Naaigal Jaakirathai (2014) සිංහල උපසි‍රැසි සමඟ

දවස් දෙක තුනකට පස්සෙ තව දමිළ උපසිරැසියක් අරගෙන ආවා, මේකෙ හොද කොපියක් නිකුත් වෙලා තාම වැඩි දවසක් නෑ, චිත්‍රපටයේ නම තමයි naaigal jaakirathai මේකෙ නමේ තේරුම තමා "විමසිලිමත් සුනඛයා" කියන එක. නම දිහා බැලුවම චිත්‍රපටය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි, චිත්‍රපටයේ ගැන බලනවනම් මෙය තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2014 නොවැම්බර් 21 වෙනිදා, අධ්‍යක්ශණය සහ තිර රචනය යන දෙකම සිදු කරලා තියෙන්නේ Shakti Soundar Rajan විසින්, මෙහි රංගනය වෙනුවෙන් Sibiraj, Arundhathi වගේ නළු නිළියන් රැසක් දායක වෙලා තියෙනවා, මේ Sibiraj ඔයාලට එච්චර නුහුරු මුහුණක් වුනත් මෙයා දමිල ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ඒවගේම sibiraj කියන්නෙ chennai express, Raja Rani වගේ චිත්‍රපටවල රංගනයෙන දායක වුන ජනප්‍රිය සිනමා නළු Sathyaraj ගේ පුත්‍රයා. මිනිත්තු 114ක් පුරා දිව යන මෙය ආදායම් වාර්ථා තබමින් තිරගත වූ සිනමා නිර්මාණයක්, කතාව පැත්තට හැරෙනවානම්, කාශ්මීර් වල සේවය කරන පොලිස් නිළධාරියත් එක්ක පොලිස් නිළ සුනඛයෙක් ඉන්නවා, ඒ සුනඛයාව බලාගන්නෙ මේ පොලිස් නිළධාරියා විසින්, එක දවසකදි මේ නාදුනන දෙන්නෙක් ඇවිත් මේ පොලිස් නිළධාරියාව ඝාතනය කරනවා, පොලිසිය දවස් තුනකට පස්සෙ එයාගෙ මිනිය හොයාගන්නකම් මේ සුනඛයා එයාගෙ හාම්පුතා ලඟින් හෙල්ලෙන්නෙවත් නෑ. මේ අතරේ කාර්තික් (Sibiraj) කියන්නෙත් චෙන්නයි වල ජීවත් වෙන තරුණ පොලිස් නිළධාරියෙක්, මෙයා දවසක අපරාධයක් නවත්වන්න ගිය වෙලාවක, ප්‍රතිවාදී කල්ලියේ වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා තුවාල ලබනවා, ඒ ප්‍රතිවාදී කල්ලියේ විශේෂත්වය තමයි ඒ හැම කෙනෙක්ම මුහුණ ආවරණය කරගෙන ඉන්න එක, මේ ප්‍රහාරයෙන් ඒ කල්ලියෙ කෙනෙකුත් මිය යනවා, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවට පස්සෙ කාර්තික් ගෙදර විවේක ගන්න අතරේ මෙයාට අහම්බෙන් සුනඛයෙක්ව මුනගැහෙනවා ඒ තමයි අර කලින් ඝාතනය වුන පොලිස් නිළධාරියා ලඟ හිටපු සූනඛයා, ඉතින් මේ දෙන්නා ටික කාලයක් යනකොට හොදම යාලුවො බවට පත් වෙනවා, හැබැයි කාර්තික් එක්ක කලින් ගැටුමක් ඇතිකරගත්ත කල්ලිය කාර්තික් පස්සෙන් එන එක නතර කරන්නෙ නෑ, මේ කාර්තික්ට මේ කල්ලියට මුහුණ දෙන්න සිදුවෙන ලොකුම අභියෝගය තමයි ඒ කල්ලියේ හැම කෙනෙක්ම වෙස් මූනක් පැළදගෙන සිටිම. කාර්තික් තමන්ගෙ හුරතල් සුනඛයා එක්ක මේ කල්ලිය කොටු කරගන්න පුලුවන් වෙයිද කියන කියන කුතුහලයත් එක්ක මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්, දමිළ සිනමාවෙ දකින්න ලැබෙන අතින් පයින් කරන අතාත්වික සටන් වලට වෙනුවට, වෙඩි හුවමාරු වගේ සටන් ජවනිකා මේ චිත්‍රපටය තුල අන්තර්ගත වෙලා තියෙනවා, ක්‍රියාදාම,. කුතුහලය වගේම හොදට හිනාවෙවී කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් විදියට මේක හදුන්වන්න පුලුවන්, ලැජ්ජාවක් නැතුව සුනඛ වැඩ කරන ඔය සමහරක්ට වඩා සුන‍ඛයන්ගෙ හිත් වල කොච්චර මිනිස්කම් තියෙනවද කියලා මේ චිත්‍රපටය නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, තවත් උපසිරැසි කීපයකින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.