාමාච්චි කියලා, මේ දෙන්නගෙන් කාමාච්චි අත්තඩංගුවට පත් වෙනවා කල් ඉකුත් වුන බෙහෙත් ජාවාරමක් වෙනුවෙන්, මේ කාමාච්චිව අත්තඩංගුවෙන් නිදහස් කරන්න පොලිසියට පගාව විදියට කෝටි පහක සල්ලි ඉලවරසු කාමාච්චිගෙ අය ලඟට අරගෙන යනවා, හැබැයි ඒත් ඒ කෝටි පහක සල්ලි ලැබෙන්නෙ මනීට, සල්ලි හිඟයක් තිබ්බ වෙලාවක මනීට මේක නිදානයක් ලැබුනා වගේ, ඉතින් මනී මේ ගැන ගොඩක් සතුටු වෙනවා, ඒවගේම මනී අතින් අහඹු විදියට දෙන්නෙක්ට මැරෙන්නත් වෙනවා, ඉතින් කවුද මේ මැරෙන අය? ඇයි මනී අතින් මේ අය මැරෙන්නෙ? මනීට මේ සල්ලි ලැබෙන්නෙ කොහොමද? මනීගෙ මොනවද මුහූන දෙන්න වෙන ප්‍රශ්ණ? කාමාච්චි ඉලවරසු මේ සල්ලි ගැන මොකද කියන්නෙ කියන ප්‍රශ්ණ වලට උත්තර මේ චිත්‍රපටය නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්,. අමතක කරන්න එපා, මේක ත්‍රිලර් චිත්‍රපටයක් කියන එක, අපි දිගටම මේ වගේ දමිළ චිත්‍රපට රැසක් ඔයාලා වෙනුවෙන් සූදනම් කරලා තියෙනවා, ඔයාලා කැමති චිත්‍රපට එහෙමත් තියෙනවානම් කමෙන්ට් එකක් දාලා යන්න, එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු, රැදී සිටින්න දමිළ චිත්‍රපට සිංහල උපසිරැසි කළාවේ ප්‍රමුඛයා zoom.lk සමඟ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.